සත්‍යවාදියෙකුගේ ඡන්ම දිනයට සහෘදයන්ගේ සුබ පැතුම් …!

මානවවාදී මාධ්‍යවේදී සහෘදයන් අතර අතීතයක ගුණයක් එක් කළ මාධ්‍ය යුග පුරුෂයෙකුගේ උපන් දිනය යෙදී ඇති අද දවස ඔහුගේ අතීතාවර්ජනය කරනු රිසින් lankatarget.com වෙබ් අඩවිය විසින් සමකාලීන හා නූතන පරම්පරාවේ මාධ්‍ය වේදීන් හා රංගන ශිල්පින් මෙන්ම සාහිත්‍යධරයන්ගෙන් ඔහු පිළිබද විමසීමක් කරනු ලැබූවා ඔහු සුනිල් මාධව ප්‍රේමතිලක නැමැති සොදුරු පත්තරකරුවායි. සුනිල් අයියෙ උඹට සුබ උපන් දිනයක් වේවා.. මේ සහෘදයන් උඹ ගැන දැක්වූ ගුණ වැයීම් කිිහිපයක් ..

මනුෂ්‍යත්වය වෙනුවෙන් බර අඩි තබපු මිනිහෙක් – රංගන ශිල්පිනී ලංකා බණ්ඩාරනායක

වඩා යහපත් සමාජයක් වෙනුවෙන් තමන්ගේ මුලු ජීවිතයම කැපකරපු මිනිස්සු මේ රටේ ඉන්නේ ඉතාම අතලොස්සයි. ඔවුන් නිසා තමයි අද අපිට නිදහසේ හුස්මක් ගන්න ඉස්පාසුවක් ඉතිරි වෙලා තියෙන්නේ.

ජනමාධ්‍යවේදියෙක් විදිහට ඔහු තබපු බර අඩි අනාගත පරම්පරා වලට මනුශ්‍යත්වය දෙසට, මානව නිදහස දෙසට යන පාර හොයා ගන්න උදව් වේවි.  සුනිල් මාධව, ඔබේ ජන්මය සුභ වුනේ ඔබටත් වඩා මේ රටටයි…! මේ රටේ ජනතාවටයි..!   ඔබේ ජන්මය සැමරීමට අපට ඊටත් වඩා හේතුවක් ඕනෑද..!!!

 

 

අපේ නිල නොවන ගුරු තරුව – මාධ්‍යවේදී විමල් කැටපේ ආරච්චි

ඔහු ඉතිහාසයක කැඩපතක්. ඔහුගේ නෑනේ තීන්ත අපේ රුධිරයේ මුහු වුණා එක යුගයක. පත්තරකාරයකු වීමේ සිහිනය අප තුළ ජනිත කළේ ඔහුගේ ලිවීම්. සත්‍යවාදියකුගේ දිනපොත අපව ප්‍රහර්ෂයට පත් කළා. ඔහු අපේ නිල නොවන ගුරු තරුව. මම ඔහුට එදා වගේ ම තවමත් ආදරෙයි. ජීවිතය සුන්දරයි.

ඔහු ඉතිහාසයක කැඩපතක්. ඔහුගේ පෑනේ තීන්ත අපේ රුධිරයේ මුහු වුණා එක යුගයක. පත්තරකාරයකු වීමේ සිහිනය අප තුළ ජනිත කළේ ඔහුගේ ලිවීම්. සත්‍යවාදියකුගේ දිනපොත අපව ප්‍රහර්ෂයට පත් කළා. ඔහු අපේ නිල නොවන ගුරු තරුව. මම ඔහුට එදා වගේ ම තවමත් ආදරෙයි. ජීවිතය සුන්දරයි.

 

අතීතයක් තිබුනු මිනිහෙක්  – මාධ්‍යෙවේදී ප්‍රියන්ත කොඩිප්පිලි

 

 

 

ඉතාම කෙටියෙන් “අතීතයක්” තිබුණු මිනිහෙක්

 

 

අතිශය සුන්දර සහ සැබෑ මිනිසෙක් – මාධ්‍යවේදිනී පද්මිණී මාතරගේ 

පොතක් තරම් දේ සුනිල් මාධව අයියා ගැන කියන්න තියෙද්දි .පේලියක් කියන්නේ කොහොමද මල්ලි.
මාව නිර්මාණකාරියක් කලේ , ලේඛිකාවක් කලේ, ජීවිතය අලුත් ඇසකින් දකින්න කියා දුන්නේ සුනිල් අයියාගේ අටවෙනි පිටුවයි. මම දුටු අතිශය සුන්දර සහ සැබෑ මිනිසෙක්.

 

 

 

මාර ආදරේ හිතෙන මනුස්සයෙක් – ලහිරු කිතලගම

ම්ම්.. මම ඔහුව ආශ්‍රය කරලා තියෙන්නෙ ඔහු ලියපු දේවල්වලින්.. මට හිතෙන්නේ මාර ආදරේ හිතෙන මනුස්සයෙක් කියලා… මට මතක් වෙනවා ‘නොනිමි ජීවිත කතාව පොතේ කොමියුනිට්ස් වාදියා ගැන කියන කොටසෙදි ඔයු කියනවා, මනුෂ්‍යත්වය මිනිසුන්ගේ ළග තිබේ නම් මොන වාදයක් වත් අවශ්‍ය නැති බව“ එසේ ම කොමියුනිට්ස් වාදියා කියන්නේ මනුෂ්‍යත්වය තේරුම්ගත් පුද්ලගයෙකුට පමණයි කියලා‘ .. ඉතින් සුනිල් මාධව මහත්මයා කියන්නේ, පුවත්පත් කලාවේ ඉන්න අය නෙමේ මනුෂ්‍යත්වය ගැන අදහහන හැමෝම හැදැරිය යුතු චරිතයක් කියලයි මට හිතෙන්නේ..

 

 

 

ඓතිහාසික කාර්යභාරයක් ඉෂ්ට කළා – මාධ්‍ය වේදී සඳුන් ප්‍රියංකර විතානගේ

මුලින්ම කැමතියි ඔහුගෙ උපන්දිනයට සුබ පැතුම් එක් කරන්න.. සුනිල් මාධව ප්‍රේමතිලක මාධ්‍යවේදියෙකු විදිහට ඓතිහාසික කාර්යභාරයක් ඉෂ්ට කළා.. ඔහු හදවතින් වැඩ කළ මිනිහෙක්.. ඒ සමයේ ඔහු සෙනෙවියෙක් වුණත් දයාසේන ගුණසිංහයන් ලිව්ව වගෙම ඔහුට කගපතක් තිබුණෙ නෑ. ඒ අනුව ඔහුව කියවාගත යුතු වෙන්නෙ ඒ අදාළ සන්දර්භයේ පිහිටුවාගෙන. මේ වගේ පරෙවියන්ට රැකවරණය ලබන්න පියස්සක් එදා තිබුණෙත් නෑ. අදත් නෑ. පසුකාලීනව ඔහුගෙන් දැක්ක සමහර මතවාදී වැහැරීම්වලට ඒකත් හේතුවක්. නමුත් ඒ කිසිවක් නිසාවෙන් ඉතිහාසයේ ඔහුට හිමි තැන ගැන විවාදයක් ඇතිවෙන්නෙ නෑ.. ඔහු මුහුණ දුන්නාට වඩා අතිශය සංකීර්ණ තත්ත්වයන් එක්ක “වැඩක් කරන්න” උත්සාහ කරන මිනිස්සුන්ට අදත් හෙවණට පියැස්සක් නෑ.. කොහොම වුණත් ඔහු අප එක්ක නිතර තෙපළපු කතාවක් එක්ක මේ අදහස අවසන් කරන්නම්.. “අපිට ලස්සන අනාගතයක් නෑ බං.. ඒත් අපට ලස්සන අතීතයක් තිබුණා.”

 

ළෙංගතු පත්තර ප්‍රේමය – සාහිත්‍යෙව්දී  මහින්ද කුමාර දළුපොත 

 

 

 

 

එදා අපේ යෞවනයේ අරගලයේ සුවද ගෙනා හදබැදි ළෙංගතු පත්තර ප්‍රේමය

 

 

 

අපෙන් පසු කාලයේ ද වීරයෙක්  – ප්‍රියංකරගේ බන්දුල ජයවීර

 

 

 

එක්තරා යුගයක දේශපාලන පක්ෂයකටත් වඩා ශක්තියක් එඩිතර බවක් මිනිස්සුන්ට එන්නත් කළ අභීත පුවත්පත්කලාවේදියෙක්! අපේ කාලයේ පමණක් නොව අපෙන් පසු කාලයේ ද වීරයෙක් !!!❤❤❤

 

 

ජිවිතයේ දැක්ක සුන්දරම නිර්ව්‍යාජ චරිතයක් – මාධ්‍යවේදී / ඡයාරූප ශිල්පී – රවින්ද්‍ර පුෂ්පකුමාර

මගේ ජිවිතයේ දැක්ක සුන්දරම නිර්ව්‍යාජ චරිතයක් තමයි සුනිල් අයිය. මම හිතන්නෙ ඔහුට සම කරන්ඩ පුවත්පත් කලාවේ කෙනෙක් නෑ. අපි ඒ වාසනාවන්ත උනා ඔහුගේ පරමාදර්ශය ලබන්න.මම හිතනව තවත් යුග දෙකකටවත් ඒ අභාෂය ලබන්නට තිබුන අවස්තාව නැතුව ගියා . එහෙම වුනා නම් අද අපිට ඕපාදුප කොළ කෑලි නැතිව පත්තර දකින්න තිබුන.

 

 

 

 

අතීතය අපූරුයි  – සාහිත්‍යවේදී කපිල  එම් ගමගේ 

 

 

 

සුනිල් ගේ අතීතය අපූරුයි. එච්චරයි

 

 

 

කාටත් අධ්‍යනය කළ හැකි කදිම සත්‍යවාදියෙක් – මාධ්‍ය වේදිනී සුනේත්‍රා ඇතුගල්පුර

ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් වර්තමානයේ වෙනදාටත් වඩා දැඩි විවේචනය එල්ලවෙමින් වකවානුවකි මේ .ජනමාධ්‍යවේදියා යනු පවතින දේ වාර්තා කරන්නෙකු නොව ,පාඨක නැණ මනස පෝෂණයෙහි ලා ඉවහල් වන ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන්නෙකි ..
ඒ සඳහා සුනිල් මාධවයන් කාටත් අධ්‍යනය කළ හැකි කදිම සත්‍ය වාදියෙකි .
සත්‍ය ,සත්‍යමය මිස ඊට වෙනත් අටුවාටීකා නොමැති බව ඔහු අපට පසක් කර දුන් සත්‍ය යයි ……

 

 

 

 

ලිවීමේ රුචිය වර්ධනය වෙන්න බලපාපු මනුස්සයෙක්. – මාධ්‍යවේදී කසුන් සමරතුංග 

පුද්ගලිකව මට, සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නෙ ලංකාවෙ පත්තර කලාව ඇතුළෙ මගේ වීරයො පස්දෙනාගෙන් දෙවැනියා. අසීරු ම කාලවල එහෙම දේවල් අල්ලාගෙන ඉන්න එක මොන තත්ත්වයක් යටතෙ වුණත් වැඩක්. ඒ සමහර කතන්දර හරියට නිකං පුරාවෘත්ත වගේ. ඇඟ කිලිපොළා යනවා. අපිට කරන්න තියා හිතන්නවත් බැරි දේවල්. ඒ වගේම අපි පොඩි කාලෙ අපේ කියවීමේ සහ ලිවීමේ රුචිය වර්ධනය වෙන්න බලපාපු මනුස්සයෙක්. ඒ කොහොම වුණත්, දැන් පොදුවෙ ඔහු ගැන යම් විවේචනයක් තියෙනවා. පස්සෙ කාලෙක ඔහු අවම සදාචාරය යටතේවත් එකඟ වෙන්න බැරි මිනිස්සු සහ කණ්ඩායම් එක්ක එකට ඉඳගත්තා. තමන් අතීතයෙ ලියපු දේවල්වලට ම ප්‍රතිවිරුද්ධ සමහර අදහස් දැරුවා. ඒවා ඉතිං කෙනෙකුගේ පුද්ගලික වැරදි හෝ අඩුපාඩු කියල ඒ මිනිහා විතරක් දඬු කඳේ ගහන්න බැහැ. සමස්ථ චිත්‍රයෙ ම පින්සල් පාරවල් ගොඩක් අවුල් වුණානේ! ඒ නිසා අපි හැමෝම ඇතුළත් ඒ සමස්ථය සංකීර්ණව සහ සන්සුන්ව කියවාගැනීමයි වැදගත්. කොහොම වුණත් ඒ හැමදෙයක් ම මැද අදටත් සුනිල් අයියා මට වීරයෙක්. වීරයොත් මිනිස්සු. මිනිස්සුන්ට තමයි වරදින්නෙ. මිනිස්සු ම තමයි වැරදි හදාගෙන ගොඩ එන්නෙ.

 

මාධ්‍යවේදී භූමිකාවේ එක් කැඩපතක් – ගුරුගොඩ සිරිවිමල හිමි

 

 

 

එතුම ගැන මම අදහසක හිටියෙ නෑ. නමුත් ඔහුව කියවල තියෙනව. මාධ්‍යවේදියාගේ භූමිකාව කියවාගනිද්දි මට තියෙන එක් කැඩපතක් ඔහු. එයාගෙන් මම මාධ්‍යවේදියාව කියවාගන්න ගොඩක් වෙලාවට උත්සාහ කරනව. ඒ කොන්ද ගැන මට තියෙන්නෙ විශ්මයක්.

 

 

 

ජීවත් වුනු මිනිහෙක් – රංගන ශිල්පී මලිත් පීරිස්

 

 

 

 

ජීවත්වුන මිනිහෙක්

 

 

 

 

මනුස්සකම හම්බුකරපු මිනිහෙක් – මාධ්‍යවේදී  මංජුල සමරසේකර

වැඩි කාලයක් නෑ. තවම අවුරුද්දකුත් නෑ. සුනිල් අයියව මුණ ගැහුනේ ජිවිතේ දෙවැනි වතාවට. පළවෙනි වතාවේ මතක හිටින තරම් සංවාදයක් අපි අතරේ තිබ්බේ නෑ. දෙවැනි වතාවේදී මුණ ගැහුනේ කඩුවෙල මහ නගර සභාවෙදී. සුනිල් අයියගේ නමින් කඩුවෙල පාරක් නම් කරලා. ඒ එක්කම උපහාරයක් දෙන්න තමයි නගර සභාවට එක්කගෙන ඇවිත් තිබ්බේ. ප්‍රදේශයේ මාධ්‍යවේදියෙක් විදිහට වැඩේට ගිය මම ඊට පස්සේ ඔෆිස් එන්න පිටත් වුණා.

‘මල්ලි උඹ ලේක් හවුස්නේ යන්නේ. යමං මාත් එක්ක මගට යතැහැකි. සුනිල් අයියව ඇරලවන්න නගර සභාවෙන් දුන්න කාර් එකේ අපි ආවා. මාලඹේ ෆුඩ් සිටි එක ගාවදී කාර් එක නැවැත්තුවා. මම නම් බියර් එකක් විතරයි ගන්නේ. උඹට මොනවද ගන්න ඕන මල්ලි? ආර්ථිකය හම්බු නොකරම මිනිස්සුයි, මනුස්සකමයි හමබකරපු සුනිල් අයියා අතේ ලොකු මුදලක් නොතිබ්බ බව නම් මම හොඳටම දන්නවා.

බීලා වැඩට යන්න බෑ සුනිල් අයියේ. වෙන දවසක මම එන්නම් බෝතලයක් අරන්ම ගෙදරට…බහින්න කලින් මම කිව්වා.

සරළ වරප්‍රසාදයකට ආත්මයම පාවා දෙන පත්තරකාරයෝ මම ගොඩාක් දැකලා තියනව. දකිනවා. එහෙම නොවෙන කැටගරියට කියන්න වෙන තාක්ෂණික නමක් තවම බිහි වෙලා නැහැ. මොකද හැමෝම ඉන්නේ ‘මාධ්‍යවේදී’ කියන කැටගරිය ඇතුලට රිංගලා. ආත්මය පාවා නොදෙන කැටගරියට කියන්න නමක් ඕන නම් ඒකට ‘සුනිල් මාධව’ කියලා කියතැ හැකි

 

සුනිල් අයියා කියන්⁣නේ අහඹු, ධෛර්යසම්පන්න මනුස්සයෙක්. – සෞම්‍ය සඳරුවන් ලියනගේ

සමහර ඉලක්ක තියෙනවා, ළඟාකරගන්න ගොඩක් අමාරුයි. ඒ වගේම ඒ වෙනුවෙන් කරන්න තියෙන කැපකිරීමත් සුළුපටු එකක් නෙමෙයි. ගොඩක් අය කරන්නෙ ඒ වගේ අමාරු ඉලක්ක මගහැරලා ලේසි පාරවල් තෝරගන්න එක. ඒත් ඒ අතරෙ, එහෙම ලේසියෙන් දේවල් අතෑරල දාන්නෙ නැති සමහර අහඹු මිනිස්සුත් අපට මුණගැහෙනවා. අනිත් අයට මගහැරෙන, මගහරින කොටස වෙනුවෙන් තමන්ගෙ ජීවිතේම කැපකරන ඒ වගේ ධෛර්යසම්පන්න මිනිස්සු ⁣අපට ආයෙ ආයෙත් මතක් කරල දෙනවා, දේවල් අතෑරල දානවට වැඩිය වටින්නෙ අමාරුම මොහොතක පවා අල්ලගෙන ඉඳීම බව.
සුනිල් අයියා කියන්⁣නෙත් ඒ වගේ අහඹු, ධෛර්යසම්පන්න මනුස්සයෙක්.

 

 

 

මාධ්‍යවේදියා අතික්‍රමණය කළ සාහිතවේදියා. – ජනිත් විපුලගුණ

 

 

ධවල භීෂණයක් හමුවේ ඉච්ඡාභංගත්වය ට හා කුරිරු මර්දනයකට ලක්වූ ප්‍රජාවේ පුනර්ජීවනය වෙනුවෙන් පෑන හැසිරවිය යුත්තේ කෙසේද යන්න මනාව පැහැදිලි කළ, අපේ කාලයේ මාධ්‍යවේදියා අතික්‍රමණය කළ සාහිතවේදියා.

 

–   විමසුම් සටහන – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *