බෙංගාල බොක්ක, මෙතරම් බිහිසුණු ඇයි ? – නිලක්ෂි බණ්ඩාර

මැයි සහ ඔක්තෝම්බර් මාස වලදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට ස්වභාවික විපත් අතරින් මුල් තැනක් ගන්නේ තද සුළං ,අකුණු කුණාටු වැසි සහ නාය යාම්ය.තාවකාලිකව සහ වාර්ෂිකව ඇති වන කාලගුණික වෙනස්වීම්  මෙම තත්වයට බලපාන අතර මෝසම් සුළඟ සහ බෙංගාල බොක්කේ ඇතිවන වාසුළි වායු ගෝලීය ප්‍රධාන සංසිද්ධින්ය.මිනිස් ජිවිත වලට සහ ගෙවල් දොරවල් සහ වගාවන්ට මෙම විපත් වලින් ඇතිවන බලපෑම අසීමිතය.

උත්තර අක්ෂාංශ 5 -22 අතරද , නැ:දේ 80-90ද  අතර බටහිර ඉන්දියාව ,ඉන්දුනීසියාව ,ශ්‍රී ලංකාව ,බංගලා දේශය ,මියන්මාරය ,යන රටවලට මායිම්ව පිහිටි , වර්ග කිමි :2173000ක් පුරා පැතිරුණ කිමි 1600 ක් පුළුල් වූ ,අඩි 8500ක පමණ ගැඹුරින් යුත් බෙංගාල බොක්කේ භෞතික පිහිටීම මෙයට හේතුවයි.බෙංගාල බොක්ක ලොව විශාලතම මුහුදු බොක්ක වන අතර ,අන්තර්  නිවර්තන අභිසාරී  කලාපයේ උණුසුම් වේදිකාව ලෙස හඳුන්වයි.එමෙන්ම මෙය නිවර්තන කලාපයේ ඇති මාරාන්තික සුලිසුලන් ජනිත කරවන කලාපයයි.

මෙම ප්‍රදේශය මේ නමින් හඳුන්වන්නේ උතුරු අර්ධ ගෝලයේ මෙන්ම  දකුණු අර්ධ ගෝලයේ සිට හමා එන අධික සුළං ධාරාවන් එකිනෙක කේන්ද්‍රගත වන ස්ථානය නම් කරුණ පදනම් කරගෙනයි.මෙහිදී දෙපසින්ම හමා එන සුළං ප්‍රවාහන වල ඝට්ටනය හේතු කොටගෙන මෙම කැළඹිලි තත්වයන් ඇතිවේ.එලෙසම සමහර අවස්තාවන් වල හමා එන සුළං වල දිශානති වල වර්තනය වීම් නැතහොත් හැරවීම්  හේතු කොටගෙනත් මෙම කැළඹිලි තත්වයන් ඇති වන බව දැන් හොයාගෙන තිබේ.

ඉන්දියාවේ විශාලතම ගංගාව වන ගංගා නදී , ගොධාවරී, ක්‍රිෂ්ණා ,මේඝ්නා ,කාවේරි ,බ්‍රහ්මපුත්‍ර බෙංගාල බොක්කට ගලා බසී.ප්ලේටෝ සීන යුගයේ මහද්වීප නිර්මාණයේදී මහද්වීප වල බෑවුම් බෙංගාල බොක්ක දෙසට බෑවුම් වී තිබේ.

බෙංගාල බොක්කේ දේශගුණය ,බොහෝ දුරට මෝසම් සුළං මත තීරණය වේ.උත්තර අර්ධ ගෝලයට උෂ්ණ සාමය උදා වන ජුනි ,සැප්තැම්බර් කාල වලදී බෙංගාල බොක්කේ අඩු පීඩන මධ්‍යස්ථානයක් හට ගනී.තුන්පැත්තකින් ගොඩබිමින් වටවී තිබෙන නිසා උෂ්ණ සමයේදී රත්වන බෙංගාල බොක්කේ මාධ්යේ ඇති වායුව ඉහල නැගීමට පටන් ගනී.මේ නිසා ඇතිවන හිඩැස පිරවීමට බෙංගාල බොක්ක අවට පිහිටි උස්බිම් වලින් සුළං හැමීමට පටන් ගනී.මීළඟ අවස්ථාවේදී අඩු වායු පීඩන කලාපය වැඩි වායු පීඩන කලාපයක් බවට පත්ව ,කැරකෙමින් වාසුලියක් බවට පත්ව ගමන් කිරීමට පටන් ගනී. බෙංගාල බොක්කට නිරිත දිගින් පිහිටි ශ්‍රී ලංකාවට වාසුළි වල බලපෑම කෙලින්ම පතිත නොවුවත් බලපෑම් ඇති කරයි.අඩු වායු පීඩන කලාපය වෙත , ඉන්දියන් සාගරය හරහා ඇදී එන වායු දහරා ශ්‍රී ලංකාවට ඉහලින් ගමන් කරයි. මෙවර ඇති වූ සුළි කුණාටු සමයේදීද ලංකාවේ බටහිර ,නිරිත ,දකුණ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට, අධික වර්ෂාවක් පතිත වූයේ මේ නිසාය .

සුළි කුණාටු නිසා දැඩි බලපෑමක් ලැබෙන්නේ බටහිර ඉන්දියාව ,සහ බංගලාදේශයයි.සුළගින් සහ ගංවතුරින් මෙම ප්‍රදේශ වල සමහර අවස්ථා වලදී දහස් ගණනක් අසරණ වේ.බෙංගාල බොක්ක වටා පිහිටි ගොඩබිම් ප්‍රදේශය සහ ඉන්දියාවේ බටහිර ඝාර්ඩ්ස් කඳුවැටි ,හිමාලයා වැනි උස්බිම් නිසා අඩු දින ප්‍රමාණයකින් සුළගේ බලය අක්‍රිය කරවයි.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද ...

1970,1999 වර්ෂ වලදී මෙලෙස ඇතිවූ සුළි කුණාටු වලින් ඉන්දියාවේ හා බංගලාදේශයේ විශාල සංඛ්‍යාවක් මරණයට පවා පත්විය.මෙයට හොඳම නිදසුනක් වන්නේ 2011 වසරේදී බෙංගාල බොක්කේ ඇතිවූ අවපීඩන තත්වය හේතු කොටගෙන ඇතිවූ කැළඹිලි ස්වභාවයයි.ඒ අවපීඩන තත්වය හේතුවෙන් ඒ දිනවලදී කොලබ ප්‍රදේශයට අසමාන වර්ශාපතනයක් ඇද හැලි ඇති අතර අධික සිතලකින් සහ මිදුමකින් වැසි ගොස් ඇත.වසර 100ක ඉතිහාසය තුළ නැගෙනහිර ප්‍රදේශයට  ඇදහැළුණු වැඩිම වර්ෂාපතන වාර්තා වී ඇත්තේ ද  ඒ දිනවලයි.එමෙන්ම වසර 61 ඉතිහාසයේ කොලබ දිස්ත්‍රික්කයේ අඩුම උෂ්ණත්වය ද වාර්තාවීම විශේෂත්වයකි.එම තත්වයන්ට බලපෑ කරුණ වුයේ ලානිනා නමැති තත්වයයි.ලානිනා යනු කුඩා දැරිය යන්නයි.මේ හේතුවෙන් සාගර උෂ්ණත්වය එම සමයේදී වැඩි වී ඇති අතර ඒ නිසා ඕස්ට්‍රේලියා සහ ආසියා මහද්වීප වලට අධික වැසි හලිමත්,උතුරු ඇමරිකාවට අධික හිම පතනයක් සහ දකුණු ඇමරිකාවට දැඩි නියන් තත්වයක් ඇතිවීමද සිදු වී තිබේ.

Sri Lanka flood levels begin to reduce, more rain expected – Lanka ...

මෙතරම් විනාශයකට තුඩු දුන්නත් බෙංගාල බොක්ක යනු විශාල සමුද්‍රික පරිසරයකින් මෙන්ම ජෛව විවිධත්වය අතින් පොහොසත් කලාපයකි.කඩොලාන, හිරිගල් පර සහ මුහුදු ජීවින්ගෙන්  යුක්ත මෙය ලොව විශාලතම සමුද්‍රික පරිසර පද්ධතීන් 64න් එකක් වීම සුවිශේෂිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *