රටකට පියාඹමු – දෙව්මි පෙරේරා

නොදැක්ක ලස්සන ඇත්තට බලන්න
හීන දැක්ක තැන් ළඟටම දුවන්න
පුදුම වෙච්ච දේ ගිහින්ම බලන්න
දුර ඇති රටකට ඉගිලිලා බලන්න
යාලුවොන්ට ටොපි චොකලට් ගේන්න
ලස්සන මතකත් අරගෙන බහින්න
විඳවන සුසුමන් දියකර හරින්න
යන්න ඕනමයි ජීවිතේ විඳින්න

කවුරුත් එන්නැති ලස්සන තැනකට
තනියම ගිහිල්ලා සිංදු අහන්නට
ඇස්දෙක පියාන තනියම හිතන්ට
පිස්සු හීන ඇත එලි කරගන්නට

අයිස්ක්‍රීම් ගැන ලස්සන මල් ගැන
හොයන්න තියෙනවා එහෙ ගිය විගසම
අරුමැසි ෆැන්ටසි ලෝකෙක මොහොතක
තනිවෙන්නම් මං සමාව අරගෙන

නොකියාම දැන් ඔය හිතෙත් ඇති රට යන්න මට ඕනමයි
ලංකාව ගැන දොස් කියන්නෑ මං උපන් රට මට අගෙයි
ඒත් ලස්සන තැන් මැවුනාම යන්න හිතෙනවා සත්තමයි
බලමු දවසක ගිහින් එන්නට තියෙනවානම් මරු තමයි

සමහරක් දේ තියෙනවාමයි හිතට විතරක් ළංවුණු
එහෙම දේවල් ඔහේ වැලලෙයි
වගේමයි ලොකු දේදුණු
කමක් නෑ බං හිතේ හැටි ඒ
හීන බාගෙට පිච්චුනු
ලස්සනම දේ ඇස් ඉස්සරහ මැවෙයි ඉවසන් හිනැහෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *