කල්කටා අන්තර්ජාතික සිනමා උළලේ, හොඳම සහය නළුවාට හිමි සම්මානය ජැක්සන් ඇන්තනී ට…

කල්කටා අන්තර්ජාතික සිනමා උළලේදි (Calcutta International Film Festival) ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂම භාග සිනමා කෘතියේ සාම්ප‍්‍රදායික ගණිත ගුරුවරයාගේ භූමිකාව රඟ පෑ,  ජැක්සන් ඇන්තනී හොඳම සහය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.  ජැක්සන් ඇන්තනී නියෝජනය කරමින්  Dr නියෝමාල් පෙරේරා විසින් සම්මානය ලබාගත් බව වාර්තා වෙනවා…

“විෂම භාග” සිනමා කෘතිය පසුගිය දෙසැම්බර් මස සිට ලාංකේය සිනමා පේ‍්‍රක්ෂකයින්ට නරඹන්නට අවස්ථාව ලැබුනු අතර බොහෝ පේ‍්‍රක්ෂයිගේ ගෞරවාදරයට පාත‍්‍ර වු සිනමා පටයකි.  මෙම අපූරු සිනමා කෘතිය නැරඹීමට  තවමත් බලා සිටින පේ‍්‍රක්ෂකයින් සිටිය දීම, අහේතුක හේතු මැද  සිනමා ශාලාවලින් ගලවා දැමුවද, සැබැ සිනමා රසිකයින්ගේ මතකයෙන් “විෂම භාග” සිනමා කෘතිය ගලවා දැමීම ලේසි පහසු කටයුත්තක් නොවෙනු ඇත. මෙවැනි සම්මාන හමුවේ සිනමා රසිකයින්ගේ මතකය යලි යලිත් අවදිවනු ඇත.
ජැක්සන් ඇන්තනී කලාකරුවානණි  ඔබට උණුසුම් සුබ පැතුම් ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *