මඟුල් දුක අගමැතිට…
මංගල උත්සව ක්ෂේත්රයේ රැකියාවල නියුතුවූවන් මේ මොහොතේ මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන් එම වෘත්තිකයන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
රූපලාවන්‍ය ශිල්පීන්, කොණ්ඩා සැකසුම් ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, විඩියෝ කැමරා ශිල්පීන්, හෝටල් සහ උත්සවශාලා පවත්වාගෙන යන්නන් ආදී ලෙස මංගල උත්සව ක්ෂේත්රය ආශ්‍රිතව රැකියාවන්හි නිරත වන ලක්ෂ 4ක පමණ පිරිසකට මේ වනවිට සිය ආදායම් මාර්ග ඇහිරී ඇති බව ඔවුන් විසින් පෙන්වා දී ඇත.
මෙලෙස ආදායම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තිකයන්ගේ සේවා ස්ථානවල කුලී ගෙවීම, ව්‍යාපාර සඳහා ලබාගත් ණය පියවීම, ණය කාඩ්පත් සඳහා මුදල් ගෙවීම ඇතුළු දුෂ්කරතා රැසක් උද්ගතව ඇති බවද ඔවුහූ අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සිය රජය ගෙනයන වැඩපිළිවෙල සාර්ථක කරගැනීම උදෙසා වෘත්තීන් වලින් බැහැර වෙමින් මෙම ක්ෂේත්රයේ වෘත්තිකයන් දැක්වූ සහයෝගය අගය කළ අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය ගැටළු ඇති නොවන ලෙස ඉදිරියේදී විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.