චාල්ස් කුමරා කොරෝනා රෝගයට ගොදුරුවේ.

71 එක් හැවිරිදි චාල්ස් කුමරා කොරෝනා රෝගයට ගොදුරුව ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලදී ඒ බව හෙළිදරව් වී ඇති බව වාර්තාවේ. කැමිලා පාර්කර්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරීමේදී ඇයට මෙය ආසාධනය වී නොමැති බව එම ආරංචි මාර්ග තහවුරු කොට ඇති අතර මේ හේතුවෙන් දෙදෙනාම බැල්මොරල්හි ස්වයං නිරෝධායනයට ලක් වී ඇති බවද සදහන් වේ.

කෙසේ නමුත් අදාළ රෝගය වැළදීමට හේතුව ලෙස සදහන්ව ඇත්තේ පසුගිය කාලයේ චාල්ස් කුමාරයා විසින් සුබ සාධනමය කටයුතු සදහා සමාජගත වී කටයුතු කිරීම හේතුවෙන් මෙම රෝගයට ගොදුරු වී ඇති බවයි. එසේ වුවත් ඔහුට කවරෙකුගෙන් මෙය ආසාධනය වූයේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවද පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *