ජිවිතයට ආදරෙන් (14) – සකුරි තලගහගේ

අද දවසේ මං සම්බන්ධ උනා අපූරු කතිකාවතකට. එහිදී  අපි අතර හුවමාරු උන ඒ කරුන මං අද දවසේ ජීවිතයට ආදරේ තුලින් එලිදක්වන කාරනයක් කරගන්න අදහස් කරා. ඔහු මගෙන් ප්‍රශ්න කරේ යම් විදීමක් ගැන. ඔබ සැබවින්ම ජීවිතේ විදිනවද කියලා.

ඒකට පාදක කරගත් කරුනු තරමක් දුරට වෙනස් ආකාරයක් ගත්තා. ඔහු මගෙන් විමසා සිටියේ වැස්ස වගේම අව්වත් ගිනි අව්ව වගේම රෑ කරුවලත් එක වගේ විදල තියෙනවද කියලා. ඇත්තටම ඒක එතරම් සංකීර්ණ ප්‍රශ්නයක් නොවුනත් අවස්තානුකූලව මට වෙලාවක් තිබුනෙ නෑ ඒක ඔහුට පහදා දෙන්න මන් ඒ ගැන දරන අදහස. ඒක නිසා මන් ඒ විදීම නිර්වචනය කරා බොහොම සරල විදියට. ඒත් ඔහුට ඊට එහාගිය පිලිතුරක් තමයි අපේක්ෂා කරේ. නමුත් වෙලාවේ හැටියට මං ගැල විජ්ජාව උපයෝගීකරගෙන අවස්තාව පැහැර හැරියා.

නමුත් මට හිතුනා ඒ ගැන යමක් ලියන්න. ඒ විදීම අවංකවම විදීමක් ද කියලා. ඇත්තටම අපි ජීවිතය විදිනවද ? ,බහුතරයක් අපි ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් පුද්ගල අවශ්‍යතා මත වෙනස් උනත් බහුතර අවශ්‍යතා එක්ක මිනිස්සුන්ගේ විදීම් මේ ආකාරය වෙනවා, අධි සුපෝකබෝගී යාන වාහන, තට්ටු නිවාස,  AC කාමර , අතට පයට සේවකයින්,මිල අධික ආහාර රටාවන්, රාත්‍රී සමාජශාලා, ඇති නේද මෙතනින් මෙන්න මේ විදියට ඔබ දීර්ග ලැයිස්තුගත කිරීමක් කරාවි මේ ගැන , මෙන්න මේවා තමයි බොහෝ මිනිසුන් බලාපොරොත්තු වන විදීම සැප පහසු ජීවිත.

එතකොට අපි හිතමු බොහෝම සාමාන්‍ය මනුස්සයෙකුගේ ජීවන රටාව උදේ පාන්දර දර ලිපක ගිනි රස්නෙට හැදෙන කහට කෝප්පයකින් පටන්ගන්න දවසක් ගැන.කහට එකෙන් පටන් අරන් ගෙදර අම්මා අතින් නිමවෙන කිරි හොද්දයි ,ලුනු මිරිසුයි, සුදු බතුයි luxury නෑ නේද.එතකොට දවල්ට අම්ම හදපු කරවල හොද්දයි, කොස් මැල්ලුමයි ඒකත් luxury නෑ ඉතිං, රෑ කෑමට අම්මා දුන්නු කට පිච්චි පිච්චි කාපු පොල් රොටියයි, ලුනු මිරිසයි ප්ලේන්ටි එකයි අනේ මන්දා ඉතිං ඒකත් luxury නෑ නේද? ,එතකොට අර ගලක් උඩ තියලා ගොඩපර ගෙඩිය හොදට තලලා ඔලුවේ ගාලා කුඹුකේ ලිදෙන් නාපු වෙලාවේ හිතට දැනුන හැගීම washroom එකේ ෂැම්පෝ ටිකක් ගාලා නානවා තරම් නෑ වගේද?.,  වාහනේ AC නැතුව යනවා වගේද බස් එකක ජනේලයක් ලග වට පිට බල බල යන එක.ඒවා luxury නෑ . බොහොම සරලයි,  ඕවිටක් මැද හැදුව කටු මැටි ගෙවල් වල හතර වටින් එන වෙල් හුලග වගේද විදුලිපංකාවේ කටු කරකවන එක. ඇත්තටම එකිනෙකට ඒවා වෙනස් සමාන කරන්න බෑ කවදාවත්, අහසයි පොලවයි වගේ.

ඒත් ඇත්තටම ඒ මිනිස්සු ජීවත් වෙන්නේ නැතිද?, ජීවිතේ ජීවත් කරන්නේ නැතිද,ජීවත් වෙනවා, විදිනවා, ඒ සරල දිවිපැවැත්ම ඒ මිනිස්සු ගෙවනවා අපි හිතන්නේ ඒ මිනිස්සු දුක් විදිනවා කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි.ඒ මිනිස්සු අපි ගෙවන සංකීරණ ජීවිතය වෙනුවට සරල ජීවිතයක් ගෙවනවා.

අද මොන අම්මද මහ වැස්සක දරුවෙකුට එලියට බැහැලා තෙමෙන්න දෙන්නේ ,මොන අම්මද දරුවෙකුට ඇලක දොලක බැහැලා නටන්න දෙන්නේ හිතේ හැටියට, මහ මිනිස්සු විතරක් නෙමෙයි මේ අහිංසක දරු පැටවුනුත් මනසින් සිරුරෙන් හිරකාරයන් කරලා මේ සම්මතයන් තුල. ඇලේ වතුර වෙනුවට සිය ගානක් බහින swiming pool එකේ බස්සනවා.මොන ජීවිතදමේවා.

මනුස්ස අපට තත්ව, තරාතිරම්, සහ තැන අදාල නෑ ජීවිතේ විදින්න. අප ගෙවන හැම මොහොතක්ම හදවතින් විදින්න, ඒ හැගීම අවංකවම අත්දැකීමක් කරගෙන බලන්න, වැස්ස එනකොට හෙවනක් හොයනව වගේම ඉදල හිටලා හරි ඒ වැස්සේ තෙමිලත් බලන්න.පුදුම හැගීමක් ඒක. ගිනි අව්වේ අව්කාශ්ටකේ කුඩයක් වෙනුවට ඉර රස්නේ විදලා බලන්න. අහස අදුරු වෙනකොට ගෙට රිංග ගන්නේ නැතුව එලියට වෙලා රෑ අහස ටිකක් බලන්න.

ඔය අත්දැකීම ඔබ අම්මෙක් තාත්තෙක් නම් තම දරුවන්ට අත්විදින්න ඉඩ හරින්න. පුර හද පායපු අහස වගේම අමාවක අහසත් ලස්සනයි.ඒ වෙනස අත් විදලම බලන්න. හදවතින්ම ජීවිතේ විදින්න පුරුදු වෙන්න. සතුට සහ සැනසීමේ නියමුවා නුබයි , නුබ තුලයි ඒ සතුට ඇත්තේ. නොපමාව සොයාගන්න ඔබ ඔබවම

ජීවිතයට ආදරෙන්

සකුරි තලගහගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *