නොගැලපීම් රැසක් මැද ගැලපීමක සියුම් කලාපයක් සොයන “Photograph” – කපිල එම් ගමගේ

ගැහැනියක හා පිරිමියෙකු අතර ඇතිවන ආදරය, සෙනෙහස කුමනාකාර එකක් දැයි පැහැදිලිවම තුන්වන පාර්ශවයකට විග්රහ කිරීම අපහසුයි. එයට හේතුව වන්නේ එහි දිග පළල හා ගැඹුර පිළිබඳ දන්නේ ඔවුන් දෙදෙනා පමණක් ම වන බැවින්. ප්ලේටෝ නම් දාර්ශනිකයා ආදරයේ එක් ස්වරූපයක් පිළිබඳව පවසන්නේ ඇතැම් ආදරණීය බැඳීම් කායික ස්පර්ශයකින් තොරව අති රොමාන්තික ස්වරූපයකට නොයා පැවතිය හැකි බවයි. මෙය පසුකාලීනව “ප්ලේටොනික ප්රේමය” (Platonic Love) ලෙසින් වාග් කෝෂගතව තිබෙනවා.
කෙසේ වෙතත් රිතේෂ් බත්රා ගේ “Photograph” චිත්රපටය එවන් බැඳීමක් තුල දිවෙන අපූරු චිත්රපටයක්. චිත්රපටයේ ප්රධාන චරිත දෙක වන්නේ මුම්බායි හි මැදිවියේ වීදි ඡායාරූප ශිල්පියෙක් වන රෆී (Nawazuddin Siddiqui) හා වරලත් ගණකාධිකාරී විභාගයට සූදානම් වන යෞවනියක් වන මිලෝනි (Sanya Malhotra) නම් සුන්දර ශිෂ්යාවක්. මේ දෙදෙනා අතර ඇතිවන අහඹු මානවීය බැඳීම ඔවුන් හට නොදැනීම අපූරු නොනිමි ඉමක් කරා දිවෙන ආකාරය රිතේෂ් සිය සිනමා රූපයෙන් නිර්මාණය කරනවා. මුම්බායි හි ගේට් වේ නරඹන්නට පැමිණෙන සංචාරකයින්ගේ පින්තූර ගෙන ඒ මොහොතේම මුද්රණය කර දීමෙන් උපයා ගන්නා මුදලින්

Image may contain: 1 person, closeup
සාන්‍යා මල්හෝත්‍රා

සිය ජීවිතය ගෙන යන රෆී, ඊට අමතරව උගසට බැඳී ඇති සිය දෙමව්පියන් ගේ නිවස බේරා ගැනීමට උත්සාහ ගන්නෙක්. දිනක් මේ ස්ථානයට සිය ඥාතීන් සමග පැමිණෙන මිලෝනි ගේ ඡායාරූපයක් ගන්නා රෆි එය ඇයට බලන්නට දී අනෙක් පිටපත් ටික ලියුම් කවරයකට දාන්නට සූදානම් වන ඇසිල්ලේ ඥාතීන් ගේ කැඳවීම නිසා සෙනග අතර අතුරුදන් වී යනවා. මේ අතර රෆී බලාකියාගන්නා මිත්තණිය (Farrukh Jaffar) ඔහුට විවාහයක් කරගන්නා ලෙස නිතර පීඩනයක් එල්ල කරනවා.

 

කෙසේ වෙතත් රෆී ගේ සිත තුල තමන් ඡායාරූප ගත් මිලෝනි පිළිබඳව නොපැවසූ සෙනෙහසක් ලියලනවා. මේ අතර සිය මිත්තනියගේ අධික බලකිරීම නිසා තමන්ට ප්රේමවන්තියක සිටින බවත් තමා ලග ඇති ඇගේ ඡායාරූපයක් සමග ඔහු මිත්තණියට දන්වා යවනවා. මේ අතර ඇය උසස් අධ්යාපනය ලබන සිසුවියක් බවත් දැන ගන්නා රෆී ඇය සොයාගොස් එදා ඇය දමා ගිය ඡායාරූප නොමිලේම ඇයට ලබා දෙනවා. රෆී ගේ පෙම්වතියව දකින්නට පැමිණෙන මිත්තනියට එසේ සිටින ලෙස රෆි මිලෝනි ගෙන් ඉල්ලා සිටින අතර ඇය ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් අනතුරු ව ඔවුන් දෙදෙනා අතර ඉතා සියුම් අනෝන්ය සම්බන්ධතාවක් ගොඩ නැගෙනවා

මුලු චිත්රපටයම දුවන්නේ මේ සම්බන්ධතාවේ සියුම් ස්වරූපය ඔස්සේ. ආගමික, ආර්ථික, අධ්යාපනික මෙන්ම වයසින් ද අන්ත දෙකක සිටින මේ දෙදෙනාගේ මේ සියුම් සම්බන්ධතාව කොතෙක් දුර දිව යන්නේ ද යන්න ප්රේක්ෂකයාට පවා සිතා ගන්නට බැහැ. මිත්තණියගේ පීඩනයෙන් ගැලවෙන්නට රෆී මිලෝනිව භාවිතා කළා ද, ගමක ජීවිතයට ඇලුම් කරන, නිවසේ සිරවීමෙන් ගැලවීමට මිලෝනි රෆීව භාවිතා කලාද යන්න විනිශය කළ යුතු වන්නේ ප්රේක්ෂකයා විසින්. නමුත් මතුපිටින් වැටහෙන දෙයනම් දෙදෙනාම දෙනොට සියුම්ව ප්රේම කළ වග.Image may contain: 2 people, people sitting

දෙදෙනා චිත්රපට ශාලාවකට ගොස් චිත්රපටයක් නරඹන අවසාන දර්ශනයේදී මිලෝනි චිත්රපටය දිවෙන අතරවාරයේ නැගිට එළියට පැමිණෙන අතර, මද වේලාවකින් රෆී ද පැමිණෙනවා. ඔහුට චිත්රපටය බලන්නට නොහැකිවීම ගැන පසුතැවෙන මිලෝනි රෆී ගෙන් විමසන්නේ ඔහු චිත්රපටය මීට පෙර නරඹා ඇත්ද කියා. ඔහු පිළිතුරු දෙන්නේ නරඹා නොමැති නමුත් කතාවේ ඉතිරි කොටස දන්නා බවයි. ඔහු ඇයට පවසන්නේ පිරිමි ළමයා සහ ගැහැනු ළමයා ආදරයෙන් බැඳෙන බවත්, ගැහැනු ළමයාගේ දෙමව්පියන් ඔවුන්ගේ සම්බන්ධතාවයට විරුද්ධ වනු ඇති බවත්. එයට හේතුව පිරිමි ළමයා සාමාන්ය මෝටර් කාර්මිකයෙක් වීම නිසා බවත්. සියලු කථා එක හා සමාන අවසානයක් ඇති බවයි ඔහු ඇයට පවසන්නේ. නිශ්චිත අවසානයක් නොමැතිව චිත්රපටය අවසන් වුවද ඔවුන් ගේ සම්බන්ධතාවයේ අවසාන ඉරණම විය හැක්කේ එය බවද

Image may contain: one or more people, beard and closeup
නවාසුදීන් සිද්දිකි

? ප්රේක්ෂකයා තුල සැකයක් ජනිත කරනවා.

 

විශිෂ්ට ගණයේ චරිතාංග නලුවෙකු වන නවාසුදීන් සිද්දිකි ගේ සැහැල්ලු රංගනයත්, චිත්රපටයේ නිරූපිත චරිතයේ ගතිලක්ෂණයන් ට අනුගත වන සාන්යා මල්හෝත්රා ගේ හැගීම් විරහිත රංගනයත් චිත්රපටය ඉහළට ඔසවා තබනවා. නමුත් ඒ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ මිත්තනියගේ චරිතය නිරූපනය කරණ ෆාරූක් ජෆාර් ගේ අපූරු රංගනයයි.Image may contain: 2 people, people standing, ocean, beach, sky, outdoor, water and nature

අධ්යක්ෂ රිතේෂ් බත්රා ලෝකයේ අවධානය දිනාගත් 2013 වසරේ ඔහු අධ්යක්ෂණය කල The Lunch Box චිත්රපටය තරම් මෙම චිත්රපටය ඉහළ තැනෙක නැති බවයි විචාරකයින් පවසන්නේ. Photograph චිත්රපටය විශ්වසනීයත්වයේ අඛණ්ඩතාව රැක ගැනීමට අපොහොසත් වූ චිත්රපටයක් ලෙස බොහෝ දෙනා හඳුන්වනවා. දෙස් විදෙස් සම්මාන රැසකට පාත්ර වූ The Lunch Box චිත්රපටය ස්ත්රී පුරුෂ සෙනෙහස පිළිබඳ ගැඹුරට කා වැදුණ විශිෂ්ට රූප වියමනක් වන අතර Photograph චිත්රපටයට එය ජයගන්නට නොහැකි වූ බව හැගෙනවා. නමුත් රිතේෂ් බත්රා චිත්රපටයේ ප්රධාන චරිත දෙකෙහි ඇති සමාජ ආර්ථික නොගැලපීම ඉතා සියුම්ව චිත්රපටය තුල මතු කරනවා. සරළව ගතහොත් මේ චරිත දෙක සඳහා ප්රධාන නලු නිළි දෙපල තේරීමේ දී පවා සමේ වර්ණය හා සෞම්ය, රළු ස්වභාවය පවා සැළකිල්ලට ගෙන තිබෙනවා. සමාජ පන්තිය, ජාතිය, ආගම, අධ්යාපනය හා වයස යන ඉන්දියානු සමාජය දැඩි සැළකිල්ලක් දක්වන තීරණාත්මක නොගැලපීම් තුල ගැලපීමක් සොයා යන ගමනක් ලෙසද Photograph චිත්රපටය හඳුන්වන්න පුළුවන්.Image may contain: 1 person, beard

 

                                            © කපිල එම්. ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *