වූහාන් පළාතෙන් යළිත් ආසාදිතයන් හමුවෙයි

කොවිඩ් – 19 වෛරස අසාදනය පළමුවෙන් වාර්තා වූ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් නව ආසාදිතයන් පිරිසක් හමුවූ බව වාර්තා වේ.
ජාත්‍යන්තර මාධ්‍ය පවසන පරිදි වූහාන් ප්‍රදේශයෙන් පසුගිය සති අන්තය වනවිට වෛරසය ආසාදිත පුද්ගලයන් 6 දෙනෙකු හමුවී ඇත.
මෙම නව ආසාදිතයන් සියලු දෙනා කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති නමුත් කැස්ස හෝ උණ වැනි සාමාන්‍ය කොවිඩ් – 19 රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවද වාර්තා වේ. කෙසේවුවද මෙම පුද්ගලයන් වාහකයන් ලෙස ක්‍රියාත්මක විය හැකි බව චීන බලධාරීහූ පවසති.
මෙම ප්‍රතිඵලයත් සමඟ ලක්ෂ 110ක ජනගහනයක් වෙසෙන වූහාන් ප්‍රාන්තයේ සියලුම පුද්ගලයන්ට දින දහයක් තුළ කොවිඩ් – 19 පරීක්ෂණ සිදුකිරීම සඳහා චීන බලධාරීන් සැරසෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පළමුවෙන් කොවිඩ් – 19 ආසාදිතයන් වාර්තා වීම මෙම ප්‍රදේශයෙන් සිදුවූ අතර චීනය දැඩි නීති යොදමින් මෙම ප්‍රදේශය වසා දමනු ලැබීය. පසුගිය අප්‍රේල් 03 වැනිදා සිට මෙම ප්‍රදේශයෙන් රෝගීන් වාර්තා වීම නතරවීමෙන් පසු අප්‍රේල් 08 වැනිදා චීනය විසින් වූහාන් ප්‍රදේශය යලි විවෘත කරන ලදී.
මෙයට අමතරව කොවිඩ් – 19 යළි හිස එසවීමේ අවදානමක් ඇතිවූ ජිලින් ප්‍රාන්තයද අර්ධ වශයෙන් වසා දැමීමට චීනය කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *