කොරෝනා වාට්ටුවේ සිට ලියමි. – වෛද්‍ය තුෂාර වික්‍රමසිංහ

කොරෝනා ගැන තවමත් සුළුවෙන් සලකන,තම සමීපතයන් පිලිබඳව වගකිම් විරහිතව හැසිරෙන සුවහසක් ජනතාව වෙත කෙරෙන නැවත සිහි කැඳවීමකි.

දහසය වසරක වෛද්‍ය ජීවිතයේ අසීරුම කාලපරිච්ඡේදය ගත කරමි.අදට වඩා හෙට තත්වය දරුණ විය හැක. වෛද්‍යවරු හැටියට අපිද ,සෙසු කාර්‍යය මණ්ඩලය බොහෝ අසරණ වී ඇත.

මගේ වෘත්තීය කාලය තුළ අනන්තවත් මාරාන්තික,අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කර ඇත්තෙමි .ඒඩ්ස් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පවා ලඟින් ඉඳගෙන බියක් සැකක් නොමැතිව ඔවුන් පරීක්ෂාකර ප්‍රතිකාර කර ඇත්තෙමි.
රෝගී මනුෂ්‍යයෙක් පරීක්ෂාකර ඔහු හා කතාබහ කිරීමේදී පවා ඔහුගේ මනස සහ ආත්මශක්තිය සුවපත් වේ. නමුත් කොරෝනාව මේ හැමදෙයක්ම උඩු යටිකුරු කර ඇත..

අප වෙත පැමිනෙන සැකකටයුතු රෝගින්ගේ රෝග ඉතිහාසය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය කරුනු සටහන් කරගන්න වෙන්නේ අඩුම තරමින් වෛද්‍යවරයත් රෝගියත් අතර මීටර් 2ක් පමණවත් පරතරයක් ඇතුවය. ඔවුන් රෝහල් තුලට පය තබන්නේ මරණ වරෙන්තුව ලියාගත් පුද්ගලයයන් ලෙස බියෙන් ගැහි ගැහීය..

අනික් රෝගීන්ට මෙන් වැඩි කාලයක් ගතකොට ඔවුගේ බිය තුරන් කිරීමේ ඉඩ ප්‍රස්තාව බොහෝ අඩුය..ඒ වැඩිකාලයක් රෝගියෙකුට නිරාවරනය වීම අතිශයෙන් අවදනම් කාරී දෙයක් සේම අප ජීවිත ද අනතුරේ හෙලීමක් නිසාය. ගෝනි බිල්ලන් ලෙස අඳුම් ඇඳ අපිට ඔවුන් බැලීමට සිදුවන්නෙ එය එතරම්ම භයානක සහ අවදානම් කාරී දෙයක් නිසාය. ඉතාලියේ එක් දිනක් තුළ ප්‍රතිකාර සඳහා කැපවුන වෛද්‍යවරු 17 ක් මියයාම සහ සෞඛ්‍ය කාර්‍යමන්ඩලය තුන්දාහකට අධික පිරිසක් ආසාධිතයින් බවට පත්වීම මෙහි බරපතළ කම මොනව්ට පැහැදිලි කරයි.

සැකකටයුතු තෝරාගත් රෝගීන් යොමු කෙරෙනුයේ රෝහල පරිශ්‍රයේ වෙන්ව ඇති මුද්‍රාතබන ලද වාට්ටුවකටයි .. ඔහු රැගෙන එන සියලු අඳුම් පැළඳුම් උපකරන විෂබීජ නාශක ඉස ජීවානුහරනය කරනු ලැබේ . ඔහු වාට්ටුව වෙත ඇවිදගෙන එනවිට පය තැබූ පෘෂ්ඨන් ද ස්පර්ශ වුන ස්ථානද විෂබීජ හරණයට ලක් කෙරේ.ඇතමුන් කඳුළු සලමින් ගැහි ගැහී ඇතුලුවන්නේ මේ මුද්‍රාතැබූ කොරෝනා වාට්ටුවයි.
එතැන් පටන් ඔවුන්ට දුරකතන මාර්ගයෙන් හැරෙන්න කිසිම පවුලේ සාමජිකය්න්ට,මුණගැසීමට ඉඩ නොලැබේ.සෞඛ්‍ය කාර්‍යමන්ඩලය සහ රෝගීන් අතර සංනිවේදන කටයුතු සිදුවන්නෙ මයික්‍රෆෝන මගින්.  අත්‍යවශ්‍ය කටයුතු සඳහා රෝගීන් අසලට යාමේදී අර නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන විට ඇන්ද ඇඳුම් කට්ටලය වැනි ආරක්ෂිත පුද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටලයක් ඇඳිය යුතුය.

අපරට චීනය ජපානය ඇමරිකව වැනි තාක්ෂණයෙන් පොහොසත් රටක් නොවේ..ඔවුන් රෝගීන්ගෙ අවශ්‍යතා ඉටුකිරීමට රොබෝ තාක්ෂණය වැනි දේවල් යොදා ගන්නව.නමුත් අපහට වැඩ කරන්න වෙන්නෙ අපිට හිමි ඉතාමත් සීමාකාරී සම්පත් එක්ක.
නමුත් අප රටේ සංනිවේදන ආයතන මීට වඩා මේ රටේ මිනිසුන් දෙස බැලුවොත් හොඳයි.
වීඩියෝ කොන්ෆරන් වැනි තාක්ෂණය නොමිලේ කොරෝනා මධ්‍යස්ථානය වෙත ලබා දීමෙනුත් නිදහස් දුරකතන සම්බදතා රෝහල් වෙත ලබා දීමේ රෝගීන් සම්බදතා පැවැත්වූ අය සොයාගැනීමට එය ඉතා පහසු වනු ඇත… අලුතින් ඉදිවෙන් කොරෝනා රොහල් වලටවත් එම පහසුකම් ලබා දෙනු ඇතැයි සිතමි. රටට අවශ්‍ය මොහොතේ ඔවුන්ටද වගකීමක් ඇත.

ඇදිරිනීති කාලසීමා සෞඛ්‍ය සේවකයන් රෝහල් වලට පැමිනෙන්නෙ ගොඩක් දුෂ්කරතා මැද. අප රට තුල ශක්තිමත් ස්වෙච්ඡා සේවා ජාලයක් නැත..සියල්ලම ඉටුකිරීමේ වගකිම හමුදා පොලිසි මත පැටවේ .මොන නීතිරීති තිබුනත් හැමවිටම මානුෂික වන්න. පුරවැසියෙක් ලෙස ඔබේ වගකීම මේ අවස්ථාවෙ රට වෙනුවෙන් සෙසු පුරවැසියන් වෙත නොපැකිලව ඉටුකරන්න.

චීනයට ඉතාලියට ඉරානයට අත්වූ ඉරණම හෙට දිනයේ අපේ රටේ මිනිසුන්ට අත්නොවන්න කටයුතු කරමු ..මෙය කෙනෙකුට තනියෙන් කල හැකි දෙයක් නොවේ. හැමෝටම සාමූහික වගකීමක් තියෙනව. නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න.

කොරෝනා ඔබේ තනතුර සමාජ තත්වය දුප්පත් පොහොසත් පින්වතෙක්ද පවුකාරයෙක් ද නොසලකයි.ඔබේ නොසැලකිලිමත් කම පමනයි ඔබව බිලිගන්න හේතු වෙන්නෙ ..එය ඔබේ පමණක් නොවේ ඔබේ සමීපතමයා සහ හිතවතා බිලිගත හැකියි.
මොකද සත්භාවයෙන් තමා ලඟට පැමිණි කෙනෙක්ට පිරිත් නූලක් බැඳපු ස්වාමින්වහන්සේ කෙනෙක්ද සැකකටයුතු ආසාධිතයෙක් ලෙස ප්‍රතිකාර ලබනවා..
පිරිත්නූල බැඳගත් කෙනා කොරෝනා ආසාධිතයෙක් නිසා..කොරෝනා ඒ ආකාරයෙන්ද ඔබ බිලිගත හැක.
අපිටත් දරු පවුල් ඉන්නව අපිත් ආරක්ෂා වෙමින් සෙසු කාර්‍යමන්ඩල සමග කණ්ඩායම් හැඟීමෙන් ඔවුගේද ජීවිත අනතුරට ලක්නොකර සාරථකව කොරෝනා වෛරසයට එරෙහිව අවසාන මොහොතතෙක්ම සටන් කරමු.

වෛද්‍ය තුෂාර වික්‍රමසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *