වටින්නේ හයිය හිත – ( ජීවිතයට ආදරෙන් – 13)

වචන දෙක තුනකින් ඉවර කරලා දාන්න ඕන කතා අපේ ජීවිතේ අපිට ඕන තරම් මුණ ගැහෙනවා. ඒත් අපි අපිට නොදැනුවත්වම අකුරු හොය හොයා ඒවාට අලංකාර එකතු කර කර දිගම දිග පද පේලි එක්ක උත්සාහ කරනවා වචන කතාවක් කරන්න. අන්න ඒ කතා සමහරක් විට කවදාවත්ම නොලිය උනා නම් හොදයි කියලා බොහෝ අයට තේරුම් යන්නේ කාලයක් ගියාට පස්සෙයි.

ජිවිතේ මේ මොහොත වටින්නේ අන්න ඒ නිසයි. මේ මොහොතේ ඔබ කරන කියන දෑ පිලිබද අවබෝධයක් ඔබට තිබිය යුත්තේ අන්න ඒ නිසයි. තම ජීවිතයට ආගන්තුක නොගැලපෙන අකුරු පද අලංකාර එකතු නොවන තරමට ඔබගේ සුපුරුදු කතාවේ රසවත් බාවය නොනැසී පවතිනවා.

බොරු අලංකාර, ආලවට්ටම් , මොකට හයිය හිත හොදයි සේරටම වැඩිය. මට මේක ලිය උනේ දාහක් දෙනා තැත් ගැහි ගැහි උදේ රෑ නැතුව ගොඩනගා ගන්න හදන අනියම් වූ නියමයක් නැති සබදතා ගැනයි මම ඒ කිව්වේ.පරිස්සමින් දරුවෝ ජීවිතේට රැවටෙන්න එපා.ඒක රවට්ටගන්නේ ඔබමයි.

 

සකුරි තලගහගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *