හන්ටා වයිරස් ප්‍රචාරණවාදී ප්‍රෝඪාව

අද ලංකාවේ ගොඩක් අය….මේ හන්ටවයිරස් ගැන පල කරන්න ගත්තා…එය අළුත් දෙයක් ලෙස…..සමහර අය පල කරන පෝස්ට් නිසා ජනතාව අනවශ්‍ය ලෙස බිය වෙනවා….මොකද අද වෙද්දි ලංකාවේ නිල පත්තරත්…ටී.වී. වල ඉන්න බොහෝ මීඩියා කරුවනුත්…නිවුස් සොයා ගන්නෙ බුකියෙන්…

ලෙඩක් ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි…ඒත් යමක් පල කරන්න කලින් සොයලා බලලා පල කරනව නම්….ඒක සමාජෙට හොඳයි…මම කියන්නෙ නැහැ…අවධානයෙන් ඉන්න එක නරකයි කියලා…ඒත් ඒක කරන්න ඕන දැනුවත්ව….මොකද මේ වෛරස් එක ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි…ඒ නිසා මේ හන්ටර්වෛරස් කියන එක ගැන මම කියවපු දේ වලින් දැනගත් කරුනු ටිකක් ලියන්න සිතුනා…..

#මොකක්ද මේ හන්ටර් වෛරස්…එහෙම නැත්නම් ඕතොහන්ටර් වෛරස් කියන්නේ?
මේක තනි ආර්.එන්.ඒ. දාම සහිත නෙගටිව් සෙන්ස් වෛරස් එකක්…

#එතකොට මේක අළුතෙන් සොයා ගත්ත එකක්ද?…
නැහැ…ඔබ…සයන්ස් ඩිරෙක්ට් වැනි වෙබ් අඩවියක් සර්ච් කලොත් මේ ගැන පල වෙන පර්යේෂන දහසකට වඩා තියෙනවා…(චායාරූපය බලන්න..)

#කොහොමද මේක හඳුනගෙන තියෙන්නේ? චීනෙන්ද?
නැහැ.. හන්ටවෛරස් එක මුලින්ම හඳුනගන්නෙ කොරියාවෙන්…මුලින්ම වාර්තා වෙන්නෙ 1950 වගේ කාලෙ තිබ්බ කොරියන් යුද්ධෙ වෙලාවේ සෙබලුන් හඳුනා නොගත් රෝගයකින් පෙලීම නිසා …නමුත් 1976 දි….මෙය මුලින්ම වැන්ග් ලී කියන වෛරස වේදියා මේ වෛරසය වෙන් කර හඳුනා ගෙන තියෙනවා..ඒවගේම කොරියාවෙ ගඟක් ආශ්‍රිත ප්‍රදේශයක් නමක් මේකට යොදලා තියෙනවා (1 ලින්ක් එකෙන් බලන්න )

#කොහොමද මේ වෛරස් එක අපේ ඇඟට එන්නේ?….
සාමාන්‍යයෙන් මේ වෛරස් එක තියෙන්නේ රොඩන්ට්ස්ලා (මීයන් ) ගේ ශරීරය තුල…නමුත් එමගින් ඒ සතුන්ට රෝගී වීමක් නැහැ…නමුත් ඔවුන්ගේ කෙල, මුත්‍රා හෝ මල පහ සමග මේ වෛරසය එලියට ඇවිල්ලා..මිනිසාට ආසාදනය උනොත් ….මිනිසුන් රෝගී වෙන්න පුලුවන්…පසු කාලීනව මේ රෝගය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ වෙලා තියෙන බව වාර්තා වෙලා තියෙනවා (2 ලින්ක් එකෙන් බලන්න )

#ආසාදනය උනාට පස්සෙ රෝග ලක්ෂන මතු වෙන්න කොපමන කාලයක් යනවද?….
මේ වෛරස් එකෙත් ඉන්කියුබේශන් පීරියඩ් එක…එහෙම නැත්නම් වෛරසය ඇඟට ඇතුල් උනාට පස්සේ රෝග ලක්ෂන මතු වෙන්න ගත වෙන කාලය සති 2-4 ක් වගේ වෙනවා…

#ශරීරේ මොන මොන අවයව වලටද වැඩිම බලපෑම??…
හන්ටවෛරස් ෆැමිලි එකේ වෛරස් 12 ක් දැනට හඳුනගෙන තියෙනවා…ඒ වගේම මේක ආසාදනය උනාම ප්‍රධාන ලෙසම බලපාන්නේ..රුධිර සංසරන පද්ධතියට වගේම පෙනහලු වලට…ඒ වගේම වකුගඩු, ප්ලීහාව සහ අග්න්‍යාසය වගේ ඒවට බලපානවා…ඒ වගේම මේ නිසා කැස්ස…හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්න පටන් ගන්නවා රෝගය උත්සන්න වෙනකොට….(3 ලින්ක් එකෙන් බලන්න )

#වැලකෙන්නේ කොහොමද?….
ගෙවල් වලින්…ගෙවත්තෙන්…වැඩපොලෙන්…මීයන්ව ඉවත් කිරීම සහ මීයන්ට එම ස්ථාන වලට ඇතුල් වෙන්න තියෙන මාර්ග අවහිර කිරීම…මොකද මේක ඇඟට එන්න පුලුවන් මීයන්ගේ…කෙල, මුත්‍රා සහ මලපහ මගින් හෝ මීයන් සපා කෑමෙන් නිසා….

#වෛරසය එලියේ පරිසරයේ කොපමන කාලයක් සක්‍රීයව තියෙනවද?…
ඒක පරිසර තත්වය එක්ක වෙනස් වෙනවා…සාමාන්‍ය පරිසරයේ (අපි කියනවා කාමර තත්වයේ කියලා..)..වෛරසය දින 2-3 ක් සක්‍රීයව තියෙනවා…නමුත් හිරු එලිය හෝ යූ.වී. ලයිට් එකක් වගේ වැටෙන තැනක නම්…මේක සක්‍රීය වෙන්නේ…පැය කිහිපයක්…

#වැක්සින් එකක් නැද්ද?..මේ සඳහා විවිධ වැක්සින් වර්ග ලෝකයෙ දැනටත් අත්හදා බලමින් ඉන්නවා…ඒවා ගොඩක් වෙලාවට ක්ලිනිකල් ට්‍රයලුත් කරලා අවසන් අදියර වලටත් ඇවිත් තියෙනවා…මොකද චීනය..කොරියාව…රුසියාව..සහ ෆින්ලන්තය වගේ රටවල …50,000 කට ආසන්න ගනනක් මේ රෝගය නිසා මේ දක්වා මිය ගිහින් තියෙනවා…ලක්ෂ 15 ක් විතර රෝගය ආසාදනයන් මේ දක්වා වාර්තා වෙලා තියෙනවා…ඇමරිකාවේ එෆ්.ඩී.ඒ. ආයතනය හෝ…යුරෝපය තවම අනුමත වැක්සින් එකක් නැතත්….කොරියාව සිය හමුදා සෙබළුන් සඳහා වන වැක්සින් එක දෙන බව සඳහන්..(4 සහ 5 ලින්ක් එක බලන්න..)

ඒක නිසා ලෙඩේ ගැන කියවන්න…දැනුවත් වෙන්න…පරිස්සම වෙන්න…නමුත් පැනික් වෙන්න එපා….

ලිපියේ සඳහන් කල ලින්ක් ටික
1. https://talk.ictvonline.org/…/negrna_virus…/205/bunyaviridae
2. https://wwwnc.cdc.gov/eid/article/11/12/05-0501_article
3. https://www.lung.ca/lung-health/lung-disease/hantavirus
4. https://clinicaltrials.gov/ct2/show/NCT02553837
5. https://clinicaltrials.gov/ct2/show/NCT02116205…

උපුටා ගැනීම –

Winiwida Sri Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *