පල්ලේගම විජිත හිමියන් නව දිල්ලියේ ශ්‍රී ලංකා ගෙස්ට් හවුස්හි පරිපාලන ලේකම් ලෙස නැවතත් පත්වේ.

ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවගේ හිත සුව පිණිස ඉන්දියාවේ නව දිල්ලි නුවර ස්ථාපිතව ඇති ශ්‍රී ලංකා වන්දනාකරුවන්ගේ මධ්‍යස්ථානයේ පරිපාලන ලේකම් ලෙස නැවත වතාවක් පල්ලේගම විජිත හිමියන් පත්ව ඇති බව වාර්තාවේ.උන් වහන්සේ එහි වැඩ භාරගැනීම අද (14) උදෑසන සුබ මොහොතින් සිදුවූ අතර මීට පෙර 2008 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා උන් වහන්සේ මෙම ස්ථානයෙහි පාරිපාලන ලේකම් ලෙස දිගු මෙහෙවරක් සිදු කළ අතර එහිදී ස්ථානයේ හා වන්දනා කරුවන්ගේ අභිවෘද්ධිය පිණිස විශාල සේවාවක් කළ අතර එය දෙස් විදෙස් බොහෝ දෙනාගේ පැසසුමටද ලක් විය.

2015 සිට එම ස්ථානයෙහි දැඩි පරිහානීය තත්වයක් දැකිය හැකි වූ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අනුදැනුම ඇතිව විජිත හිමියන් අදාළ තනතුර සදහා සුදුස්සෙකු ලෙස තෝරා පත් කර ගැනීම සදහා කටයුතු කළ අතර බුද්ධ ශාසන ඇමති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය මත උන් වහන්සේ අදාළ තනතුරෙහි පිහිටවනු ලැබීය.

මනා දැක්මක් හා ආගමික සේවාවක් සදහා ජීවිතයම කැප කොට කටයුතු කරනු ලබන පල්ලේගම විජිත හිමියන් මෙම ස්ථානය නැවතත් නගා සිටුවීම සදහා හා එහි සේවාවන් ලබාදීම සදහා කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *