“ඇම්ෆන්” කුණාටුව යාත්‍රා 30ක ගිය 180ක් ඉන්දුනීසියාවට ගෙනයයි

පසුගිය දින කිහිපයේ අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් සහ ඒවායේ සේවය කළ ධීවරයින් 180 දෙනෙකු ඉන්දුනීසියාව අවට මුහුදු කළාපය තෙක් ගසාගෙන ගොස් ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස ගසාගෙන යාත්‍රා බොහොමයක් කුඩාවැල්ල, ගාල්ල හා අම්බලන්ගොඩ ප්‍රදේශවලින් දියත් කර ඇති බව පැවසේ.
මෙම යාත්‍රාවන්ට හා ධීවරයින්ට කිසිදු හානියක් සිදුවී නොමැති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යන බැවින් මෙම යාත්‍රා නැවතත් ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත ළඟා වෙමින් පවතින බවත් ඉදිරි දිනවලදී ඒවා නිරුපද්‍රිතව දිවයිනට පැමිණෙනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. ඇතැම් යාත්‍රා සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොවන බැවින් එම යාත්‍රා එන පෙරමඟට ඉන්ධන හා ආහාර රැගත් යාත්‍රා පිටත් කිරීමටද පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දුනීසියානු රජය දැනුවත් කළ බවද එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *