ලෝකයේ සෑම දෙයක්ම වගේ කලාවත් දේශපාලනික ප්‍රපංචයක් – ඉරේෂා මධුෂානි

 දේශපාලනයට බැහැල කියල ආරංචියි. මොකද්ද මේ ආරංචිය.

ඔව්, දේශපාලනය කියන එකේ මූලික අර්ථ දැක්වීමට අනුව මම දේශපාලනයට බැහැලා කිව්වොත් හරි. මොකද අපි හැමෝම දේශපාලනික සත්වයන්. මෙයින් අදහස් වෙන්නේ නෑ ඉතිං මේ තියෙන පක්ෂ දේශපාලනය මේකෙන් අර්ථ ගැන්වෙනවා කියල. එහෙ නැතිව අපි කතා කළොත් ඇත්තටම නායකත්වයක් ගොඩ නැගීම කියන එක හා එය රටෙහි පුරවැසියාගේ යහපතට සේවය කරන තැනක ඉදල කටයුතු කරන එක දේශපාලනික භාවිතාවක්. ඉතිං ඔබ ඇසූ ප්‍රශ්නයට අනුව නම් මම දේශපාලනයට බැහැල තමයි. ඒ මේ දේශාපලන දහරාවේ තියෙන පක්ෂ දේශපාලනය නෙවෙයි කියන එක නම් කියන්නම වෙනවා.. යොවුන් පාර්ලිමේන්තුව කියන්නේ තරුණයන්ගේ අදහස් ගැටෙන ඒවා හුවමාරු වෙලා නව චින්තනක් නිෂ්පාදනය වෙන සහ ඒ මගින් අනාගතයේ හොද නායකත්වයක් ගොඩ නැගෙන තෝ තැන්කක් ඉතිං මම මෙවර එය නියෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා .

ඔබ සමාජය හදුනා ගන්නේ කවිකාරියක් කලාකාරියක් විදියට මොනවද ඒ මත තබපු බර තැබීම්..

ඔව් , මම පොඩි කාලයේ ඉඳලම කලාවට ගොඩක් ආදරෙයි වගේම ආසයි පාසල් කාලයේ ඉඳලම කලාව එක්ක සම්බන්ධයි. කවි ලියන්න කලින් මම කවි ගායනයටයි දක්ෂතාවය දැක්වූයේ සහන් රන්වල ගුරු පියාණන් යටතේ ඉගෙන ගන්න ලැබුන නිසා මට තව තවත් මගේ හැකියා වර්ධනය කර ගන්න මට පුලුවන් වුණා. අවුරුදු 16 දී වගේ කවි ලියන්න පටන් ගත්තෙ 2019 වසරේ එතෙක් ලියපු කවි එකතුවක් අරුණෝදය නමින් එළිදැක්වූවා. ඒ වගේම වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වුණා. ඒ සඳහා ලොකු කැපකිරීමක් කරන්න වුණා. කලාව කියන්නෙ හදවතින්ම කැපවීමෙන් කල යුතු කාර්යයක්

කලාව දේශපාලනයෙන් විනිර්මුක්ත විය යුතුයි කියල සංවාදයක් තිබුනා සහ මේ වන විටත් තිබෙනවා .. මොකද්ද මේ ගැන අදහස

මම මුලින් සදහන් කළ පරිදිම කලාව කියන්නේ දේශපාලනයෙන් විනිර්මුක්ත දෙයක් නෙවෙයි. කලාව ඇතුලේ දේශපාලනය තියෙනවා.. ගීත සාහිත්‍යය ගත්තත්, නව කතා කෙටි කතා වැනි ආකෘති ගත්තත්, මේ හැම තැනම දේශපාලනය අන්තර්ගතයි.. බුදුන් වහන්සෙත් දේශනා කරල තියෙන්නේ සමාජ ප්‍රශ්න සහ ගැටළු සදහා රේඛීමය ගොඩ නැගීමක් කළොත් ඒවා නියෝජනය වෙන්නේ දේශපාලනයෙන් කියන එක.. රට පාලනය කරන එක කියන්නේ අපි හැමෝගේම වැඩක්.. එතැනදී කලාකරුවාට හා ඒ නිර්මාණවලට කිසියම් කාර්යය භාර්යයක් පැවරෙනවා. එහි පක්ෂයකට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයකට හෝ කියන පටු සීමාවන් නෑ. උදාහරණ විදියට බොහෝ නිර්මාණ දක්වන්න පුළුවන් රුසියාවේ දී ගෝර්කි සිදුකළ දේශපාලනය මහා විශාල දෙයක් ඒ කලාව පැත්තෙන් සාහිත්‍යය පැත්තෙන් .. ඉතිං කලාකරුවා හෝ කලාව දේශපාලනයෙන් විනිර්මුක්තයි කියන අදහස එක්තරා කොටුවකට සීමාව වූ අදහසක් මිස එහි පෘථුල නිර්වචනයේදී මේ සියල්ල දේශපාලනිකයි..ලෝකයේ සෑම දෙයක්ම වගේ කලාවත් දේශපාලනික ප්‍රපංචයක් . මාත් එහි කොටස්කරුවෙක්

 පසුගියදා විශේෂ සම්මානයකට පාත්‍ර වුනු බව දුටුවා .. එහි පසුබිම පැවසුවොත්

ඔව් , 2019 වසරේ ජාතික තරුණ සේවා සභාව විසින් 41 වන වරට පැවති යෞවන සම්මාන උළෙලේ පද්‍ය රචනා අංශයේ ප්‍රථම ස්තානය ලබා ගන්නට මට හැකි වුනා. සම්මාන උළෙල නෙලුම් පොකුණ රඟහලේදී පැවැත් වුනේ ඒක මට ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්.

 ඔබ කවියට අමතරව වේදිකාව ජයගත් රංගන ශිල්පිනියක් .. මෑතදී වේදිකා ගත වූ නාට්‍ය මොකද්ද කුමක්ද එහි ඔබ සිදු කළ රංගනය

රංගනයට මුල්ම අඩිතාලම වැටුනේ මගේ පාසලෙන් 2010 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියට සහභාගී වෙන්න අවස්තාව උදා වුනා. එහිදී පාසලෙන් ඇගයීම් සම්මනයක් ලබා ගන්නත් වාසනාවන්ත වුනා. ඉන් පසුව ප්‍රවීන ගුරුමණ්ඩලයක් යටතේ සියත් රංග භූමීකා නාට්‍ය කණ්ඩායම එක්ක වැඩ කරන්න අවස්ථාවක් ලැබුනා. පසුව ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට ඇතුලත් වන්නට වරම් ලැබුනා. එහිදී පසුගියදා සියලුම සිසුන් විසින් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර් රඟහලේදී කෙටි නාට්‍ය දැක්මක් ලෙස අපේ හැකියා ඉදිරිපත් කරා එහිදී අරවින්ද ඉසුරු ප්‍රභාත් අධ්‍යක්ෂනය කල ලිමිනියා ග්‍රීක කෙටි නාට්‍යයට රංගනයෙන් දායක වුනා. ඉදිරියේදීත් වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙනවා.

 ඇත්තටම මෙච්චර තරුණ වයසේ ගැහැනු ළමයෙක් මෙ තරම් වැඩ ප්‍රමාණයක බහුවිධව නිරතවීම ගැන අද සමාජය දිහා බැලුවම පුදුම සහගතයි ඔබ මේ කලාවට අමතරව දැන් දේශපාලනික පැතිකඩකට යොමු වෙලා.. යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වීම බර වැඩි නැද්ද ?

පොඩි කාලයේ ඉඳලම වගකීම් සහගතව වැඩ කිරීමට හුරු වෙන්න ඕන යමෙකු කරන්නේ නිවැරැදි දෙයක් නම් සහ ඵලදායි දෙයක් නම් එය දරාගන්නට හැකි නම් එම කාර්‍යට වයස කිසි සේත්ම බලපාන්නෙ නෑ. මම නිතරම කටයුතු කරන්නේ නිවැරැදිව ඵලදායීව මගේ ගමන යන්න. මම නිවැරැදිව යමක් කිරීමට පෙර එය සැලසුම් කරගෙන කාලය කලමනාකරණය කර ගන්නවා. ඉතින් මට යොවුන් පාර්ලිමේන්තුවට තේරී පත් වුවහොත් ඒ වැඩකටයුතු සාර්ථකව කිරීමට පුලුවන් කියලා මම විශ්වාස කරනවා.

 ඉතිං කියන්න මේ සියල්ලටම පසු බිම හැදෙන්නේ කොහොමද මෙච්චර පුංචි කාලයකින්

ගොඩක් අයට මා ආ ගමන කෙටි යැයි පේනවා, නමුත් වසර ගණනාවක මහන්සියක ප්‍රතිඵල තමයි මම අද ලබලා තියෙන්නේ අම්මගෙ,තාත්තගෙ ආදරය කැපකිරීම්,අවවාද , උපදෙස් සහ වටිනා මග පෙන්වීම වගේම නෑ හිත මිතුරන්ගේ, ගුරුවරුන්ගේ, විද්වතුන්ගේ,ප්‍රවීනයන්ගේ මග පෙන්වීම මත ආපු ගමනක් මේක ඒ නිසා අවංකවම සතුටුයි මට.

 වෙනස් ප්‍රශ්නයක් අහන්න හිතුනා.. ඇත්තටම කාන්තාව සමාජයේ පීඩාවට ලක් වෙන චරිතයක්ද ?

ඒ ප්‍රශ්නය ගොඩක් වැදගත් කාන්තාව කියන්නෙ සමාජයේ ගරු බුහුමන් ලැබිය යුතු උත්තරීතර චරිතයක් නමුත් එය සිදුවන්නේ කාන්තාවත් එම උත්තරීතර බව රැක ගන්නට කටයුතු කලහොත් පමණයි. තම ගෞරවය රඳා පවතින්නේ අන්‍යයන්ට දක්වන ගෞරවය මත කියලා මම විශ්වාස කරනවා. සමාජයට තම අම්මා දෙස බලන ඇසින්ම සමාජයේ අනෙකුත් කාන්තාවන් දෙස බලන්න බැරි ඇයි? කාන්තාව තමයි දවසක ඒ උත්තරීතර පදවියට පත්වන්නෙත් නමුත් කාන්තාවද එසේ වීමට ගෞරවාන්විතව හැසිරිය යුතුයි. එවිට කාන්තාව සමාජයේ පීඩාවට පත්වන අවස්ථාව අඩු වෙයි කියලා මම හිතනවා.

 ඔබ මේ යන ගමන කෙළවර ගැන සිහිනයක් තියෙනවද ? ඒ මොකද්ද?

ඔව්, අනිවාර්යයෙන්ම සිහිනයන් ගොඩක් තියෙනවා. මගේ ලොකුම හීනය මගේ අම්මගෙයි තාත්තගෙයි මූනට ලොකුම සතුටක් ගේන එක ඊට එහා මට දෙයක් නෑ. අම්මයි තාත්තයි මට දීපු ශක්තිය සැනසීම අම්මටයි තාත්තටයිත් ලබා දෙන එකයි මගේ ලොකුම හීනය.

 අපිට කියන්න ඉතිං මේ සියල්ල ගොඩ නැගෙන්නේ ඔබේ ගම පවුල හා හිත මිතුරන් සමග කොහොමද ජීවිතේ මේ හවුහරණ

මගේ ලොකුම හව්හරණ මගේ රත්තරං අම්මයි තාත්තයි. ඒ දෙන්නගෙ ආදරය රැකවරණය නිසයි මට මෙතෙක් දුර එන්න පුලුවන් වුනේ. කවදාවත් ගෑණු ළමයෙක් කියලා අනවශ්‍ය විදියට නීති දාලා මාව හැදුවෙ නෑ. අම්මා නිතරම කීවේ අඩුවෙන් කතා කරන්න වැඩියෙන් වැඩ කරන්න කියලා. ඉතින් මම ඒ අනුවයි වැඩ කරේ. මගේ හොඳම යාලුවා මගෙ තාත්තා මගේ ගමනෙ හැමදේටම හෙවණැල්ලක් වගේ ඉන්නේ තාත්තා එයාලා දෙන්නම ලොකු කැප කිරීමක් කරනවා මම වෙනුවෙන් ඒ වගේම පවුලේ නෑ හිත මිතුරන් ගොඩක් උදව් උපකාර කරනවා. විශේෂයෙන්ම මගේ ආදරණීය ගුරු මව්පියවරුන් මම සිහිපත් කල යුතුමයි. ඒ අයගේ මඟපෙන්වීම අදටත් මට විශාල ශක්තියක් ආදරණීය කිතුදෙව් බාලිකාව මගේ ගමනේ අඩිතාලම ඒ වගේම බද්දේගම ජනතාව මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ හැම කෙනෙකුටම ගොඩක් පිං වගේම ගොඩක් ස්තුතියි

සාකච්ඡා කළේ – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *