පොළොවේ හිටියට ඉඟිලෙන්නමයි හිත -( Y වර්ණ – 03 ) – ලියන්නේ නිරොක්ෂි ජෑන්ස්

ගෝලාකාර ලෝකේ ඇතුලත විවිධාකාර මිනිස්සු ජිවත් වෙනවා . ඒ අතර හුගක් මිනිස්සු ආත්මාර්ථකාමී සමහරක් මිනිස්සු පොළොවේ ජිවත් වුනත් ට්‍රයි කරන්නේ අහසේ පියාඹන්න. ඔය ආකාර මිනිස්සු අතරේ නිරන්තරයෙන්ම සිදුවෙන දෙයක් තමයි මේ බ්ලොක්(block) කිරීම කියන්නේ. එය ජංගම දුරකථන ඔස්සේ සිදුවන දෙයක් වුනත්, අද සමාජේ බෝහෝ පුද්ගලික සම්බන්ධතා වල අවසානය වෙන්නත් බ්ලොක් කිරීම මගින් වීම පුදුම නොවීමට කරැණක් ..ඒක ආදර කතාවක්ම විය යුතු නැ . සමහරක් විට යාළුකමක් හෝ නෑදැකමක් හරි විය හැකියි..ඇත්තටම මේ බ්ලොක් කිරීම හරි දෙයක්ද එහෙමත් නැත්තම් වැරදි දෙයක්ද ?

මං හිතන විදියට ඒක හරි ..

මොහොතකට හිතන්න ..

උඹට එපා වුනු,වදයක් වුනු , දකින තත්පරයේදිත් ඇගේ ලේ ටික පිච්චිලා යන කෙනෙක් සැරෙන් සැරේ කතා කරන එක,මැසේජ් එවන එක ,එහෙමත් නැත්තම් උඹට පේන්නම එක එක පෝස්ට් දාන එක පුංචි හරි මානසික පීඩයක් නේද කියලා . එහෙම කවුරැ හරි වදයක් වෙද්දී,ඒ දිහා හොරෙන් බල බල හිතේ සැනසීම නැති වෙද්දී, තවත් මොකටද ඒ අය ගැන හිත හිත එක තත්පරයක්වත් නාස්ති කරන්නේ නේද . ඉතිං ඒකට ගන්න පුළුවන් හොදම ඔප්ශන් එක තමයි බ්ලොක් කිරීම කියන්නේ . සමහරක් විට උඹට හිතෙන්න පුළුවන් ඒක මහ කැත වැඩක්නේ කියලා ..නැ..ඒක ගොඩක් සාධාරණයි . මොකද දන්නවද? අපි කිසිම පුද්ගලයෙක්ව හේතුවක් නැතුව බිලොක් කරන්නේ නැති හින්දා ..ඉතිං ජිවිතේට අදාල නැති මිනිස්සු නම්,ඒ අය මොන දේ කරත් තමන්ට වැඩකුත් නැත්තම් බ්ලොක් කරන එකේ කිසිම වැරැද්දකුත් නැ .

අනිත් දේ , කවුරැ හරි කෙනෙක් උඹව බ්ලොක් කරලා නම් හිතන්න,ඇයි එහෙම කරේ කියලා ..සමහරක් විට උඹ වැරැද්දක් කරලත් ඇති,නොකරන්නත් ඇති ..කිසිම වැරැද්දක් නොකරත් කවුරැ හරි උඹව බ්ලොක් කරලා නම් අනිවාර්යමෙන්ම මතක තියාගන්න , ඒ කෙනා කවුරැ වුවත් එයාට ඔයාගෙන් කිසිම වැදගත්කමක් නැ කියන එක ..තමන්ගේ ජිවිතේ ගැන වටිනාකමක් නැති. යාළුවෙක්ගෙන්,නැදැයෙකගෙන්,ර්ටත් වඩා එහෙම ආදරයකින් ඔයාට ලැබෙන දේ මොකක්ද..එහෙම අයව උඹ, මුලින් අයින් කරනවට වඩා ඒ අයම උඹේ ජිවිතෙන් ඈත්වෙලා යන එක ගැන සතුටු වෙන්න පුළුවන් කාරණාවක් .

මේ අතර උඹව බ්ලොක් කරපු කෙනාගෙන් උඹට නැති වුනු ජිවිතේ සැනසීම,සතු⁣ට නැවත ලැබෙන්නත් පුළුවන්,ඒ වගේම එයා මාව බ්ලොක් කරා නේද කිය කිය දුක් වේවී හිටියත් කාලයක් යද්දි උඹටම තේරැම් ගන්න පුළුවන් වේවි එහෙම වුනේ තමන්ගේම හොදට කියලා . ඇත්තටම ඒක තේරැම් ගන්න කල්යන රහසක් .. ඒ වගේම අපි රැදිය යුත්තේ අපේ ජිවිතේට වටිනාකමක් දෙන මිනිස්සු ළග මිස නොවටිනා මිනිස්සු ළග නොවේ ..ඉතිං මතක තියාගන්න අහේතු වලටත් බ්ලොක් වන මිනිස්සු ළග, හේතු වලටත් බ්ලොක් කරන කළ යුතු මිනිස්සු අතර මොන දේ උනත් තමන්ගේ ජිවිතේ නොනැවතී නිවැරදිව ගමන් කරන්න. එපමණයි !

තව ටිකකින් හමුවෙමු 

මම ජෑන්ස් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *