වර්තමාන බොහෝ කවීන් සමාජ යථාර්තය මත නිර්මාණ කරනවා අඩුයි – සමුද්‍රා දිල්රුක්ෂි

නිර්මාණයක ගුණය සම්බන්ධයෙන් වන කතා බස් වැඩියි බොහෝ කවි කිවිදියන් අතර ඔබ කවිය හා ගීතය එකතු කරගත්තු නිර්මාණ කරද්දී කුමක්ද අනුගමනය කරන විධික්‍රමය ?

නිශ්චිත විධික්‍රමයක් පිළිබද කියා පෑමට තරම් මම තවමත් සමත් නෑ ඒත් කවියක හෝ ගීතයක නිදහස් ආරක් සම්බන්ධයෙන් මම උනන්දු වෙනවා..  කවියක දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් වන පාර්ශවය මා වැඩි වශයෙන් අවධානයට ලක් කරනු ලබන තැනක් එහිදී ඔබ සදහන් කරන විධික්‍රමයන් ගැන එක්කෝ ඒවා නඩත්තු විය හැකියි නැතිනම් නොවිය හැකියි. කෙසේ නමුත් මා කවියේ ගුණය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වෙනවා.

වර්තමානයේ බොහෝ කවි අතර ආදරය සහ විරහව ඉතාම සරලව ගෙත්තම් වෙනවා. ඔබගේ නිර්මාණ තුළත් මෙයමද ගැබ් වෙන්නේ

වර්තමානයේ ආදරය විරහව කියන දේ සරල දෙයක් බවට පත්වෙලා තියෙන්නෙ. අතීතයේදී ආදරය විරහව මිනිසුන්ට ඇති වුනු මනෝභාවයන් නෙවෙයි වර්තමාන පරපුරට ඇතිවෙන්නේ.⁣ ප්‍රේමය විරහව පිලිබදව අනිවාර්යයෙන්ම නිර්මාණයන් බිහිවිය යුතුයි. මොකද මෙි විශ්වය පවතින තාක් ප්‍රේමය පවතිනවා. මෙතනදිි පෙරේමය යනුවෙන් මා හුවා දැක්වුුයේ ආලය පමනක්ම නොවෙයි. බොහෝවිට එම නිසා ඒ පිලිබදව අතිශයින් සාර්ථක නිර්මාණ ඈත අතීතයේ පටන් බිහි උනා. ආදරය විරහව සමගින්ම සමාජයේ සංස්කෘතික පැත්ත දේශපාලනික පැත්ත ගැනත් ⁣රසවිදින්නා ඇදබැද තබාගත් නිර්මාන බිහිවෙලා තියනවා.
උදාහරණයක් විදිහට ප්‍රේම කීර්ති ද අල්විස් මහතා පෙන්වාදෙන් පුලුවන්. නන්දා මාලනී මහත්මියගේ සමහර ගීත වාරණයන්ට පවා ලක්වෙලා තිබෙනවා. ගුණදාස කපුගේ මහතා ගැයුු . ගීතත් තිබෙනවා.
මම බොහෝ විට නිර්මාණය සදහා සොබාවික පරිසරය ඈදාගෙන තමයි නිර්මාණ කරනයේ යෙදෙන්නේ.

සමාජ යථාර්තයන් ගැන කවි ලිවීම් ඉතාම අඩු මට්ටමක තියෙන්නේ ඔබ හිතන්නේ මේකට හේතුව කුමක්ද ?

ඇත්ත තිත්තයි කියනවානේ. සමහර විට ඒක වෙන්න ඇති. මිනිසා සොභාවයෙන්ම හැගීම් බරයි. ප්‍රේමය විරහව ආශ්‍රිතව බිහිවෙන නිර්මාණයන් වැලදගන්නවා වැඩියි. සමාජ යථාර්තයන් ගැන ලියැවෙන කවි වලට වඩා. වර්තමානයේ තාක්ෂණික භාවිතය නිසා කවි ලිවීම වැඩිවෙලා තියනවා. ආර්ථික දේශපාලනික සමාජය අධ්‍යයනය තුලින් කවි ලියන කවියොත් නැතිවාම නෙවෙයි. නමුත් වර්තමාන බොහෝ කවීන් සමාජ යථාර්තය මත නිර්මාණ කරනවා අඩුයි. පාඨකයාගේ comments සහ කැමැත්ත මත පදනම්ව ලියනවා. පරිකල්පන හැකියාව අඩුයි.

 කවියක් ලිවීමේදී එයා කියවන පාඨකයා මත පොදු වීම අනිවාර්යයක්.. තම තමන්ට අනුකූලව එම ප්‍රශ්තුතය ගෙන කවිය රස විදිනවා..
මෙතනදී ඔබගේ කවියට එන හිතුවිල්ල ඔබගේම අත්දැකිමක් වීමක් වීම අර පාඨකයාට බලපාන්නේ කෙසේද ?

බොහෝවිට කවියා කවි ලියන්නෙ තමාගේ අත්දැකීමෙන්ම පමනක් නොවේ. කවියෙන් කවියාව මනින්න එපා කියන එක ඇත්ත වශයෙන්ම මෙතැනදී මම කියන්න කැමති.
නිර්මානයක් බිහිවවීමෙිදී බොහෝ විට මගේ අත්දැකීමක් හෝ සමාජයෙන් දැකපු දෙයක් වෙන්න පුළුවන්.
එය සමහර විට සාර්ථක නිර්මාණයක් වීමටත් පුළුවන් අසාර්ථක නිර්මාණයක් වීමටත් පුළුවන් මෙහි සාර්ථක භාවය හෝ අසාර්ථකභාවය තීරණය වෙන්නේ පාඨකයා වැළඳ ගන්නා ආකාරය අනුව හෝ රසවින්දන කෙනාගේ කියවීමේ පරිචිය අනුව එය වැළඳ ගන්නවා රසඥතාවය මත තමයි ඒ තීරණය වන්නේ වින්දන පරාසය අනුව කෙනෙක්ට රසවත් නිර්මාණය තවකෙනෙක් වෙනත් නිර්මාණයක් නො වෙන්න පුලුවන්.
තව දෙයක් කියන්න කැමතියි කවිය ලිවීම පටන් ගන්නකොට ලියන්න පටන් ගන්න අනුභුතිය නෙවෙයි අවසානයේදී ලියවෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම.

ඔබ අපූරු ගීත නිර්මාණ මේ කවි අස්සේ නිමවෙනවා.. අපිට ඇහෙන කටෝඨ වගේම ඉතාම ලාබ වචන එක්ක ගැයෙන ගීත වර්තමානයේ බහුලයි. මෙයට හේතුව විදියට දකින්නේ කුමක්ද?

ඇත්තෙන්ම වර්තමානයේ සමහර පද රචනා ගිහින් ඇහුවම අපි වුණත් විශ්මයට පත් වෙනවද ඒ තරම් හරසුන් වදන් වලින් තමයි නිර්මාණ බිහිවෙලා තියෙන්නේ. හැබැයි ඒ අතරින් සාර්ථක නිර්මාණත් දක්නට ලැබෙනවා තාක්ෂණය ආර්ථික දියුණුව අනුව ඕන කෙනෙකුට ගීත ලියන්න පුළුවන් ඒක මුදල් මත තීරණය වන තියෙන මොකද වියදම් කරලා ගීත නිර්මාණය කරලා තියෙනවා. එවිට එම ගීතවල හරසුන් නීරස ගතිය ඔවුන්ට අදාල නැහැ කොහොම හරි නිර්මාණයක් කරන එක තමා ඔවුන්ගේ අරමුණ බහුතරයක් ආර්ථිකය සවිමත් හින්දා ගීත නිර්මානය තුලින් මාධ්‍ය හරහා පුචාරය ජනප්‍රිය වෙනවා.

මට කියන්න ඔබ කවියට පෙළඹුනේ කෙසේද ?

කවදා කොතන කොහොම කවියට පෙළඹුණා දැයි නිශ්චිත වශයෙන්ම කියන්න බැහැ. නමුත් කවියට පෙළඹෙන ප්‍රධානම හේතු වශයෙන් මමදකින්නේ මම කියවීම පුරුද්දක් කරගෙන ඉන්නවා අදටත් හැම වැටුපෙන් වගේ පොතක් මිලදී ගන්නට ඒ නිසාම මා සතු කුඩා පොත් එකතුවකුත් තියෙනවා. කියවීම තුළින් පරිකල්පන ශක්තිය වැඩි වෙනවා කියලයි මම හිතන්නේ විවිධ ස්ථාන සිදුවීම් හා චරිත ආදී මෙකී නොකී සියලු දේවල් කරා මනසින් ගමන් කළ හැකි එකම ක්‍රමය තමයි කියවීම. මුලින්ම මම කිව්වේ ලස්සන වසිලිස්සා රැසියානු කතන්දර පොත. පසුව විවිධ රචකයින්ගේ පොත් කියවීමට පෙලඹුනා. පොත් කියන්නේ ගිහිල්ලා ගෙදරින් බැණුම් අහල තියෙන වාර අනන්තයි පසුකාලීනව අන්තර්ජාලය භාවිතයට වුණාට පස්සේ ඒ පොත් පතුලේ සඳහන් ස්ථාන පිළිබඳ මං සොයා බලන්න පවා පටන් ගත්තා පසුව යම් පසුව යම් අත්දැකීමක් හෝ සමාජ මං ග්‍රහණය කරගත් අනුභූතියක් තුළින් නිසදෙසක් කවියක් ලිවීමට පෙලඔුනා. මුහුණු පොත භාවිතය තුළින් විවිධ පුද්ගලයින් හඳුනා ගැනීමට ලැබුණා. විවිධ කවි විදියන් හඳුනා ගැනීමට ලැබුණා ඉන්පසුව ඔවුන්ගේ නිර්මාණයන් කියැවීමට පෙලඹුනා. ඒ තුළින් තමයි මම තවදුරටත් නිර්මාණකරනයට බැඳ තබා ගන්න හේතුවක් වුණේ.

 පාසල් කාලය අපි හැමෝටම නිර්මාණවලට වගේම ජීවිතේ ගොඩක් දේවල්වලට පාර කියනවා කොහොමද පාසල් කාලය..

මම මුලින්ම මාතලේ අකුරම්බඩ කනිෂ්ඨ විද්‍යාලයට තමයි පහ වසර දක්වා අධ්‍යාපනය ලැබූවෙි. අද වගේ මතකයි මුලින්ම තුන වසරේදී මහ මුහුද ගැන කවියක් ලියන්න දුන්නා. පාසල් පන්ති ගුරුතුමිය. අද එතුම්ය ජීවතුන් අතර නැහැ. ඒ කවියේ එකම එක පදයක් විතරයි මට මතක මොකද බොහෝ කාලෙකට කලින් ලියපු එකක් හින්දා.

“හෝ හෝ ගා රැල්ල නැගෙන ” යන පදය විතරයි මට මතක. පස්සේ ගුරුතුමිය මාව ළඟට අරගෙන ඇහුවා මේක ලිව්වෙ ඔයාමද කියලා. ඒක තමා මට හිතෙන්නේ මගේ නිර්මාණය කරනයේ ආරම්භය කියලා පසුව . වීර කැප්පෙටිපොළ ජාතික පාසලෙන් ද්විතීක අධ්‍යාපනය ලැබූවා. පාසල් කාලේ හරිම සුන්දරයි සුන්දර වෙල්යායකින් වටවූ කන්දක් උඩ තමයි පිහිටලා තිබුණේ සුන්දර පරිසරය ගැමි සරල ජීවිතය මේ වගේ නිර්මාණාත්මක සිතුවිලි වලට පිටිවහලක් වුණා කියලා තමයි මට හිතෙන්නේ. පාසල් කාලේ ඉතින් බොහෝ විෂය පරිබාහිර ක්‍රියාකාරකම්වල නිරත උනා පාසල් පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වෙන්න පුළුවන් වුණත් ඒ වගේම මම චිත්‍ර වලට බොහෝ දක්ෂතාවයක් ඒ කාලේ දැක්වුවා. ඒ හැරෙන්න ඉතින් පාසල ජිවිතෙ කැපී පෙනෙන චරිතයක් වුණා නමුත් කාව්‍යකරණය තුලින් තරගයක⁣ට පවා සහභාගි වෙලා නැහැ ඇත්ත වශයෙන්ම කිව්වොත්. නමුත් ඉතින් හැමවෙලේම ඒ කාලේ ඉදන් මගේ පුරුද්දක් තිබුණා මොකක් හරි දෙයක් ගැන පොඩි හෝ වචන කීපයක් හරි ලියන්න.

කවි හෝ ගීත ලිවීමේදී අනිවාර්යය අවසාන ඉලක්කයක් තිබෙනවා එක්කෝ කවි පොතක් කරන්න නැත්නම් ගීතයක් හෝ ගීත සමුච්චයක් කිරීමට එහෙම අහසක් නැද්ද?

මම තවම කාව්‍යකරණයේ අත්පොත් තැබුවා විතරයි. ගීත රචනාවකියන්නේ වෙනම දෙයක් කාව්‍යකරණය කියන්නේ තව දෙයක්. වෙන වෙනම මේ පිළිබඳ අධ්‍යනය කරන්න ඕනි. ප්‍රේමය පිළිබඳව, සමාජ ගැටලු පිළිබඳව හොඳ අධ්‍යනයකින් පොත පත පරිශීලනයකින් ප්‍රවීණයන්ගේ ආශ්‍රයෙන් තමයි. තවම වයස තියන නිසා හදිස්සියක් නැහැ. හිමින් මේ ගමන යන්න තමයි බලාපොරොත්තුව. තව දෙයක් කියන්න තියෙනවා මම රචනා කරපු ගීතයක් දර්ශන වික්‍රමතුංග සංගීතවේදයානන් සංගීතය මුසු කරලා ක්‍රිෂාන්ත එරන්දක මහතා විසින් ඉදිරියේදී ගායනය කිරීමට නියමිතයි. බොහෝ දුරට එහි වැඩ අවසන්. එසේම නලින්ද රණසිංහ මහත්මයා මගේ ගීතයක සංගීතය නිර්මාණය කරමින් සිටින මේ දවස් වල ඉතින් හදිසියක් නැහැ මේ ගමන හිමි බොහෝ දුර යන්න තියෙන ගමනක්.

 ඔබගේ වෘත්තීය ක්ෂේත්‍රය ගත්තම නිර්මාණකරණයට වඩා ගණිතමය ගැටළු මත ගෙවන්නක්.. මේ අස්සේ කොහොමද සෞන්දර්යාත්මක හිතීමක් වෙත නැඹුරු වෙන්නේ..

මම පුද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක සහකාර කළමනාකාරිනියක් විදියට දැනට සේවය කරනවා වෘත්තිය ජීවිතය කලාත්මක  ජීවිතේ ඇත්තටම පරස්පර විරෝධී නමුත් සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් සමඟ නිතරම ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. මා සමඟ බොහෝ පුද්ගලයින් සුහදව කටයුතු කරන සමහර අවස්ථාවල පුද්ගලික ගැටලු පවා මා සමග බෙදා ගන්නවා. උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සවන් දීම් තුළිනුත් සමාජයේ විවිධ තේමාවන් තුළිනුත් පුද්ගලික අත්දැකීම් තුලින් විවිධ නිර්මාණයන් බිහි වෙනවා අනික පුද්ගලයෙකුගේ රැකියාව ඔහුගේ නිර්මාණ නිර්මාණකරණයට කිසි සේත්ම බලපාන්නේ නෑ කියන එකයි මගේ අදහස.. සෞන්දර්යාත්මකව නිර්මාණාත්මකව හිතන්න රැකියාවම කෙනෙක්ගෙ බලපාන නැහැ. මම දිනක්
රැකියාව ඉවරවෙලා ගෙදර යන වෙලාවේ දුටු දසුනකින් නිර්මාණය වෙච්ච නිසදැසක් මම ඉදිරිපත් කරන්නම්

ඇස්…

දුටුවෙමි….
දුක්බර දෙනෙත්..
දැල් ගැසූ
කවුලුවෙන්..
බන්ධනාගාර බසයේ
මා දෙසම
නෙත් අයා….
හනික හවස
කැදැල්ලට දුවන…
සිහි වෙන්නැති
කිචිබිචිය…
කුරුලු පැටවුනගේ
ඔහුගේ කැදැල්ලෙත්…

 ඉතිං කියන්න නිර්මාණ කරණයෙ අනාගත බලාපොරොත්තු මොනවාද ?

සාහිත්‍ය අධ්‍යයනය තුළින් කවිය හා කාව්‍ය නිර්මාණ බිහිකර සමාජයට හරවත් දෙයක් ඉදිරිපත් කිරීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව

 

සාකච්ඡා සටහන – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *