කූඹි කැලේ ඉදිවූ ඩී.එස්. සේනානායක විදුපියස 53 වන උපන් දිනය සමරයි

ලාංකේය අධ්‍යාපන රටාවේ මූල බීජය වපුරන ස්ථානය වන්නේ පාසලයි. ශ්‍රී ලංකාවට පාසල් අධ්‍යාපනය හදුන්වාදෙන කාලය වකවානුවෙහි ඉදිවූ මූලික පාසල් පද්ධතියෙන් පසුව එයින් දැන උගත් හා ගුරු භවතුන්ගේ ආශිර්වාදයෙන් රට පුරා නව පාසල් පද්ධතියක් නිර්මාණය වීමට පටන් ගත්තේය. මේ අතරින් බොහෝ පාසල් ඉදිවීමට සදහා මූලිකත්වය ගෙන කටයුතු කළ පිරිස් දැකිය හැකිවේ . මේ නිසාම ඔවුන්ගේ නාමයන් එම පාසල හා ජීවමාන වන අතර පසුකාලීනව එකී පාසල වෙත පැමිණෙන දරුවන් මෙන්ම ගුරු භවතුන්ද අදාළ පාසලෙහි ගෞරවය ආරක්ෂා කිරීම සදහා නොපසු බවට ක්‍රියාකාරී වීම සුලබ කරුණකි.

මේ නිසාම අදාළ පාසලේ දරුවන්ට අධ්‍යාපනය හා විෂය සමගාමී මෙන්ම පරිබාහිර ක්‍රියාකාරීත්වයන් මගින් දැයට දැනුමැති ඵලයන් බිහි කිරීමට හැකියාව ලැබේ. එබැවින් පාසලක් යනු උත්තුංග මිනිසෙකු බිහි වන හා දැය දැනුමෙන් පෝෂණය කරන ස්ථානයන් වීම අනිවාර්යයකි. මෙකී මූල ධාතූන්ට අනුගතව ක්‍රමයෙන් ලොව පුරා චිරප්‍රසිද්ධ වූ පාසලක 53 වන සංවත්සරය අභිමානයෙන් සැමරීම සනිටුහන් කරන අතරම එම විද්‍යාලය කොළඹ ප්‍රධාන පෙලේ පාසලක් වන ඩි.එස්. සේනානායක විදුහලයි.. පහත දැක්වෙන්නේ එකී අභිමානය සම්බන්ධ සටහනකි.

දිවයිනේ කීර්මත් නාමයක් දිනා ගත් අප ඩී. එස්. මාතාව 1967. 02. 10 දින සිට පනස් තුන් වසරක අනගි සමාජ මෙහෙවරක් ඉටු කර ඇත. ආර්. අයි. ටී. අලස් මුල් ගුරු පියාණන් විසින් සුසැදි මග ඩී. එස්. රන් පුතුන් නොමගට යාම වළකා ඇත. නිරතුරුවම ආත්මාර්යෙතන් බැහැරව පරාර්ථයට කැප වූ ඩී. එස්. රන් පුතුන් එදා මෙදා තුර විනය අතින් පළමු තැන සිටිමින් “තමාට පෙර රට” ආදර්ශ පාඨයට අනුගතව රටට කර ඇති උදාර මෙහෙය වෙසෙසින් ඇගයිය යුතුය. දැයට කිරුළක් වූ මග ඩී. එස්. රන් පුතුන් සදහා එම මගපෙන්වීම කළ මුල් ගුරු පියාණන්ගේ සිට මේ දක්වා වූ ඇදුරු මඩුල්ල සිදුකළ මෙහෙවර අනුපමේය වේ. උචිත පරිදි නව වෙනස් වීම්වලට අනුගතව පාසලේ සම්ප්‍රදායන් හා ප්‍රතිපත්ති සුරකිමින් අප පාසල සුවිශේෂී කාර්යභාරයන් රැසක් ඉටු කර ඇත.

අප පාසලේ ප්‍රතිපත්ති තුළ ප්‍රධාන වශයෙන් කාලීන වටිනාකමක් ඇති ජාතික ආගමික සංහිදියාවට හැම විටම මුල් තැන දී කටයුතු කරමින් ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන විවිධ ජාතීන් සියලු දෙනාම එකම පාසල් භූමියක් තුළින් විවිධත්වය තුළින් එකාවන්ව කටයුතු කර මනා ආදරයක් ලබා දී ඇත. තව ද බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආදි විවිධ ආගමික ස්ථාන සියල්ල එකම භූමියක ස්ථානගත කර ඇති එකම පාසල ද අප පාසල වේ. ගුරු, සිසු, දෙමාපිය, ආදි ගුරු, ආදිශිෂ්‍යන් හා සුබපතන්නන් ඇතුළු සියලු දෙනාම එකම පවුලක් මෙන් පවුල් සංකල්පය පාසල තුළ ස්ථාපිත කර ඇත. පාසල තුළ සිටින දරුවන් සඳහා ආදරය හා සතුට බෙදා දී ඇත.

පොලිතින් වලින් විනිර්මුක්ත කලාපයක් ලෙස පාසල් භූමිය නම් කර පොලිතින් භාවිතය අවම කිරීමට සහ ඝණ අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර තුළින් 3R සංකල්පය පාසල තුළ දියත් කිරීම මගින් ඩෙංගු අවධානම දුරුකිරීම හා පරිසර හිතකාමීත්වය සිසුන් තුළ ජනිත කිරීමට අපේක්ෂිතය.

පරිසරයට ආදරය කරමින් පරිසර හිතකාමීව තිරසර සංවර්ධනයක් උදෙසා දරුවන් යොමුකිරීමට පදනම දමමින් ප්‍රාථමික අංශ තුළ තුරු වදුලු සංකල්පය ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ප්‍රාථමික අංශය තුළ විශේෂ පීඨිකාවක් සකස් කර තුරු සෙවනවල් යට විශේෂ ක්‍රියාකාරකම් රැසක් දරුවන් සඳහා සිදු කරනු ලැබේ. ඒ තුළින් දරුවන්ගේ හසුරු කුසලතා සංවර්නධය, නායකත්ව හැකියා වර්ධනය, සාමුහිකව කටයුතු කිරීම ආදී අත්දැකීම් රැසක් ද දරුවන්ට ලබා ගැනීමට හැකි වී ඇත.

තාක්ෂණය අවභාවිතය අවම කරමින් තාක්ෂණික යහභාවිතය සඳහා සුහුරු පන්ති කාමර සංකල්පය පාසල් සංස්කෘතිය තුළ දියත් කරමින් Smart Class Room 200ක් සඳහා නිම කිරීමේ වැඩ සටහන් ඉදිරියේදී නිම කිරීමට අපේක්ෂිතය.
සිසුන් තුළ පුර්ණ විෂය මාලා අත්දැකීම් පුර්ණ ලෙස හා සමබර ලෙස ලබා දීමට අවශ්‍ය පරිදි විධිමත් විෂය මාලාව ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා 1 සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ද 6 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය ද ඇතුළත්ව ක්‍රියාත්මක වේ. උසස් පෙළ විද්‍යා, ගණිත, වානිජ්‍ය, කලා, තාක්ෂණ හා පොදු විෂය මාලා යන සියලුම විෂය ධාරාවන් පාසල තුළ ක්‍රියාත්මක වේ. ඒ අනුව ජාතික විභාග වලින් ඉතා ඉහළ ජයග්‍රහණ හා සාධනීය අත්පත් කර ගැනීම් රැසක් දරුවන් අත් කර ගැනීමට හැකි වී ඇත. ඒ සඳහා ශක්තියක් විය හැකි පරිදි පාසල ආරම්භයට පෙර හා පසුව, සති අන්ත හා නිවාඩු කාලවල විශේෂ ඉගැන්වීම් උපකාරක සේවා, ධනාත්මක චින්තන වැඩසටහන්, දේශන වැඩමුළු, දෙමාපිය කව ආදී ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වේ.

ඉහළ සාධන සහිත සිසුන් ඇගයීම පමණක් නොව අඩු සාධන සහිත එහෙත් ඊළඟ වාරයේ දී ලකුණු වැඩි කර ගන්නා උනන්දු සිසුන් ඇගයීමේ වැඩ පිළිවෙලක් ලෙස දක්ෂයන් සමඟම වේදිකාවට නංවා ඇගයීමක් සිදු කෙරේ. 9A ලබා ගන්නා සිසුන් 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඇගයීම සිදු කෙරේ. අප සාමාන්‍ය පෙළ 9A වැඩි සංඛ්‍යාවක් ලබා ගන්නා පංතිය සඳහා දෙදින විශේෂ චාරිකාවක් සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දේ. ඒ අනුව ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීමට කටයුතු කර ඇත.
5S සංකල්පය පාසල තුළ ක්‍රියාත්මක කිරීමට සුපසන් පාසල් පිරියතක් ගොඩනංවා සිසුන් තුළ ඉගෙනුම් මානසිකත්වය හා ප්‍රවේශ අවස්ථා ඉහළ නැංවීමට කටයුතු යොදා ඇත. ඉදිරියේ දී S7 සංකල්පය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

විධිමත් විෂය මාලාව පෝෂණය කරමින් සිසුන් තුළ සමබර පෞර්ෂයක් ගොඩ නැංවීමේ අරමුණ පෙරදැරිව විෂය සමගාමී ක්‍රියාකිරකම් රැසක් පාසල තුළ ක්‍රියාත්මක කෙරේ. ක්‍රීඩා 31ක් ද විවිධ දංගම් 54 ක් ද ඇතුළු විවිධ කමිටු රැසක් පාසල තුළ දියත් කර ඇත. මෙම විෂය සමගාමී අත්දැකීම් තුළින් දරුවන් තුළ සහභාගිත්වය, කණ්ඩායම් හැඟීම, සංවිධානාත්මක කුසලතා, සන්නිවේදනය, සාමූහිකත්වය, ඉවසීම ආදී මෘදු කුසලතා සංවර්ධනයට හැකියාව ලැබී ඇත.

පාසලේ සියලු කටයුතු මනා ලෙස සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම සඳහා පස් අවුරුදු හා එක් අවුරුදු සැලසුම් සකස් කර පාසල් සැලසුම් සංස්කෘතියක් පාසල තුළ ජනිත කර ඇත. ඉදිරියේ දී තුන් අවුරුදු භෞතික සැලසුම හා පස් අවුරුදු ක්‍රීඩා සැලසුම් නව්‍යකරණ රැසක් සිදු කිරීමට අපේක්ෂිතය. මේ වන විට ක්‍රීඩා අංශයේ ජයග්‍රහණ රැසක් පාසලට අත්පත් කර ගැනීමට හැකි වී ඇති අතර ඉමහත් දායකත්වයක් එමගින් ලැබී ඇත.

සෞන්දර්ය අංශයේ චිත්‍ර, නැටුම්, සංගීත යන සෑම අංශයකින්ම අඛණ්ඩව වර්ෂ 5කට අධික කාලයක් සමස්ත ලංකා ජයග්‍රහණ පාසලට ලබා ගැනීමට හැකි වී ඇත. මෙමගින් ද සිසුන්ගේ මෘදු කුසලතා සංවර්ධනයට පාසල අවස්ථා සම්පාදනය කර ඇති ආකාරය ප්‍රායෝගිකව සනාථ වේ.

තව ද පාසල තුළ අයියා මල්ලි සංකල්පය දියත් කරමින් සිසුන් තුළ එකිනෙකාට ගෞරව කිරීම, ජ්‍යේෂ්ඨත්වයට ගරු කිරීමත්, ආධුනිකයන්ට සහාය වීමත් සඳහා අවස්ථාව සම්පාදනය කර ඇත. එම සංකල්පය තව දුරටත් ස්ථාපිත කිරීම සඳහා අප පාසලේ ප්‍රධාන හා විශේෂ උත්සව සඳහා විෂය සමගාමී අංශයෙන් ඉහළ ස්ථානයක හා සාධනීය අත්පත් කර ගැනීම් ළඟා කරගෙන සමාජයේ ඉහළ කලයක සිටිනආදි සිසුන් පාසලට ප්‍රධාන අමුත්තා වශයෙන් තැඳවනු ලැබේ. මේ තුළින් දරුවන් සඳහා ඉහළ වෘත්තීය අපේක්ෂාවන් සඳහා දිශානුගත කිරීම හා ඔවුන්ගේ මනා ආදර්ශ තම ජීවිතවලට ද උකහා ගැනීමට පෙළඹවීමත් සිදු කෙරේ.

තව ද අ. පො. ස. (සා. පෙ) හා උසස් පෙළ විභාග සඳහා සිසුන් සූදානම් කිරීමේ වැඩ පිළිවෙලවක් ලෙස ඉහළ ජයග්‍රහණ ලබා ගත් සිසුන් විසින් ප්‍රායෝගික වැඩමුළු, දේශන ආදිය සිදු කරනු ලැබේ. ඒ අනුව විශ්ව විද්‍යාල වරම් ලැබීමේ ප්‍රතිශතය ඉහළ නංවාලීමට ඉමහත් පිටුවහලක් ලැබී ඇත.

පාසල තුළ ඇති ගෘහස්ථ ක්‍රීඩාගාරය, පිහිනුම් තටාකය, ක්‍රීඩා භූමි, ප්‍රධාන ශාලාව, ශ්‍රවණාගාර, කෘෂි ඒකකය, දරුවන් තුළ ඉගෙනුම් ඉගැන්වීම් අත්දැකීම් සඳහා මනා තෝතැන්නක් වන අතරම ඒවා අමතර ආදායම් උත්පාදන ඒකකයන් ලෙස ද කළමණාකරණය කර ඇත. ඒ අනුව පාසලේ දෛනික නඩත්තු කටයුතු හා දෛනික පිරිවැය ද දැරීමට මෙමගින් ඉමහත් පිටුවහලක් ලැබී ඇත.

ඉහත කටයුතු සියල්ල තුළින් අප පාසලේ දරුවන් දැනුම, ආකල්ප, කුසලතා හා පුරුදු වලින් සමන්විත නිපුණතා පූර්ණ දරුවෙකු දැයට දායාද කරන අතර ඔවුන්ගේ ගුණ දහම් හැම විටම සුහදවත් කරමින් සමාජයට ඵලදායී දරුවකු ලෙස දායාද කිරීමට අපි හැම ඇපකැප වී කටයුතු කර ඇත.

ඡායාරූප – සස්මිත පොටෝ ඇන්ඩ් වීඩියෝ

Image may contain: one or more people and outdoor

Image may contain: 2 people, tree and outdoor

Image may contain: 1 person, standing, flower and outdoor

Image may contain: 1 person, standing, flower and indoor

Image may contain: 1 person, flower

 

Image may contain: 6 people, people standing, wedding, suit and indoor

Image may contain: 2 people, people sitting

Image may contain: 5 people, people sitting and indoor

Image may contain: 1 person, wedding

Image may contain: one or more people and people sitting

Image may contain: 7 people, people standing, wedding and suit

Image may contain: 6 people, people standing, wedding and suit

Image may contain: 8 people, people standing, wedding, shoes and indoor

Image may contain: 5 people, crowd and outdoor

Image may contain: 7 people, shoes

Image may contain: 22 people, crowd

Image may contain: sky, outdoor and nature

Image may contain: 1 person, standing

Image may contain: 8 people, people standing, wedding and indoor

Image may contain: 19 people, people standing and outdoor

Image may contain: 3 people, people standing

Image may contain: 2 people, people sitting, wedding and indoor

Image may contain: 5 people, people sitting, people standing and indoor

Image may contain: 2 people, people standing and indoor

Image may contain: 7 people, people standing

Image may contain: outdoor

Image may contain: 1 person, standing, tree, plant, shoes and outdoor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *