සාමාන්‍ය ජනයා මුඛ ආවාරණ පැළදීම අවශ්‍ය නොවේ – සෞඛ්‍ය අධ්‍යක්ෂ පොලිස්පතිට ලියයි

මුඛ අවාරණ පැළදීම හා ඒ සම්බන්ධයෙන් වන විශේෂ තත්වයන් සමාජය තුළ පැන නැගීම හේතුවෙන් මේ වන විට දැඩි අපහසුතාවයකට මහජනතාව පත්ව ඇති අතර පොලීසිය විසින් සාමාන්‍ය ජනතාව වෙත මුඛ ආවරණ පළදන ලෙස දැඩි කොන්දේසි පැනවීම හේතුවෙන් ඔවුන්ගේ දෛනික වැඩ කටයුතුවලදී එය බාධාවක් වී ඇත. මේ හේතුවෙන් මුඛ ආවරණ පැළදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය විසින් පොලීසිය වෙත නිකුත් කොට ඇති නිවේදනයක් මගින් දැක්වෙන්නේ.. කොරෝනා රෝගය වැළදී ඇති හෝ එයට සැක පිට සිටින හෝ ඔවුන්ට සෞඛ්‍ය සේවා සපයන පුද්ගලයන්ට හැර සෙසු පුද්ගලයන්ට මෙම මුඛ ආවරණ පැළදී අත්‍යාවශ්‍ය නොවන බවයි.
එම නිවේදනයේ දැක්වෙන තොරතුරු පහත පරිදි වේ.
උපුටා ගැනීම – මේ දිනවල මුඛ ආවරණ පිළිබද වැරදි මත දුර්මත සමාජ ගත වෙමින් පවතින අතර එය නිවැරදි කර ගැනීම සදහා ඔබගේ සහාය පතන්නෙමු.
එසේ හෙයින් පහත කරුණු පිළිබද ඔබගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.
01. දැනට මුහුණ ආවරණ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කරනු ලබන්නේ
– රෝගීන් යැයි සැක කරන පුද්ගලයින්
– ඔවුන් සමග ලඟින් ඇසුරු කළ පුද්ගලයින්
– රෝගීන් රැක බලා ගන්නා සෞඛ්‍ය සේවකයින්
– ශ්වාසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් රෝහලට යෑමේදී යන අවස්ථාවන්වලදී පමණයි.
02. සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ජීවන කටයුතුවලදී මුඛ ආවරණ භාවිතය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මෙම අවස්ථාවේදී නිර්දේශ නොකරයි.
– එසේ නිර්දේශ නොකරන්නේ මුඛ ආවරණ වැරදියට භාවිතය මගින් රෝගීන් බෝවීම වැඩිවීම
– භාවිතා කළ මුඛ ආවරණ තැන තැන බැහැර කිරීම මගින් රෝගය පැතිරීම වැඩිවීම
– තබා ලඟ ඇති මුඛ ආවරණ අත්‍යවශ්‍ය වූ අවස්ථාවකදී භාවිතයට ගැනීම සදහා තබා ගැනීම
වැනි කරුණු නිසාය.
03. රෝගය බෝවීම සහ පැතිරීම වැලැක්වීම සදහා සුදුසුම ක්‍රම වන්නේ
– දෙදෙනෙකු අතර පතරතය අවම වශයෙන් මීටර් 1 ක් වත් පවත්වාගෙන යෑම
– අපිරිසිදු දෑත්වලින් දෑස් , නාසය සහ මුඛය නොඇල්ලීම
– කහින විට කිවිසින විට වැළමිටේ ඇතුල් පැත්තෙන් නාසය සහ මුඛය ආවරණය කර ගැනීම
වැනි මූලික කරුණු මගින් රෝගය අවම කර ගත හැකි නිසාය.

04. මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිරෝගී පුද්ගලයන් සදහා මුඛ ආවරණ භාවිතය නිර්දේශ නොකළද කෙනෙකු මුඛ ආවරණ භාවිතා කිරීමට තීරණය කළ හොත් එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත නම් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිවිටෙකත් එයට බාධා නොකරයි. නමුත් නිරෝගී සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ භාවිතා නොකිරීම වරදක් ලෙස සලකා ඔවුන්ට කිසිදු හානියක් නොකරන ලෙස සෞඛ්‍ය අමාතංශය ඉතා කරුණිකව ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමු.

05. මෙ අවස්ථාවේ නිරෝගී සාමාන්‍ය පුද්ගලයින් මුඛ ආවරණ භාවිතාය පිළිබද කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද වැඩිදුරටත් පවසමි.

යනුවෙන් විශේෂ කරුණු පහක් යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් පොලිස්පතිවරයා දැනුවත් කොට ඇත.

 

අදාළ නිවේදනය පහත දැක්වේ.

No photo description available.

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *