ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ජයා වික්‍රමසුරේන්ද්‍ර දැයෙන් සමුගනී

මාතර දිස්ත්‍රික්කයේ ජෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ජයා වික්‍රමසුරේන්ද්‍ර මහතා අද (08) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.දශක ගණනාවක් තිස්සේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සිය මාධ්‍ය මෙහෙවරේ නියැලුුණු ඒ මහතා කාගේත් හොඳ හිත දිනාගත් මාධ්‍යවේදියෙකි.

ගුවන් විදුලි, රූපවාහිනී හා මුද්‍රිත මාධ්‍ය ගණනාවක් නියෝජනය කරමින් ප්‍රවෘත්ති සැපයූ ජයා වික්‍රමසුරේන්ද්‍ර මහතා සිය දිවියේ වසර 73 ක කාලයෙන් වැඩිම කාලයක් සිය වෘත්තීය වෙනුවෙන් කැපවූවෙකි.

එසේම මාතර මාධ්‍ය මෙහෙවරක නියැළෙන, මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේ විධායක සභික පංකජ සංකල්ප මහතාගේ ආදරණීය පියාණන්ය.

අවසන් කටයුතු එළඹෙන සිකුරාදා දින සිදුකිරීමට නියමිත බව පවුලේ ප්‍රකාශකයෙකු සදහන් කොට සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *