ගත වූ 24 පැයේ කිසිදු රෝගියෙක් නෑ..

ගත වූ 24 පැය තුළ ලංකාව තුළ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සදහන් කළාය. අද (25) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව සදහන් කර සිටි ඇය වැඩිදුරටත් සදහන් කොට සිටියේ ලෝකයේ මෙම රෝගයේ තත්වයන් වර්ධනීය තත්වයක් වෙත හිස ඔසවද්දී ලංකාවේ සෞඛ්‍ය කාර්යංශයන්ගේ මැදිහත්වීම මත මෙවැනි සුබවාදී තත්වයක් නිර්මාණය වී ඇති බවයි.
එහෙත් ජනතාවගේ ඒකරාශී වීම් සම්බන්ධයෙන් ඇය කනගාටුව පළ කර සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *