දකුණු ආසියාවටම අහිමි වුනේ කවර නම් කළු කොටියෙක්ද ? – හසිනි දෙනිපිටිය

ශ්‍රී ලංකාවේ සිටින කොටියා 1956 දී පමණ පී.ඊ.ඩී දැරණියගල මහතා විසින් “panthera pardus “ නම් උප විශේෂ කාණ්ඩයේ සත්ත්වයකු ලෙස නම් කළේය.ඒ අනුව මෙරට වාසය කරන කොටියා “panthera pardus kotiya” ලෙස හඳුන්වනු ලැබනවා.ඉංග්‍රීසි පරිවර්තනය තුළ කොටියා යනු ටයිගර් වේ .ටයිගර් යන්න සිංහලයට පරිවර්තනය කළ විට ව්‍යාග්‍රයා නම් වේ.මෙලෙස බලන කළ යම් භාෂාමය ගැටලුවක් හඳුන්වා දීමත් සමඟ ගොඩනැගී ඇත.එහෙත් ලංකාව තුළ එදා සිට අද දක්වාම සාමාන්‍ය පොදු ජනයා අතර කොටියා යන නාමය මිස අන් නාමයක් ව්‍යවහාර නොවේ.එම නිසා මෙහි දී කොටියා යන නාමය භාවිතයට ගැනීම වරදක් ලෙස දැක්වීමට ද නොහැක.නමුත් එය ඔබ මම බුද්ධිමය වශයෙන් දැන ගත යුතු කරුණකි.ඒ අනුව “panthera” යන ගණ නාමයෙන් ද “pardus” යන සුළු නාමයෙන් ද උප විශේෂ නාමය ලෙස “kotiya” යන නාමයෙන් ද හඳුන්වයි.

ලෝකයේ කොටින් උප විශේෂ නවයක් හඳුනා ගෙන තිබෙනවා.ඉන් එක් උප විශේෂයක් ලංකාවට අවේණික වූ “ panthera pardus kotiya “ වේ.අප්‍රිකානු කොටියා ( Panthera pardus pardus) අමූර් කොටියා (Panthera pardus orientalis)ආසියානු කුඩා කොටියා( Panthera pardus tulliana)ඉන්දියානු කොටියා (Panthera pardus fusca)ඉන්දු-චීන කොටියා (Panthera pardus delacouri) ජාවා කොටියා (Panthera pardus melas) උතුරු චීන කොටියා (Panthera pardus japonensis)පර්සියානු කොටියා (Panthera pardus ciscaucasica) අනෙකුත් උප විශේෂයන් අටයි.මොවුන් අප්‍රිකානු, ආරාබියානු, ආසියානු ප්‍රදේශවල ජීවත් වේ.මෙම උප විශේෂ අතර ශාරීරික වශයෙන් යම් යම් වෙනස්කම් ඇත. ප්‍රමාණයන් අතර පැහැදිලි වෙනස්කම් ඇතත් ශාරීර වර්ණයන් අතර බොහෝ දුරට සමානකම් දක්නට ලැබේ.තද කහ පැහැති වර්ණයෙන් යුත් සම පුරා ම තද කළු පැහැති පුල්ලි ඇත. බොහොම දූර්ලභ ලෙසින් සමේ ඇති මෙලනීන් ප්‍රමාණයේ වැඩිවීම නිසා ජානමය තත්ත්වය මත කළු පැහැති සත්ත්වයින් දක්නට ලැබේ. මෙරට පසුගිය දිනක මියගිය කළු කොටියා ද මෙම තත්ත්වය මත ඇති වූ අති දූර්ලභ ගණයේ සත්ත්වයෙකිගොසිප් සවුත් ලංකා නිවුස්: තවත් කළු ...

ශ්‍රී ලංකාවේ ජීවත් වන පිරිමි කොටියා අඩි 3 – 5 ත් අතර දිගකින් යුක්ත අතර 55 – 75 පමණ බරකින් යුක්තය. එසේම ගැහැණු කොටියා අඩි 2 – 3 අතර දිගකින් හා 25 – 35 අතර බරකින් යුක්ත බව දළ වශයෙන් පැවසිය හැකිය. කෝටින් අඳුරු පරිසර පද්ධතීන් තුළ විසීමට බෝහෝ ප්‍රය කරයි.ශ්‍රී ලංකා කොටියා කඳුකරයේ වනාන්තර, කෑළෑ කටු පඳුරු ආශ්‍රිතව මෙන්ම වනාන්තර පද්ධතීන්වල මෙම සත්ත්වයා ශ්‍රී ලංකාවේ ජීවත් වේ. එසේම යාල, විල්පත්තු වනෝද්‍යාන,ශ්‍රී පාද අඩවිය,හෝටන්තැන්න,නකල්ස් ආශ්‍රිතව මෙම සත්ත්වයින් අද වැඩිපුර ගැවසෙන බව තොරතුරු හමු වී ඇත.2008 IUCN රතු ලැයිස්තුවට අනුකූලව ශ්‍රී ලංකා කොටියා ද වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්වයෙකි.තත්ත්වය එසේ තිබීය දී පසුගිය මස 26 වෙනිදා නුවරඑළිය නල්ලතන්නිය ප්‍රදේශයයේ අටවා තිබූ මන්දකට හසුව කළු කොටියකු තුවාල ලැබුණි.ඊටත් දින දෙකකට පසුව එනම් 29 වෙනිදා එම සත්ත්වයා මිය ගියේය.ඊට හේතුව ලෙස වනජීවි පශූවෛද්‍යවරුන් පවසන්නේ අභ්‍යන්තර හානි නිසාවෙන් සිදු වු මරණයක් ලෙසයි.තත්ත්වය කෙසේවෙතත් තවත් එක් බොහෝ දුර්ලභ ගණයේ සත්ත්වයෙක් අහිමි විය.දුර්ලභ කලු දිවියෙක් හමුවෙයි | දිනමිණ

මෙලෙස සත්ත්වයින් මරා දැමීම්,මදුවලට හසු වීම්,වෙඩි තැබීම් අසන්නට දකින්නට ලැබුණි.මේ සියල්ලගේ ම ආරම්භය කවදා ද යන්න කිව නොහැක්කා සේ ම මෙහි අවසානයට ද දින වකවානු කිව නොහැකිය.ව්නජීවින් උදෙසා මෙරට බලය ලත් සංවිධානයන් ඇතත් වගකිව යුතු ඉහළ ම රජයේ ආයතනය වනජීවි දෙපාර්තමේන්තුවයි.නමුත් අපි සැම පිළිගත යුතු සේ ම එය එසේ බව සපථ කළ අකර්මන්‍ය දෙපාර්තමේන්තුවක් ලෙසින් වරින්වර අවස්ථා කිහිපයක දී පෙන්නුම් කර තිබේ.ආසන්නම සිදු වීම කළු කොටියාගේ සිද්ධියයි. ප්‍රදේශවාසීන් කොටියකු මන්දකට හසුව ඇති බව ප්‍රදේශයේ වනජීවී ආයතනය දැනුවත් කළ පැය ගණනක් ගිය පසු එම ස්ථානයට පැමිණිම සිදු විය. ඊටත් පසුව පශූ වෛද්‍යවරයාගේ පැමිණීම සිදු විය. මෙවැනි මන්දකට හෝ උගුලකට හසු වූ සත්ත්වයකුට ඉක්මන් ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ.නමුත් මෙම ප්‍රමාදය ම සත්ත්වයාගේ මරණයට ද හේතු විය හැකිය. මන්ද මනු සතා තිරිසන් සතා කියා වෙනසක් නැත.ඕනෑම සත්ත්වයකු මරණයට බිය වේ. එම නිසා ම ඉන් බේරීමට සාර්ථක හෝ අසාර්ථක උත්සහයක යෙදෙයි.මෙම සත්ත්වයාගේ ද බාහිරින් සුළු තුවාල තිබුණ ද අභ්‍යන්තරයේ වූ තෙරපීම් ඇති වූයේ මන්දෙන් බේරීමට දැරූ ප්‍රයත්නය නිසාවෙනි. නමුත් නිසි කලට ප්‍රතිකාර කළා නම් අදත් එම සත්ත්වයා ජීවත් වීමට ඉඩ තිබුණිමන්දකට හසු වූ කළු කොටියා මුදා ගත් ...

බෝහෝවිට වනජීවි කාර්යාලවලට යම් දැනුවත් කිරීමක් කළ පසු ඒමට අවශ්‍ය වාහන නිලධාරීන් නොමැති බව පවසන බැව් ගම්මුන් පවසනවා අනන්තවත් දැක ඇත.අවශ්‍ය සම්පත් මෙන්ම අවශ්‍ය තාක්ෂණික දැනුම ද නොමැති වීම නිසා ද වනජිවී කාර්යාල තුළ මෙන්ම ඒ ඒ පුද්ගලයන් තුළ දක්නට ඇත.සතුන්ගේ වාසභූමි මනුසතා අත්පත් කර මායිම් ලකුණු කළත් කෑළෑ සතාට ඒ මායිම නොසලකයි.ඔවුන්ගේ මායිම අපේ මායිම් මෙන් අඩියෙන් අඩිය ඉස්සරහට නොයයි.නමුත් තිබ්බ මායිම් ඔවුන් දනියි. අලි ගම් බිම් වදිනුයේ ඒ නිසයි.ඉතින් ඔවුන් එළවීම, මැරිම් කෙතරම් සාධාරණ ද යන්න මානුෂියව සිතා බැලුවොත් ඔවුන්ටත් නඩු කිය හැකි කරුණකි.එවැනි ඉදි කිරීම්, මනුෂ්‍ය වාසය සඳහා යොදා ගනු ලබන්නේ නම් දෙපාර්ශවයට ම සහන සැලසෙන ලෙස කටයුතු කළ යුතු නමුත් සිදු වන්නේ ඉවක්බවක් නොමැතිව කරන ක්‍රියාවන්වලින් දෙපාර්ශවය ම තැලීමට ලක් වීමයි. අවසානයේ වන සතුන්ට මිනිසාට මෙම ගැටලුව නිසා අත්වන ඉරණම මරණයයි.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 6 වන පරිච්චේදයේ 27 වගන්තියේ (14) හි “ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට වැඩිදියුණු කළ යුත්තේය” යනුවෙන් සඳහන් වේ.ඒ අනුව බලන කළ පරිසරය සුරක්ෂා කිරීම,සංරක්ෂණය රටේ පාලන අධිකාරයේ කාර්යයකි.වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතේහි 30 වැනි වගන්තියට අනුව කොටියකු මරණයට පත් කිරීමට තැත් කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, මැරූ සතා ගේ ශරීර කොටස්‌ ළඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදකි.එවැනි වැරදිකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් 30,000 සිට 1,00,000 දක්‌වා වූ දඩයකට යටත් කිරීම හෝ වසර 2කට නො අඩු වසර 6කට නො වැඩි සිර දඬුවමක්‌ නියම කිරීම සහ මේ දඬුවම් දෙක ම හෝ නියම කළ හැකි ය.අනෙකුත් සත්ත්ව ප්‍රජාව සඳහා ද මෙලෙස නිතී පවති. ශ්‍රී ලංකා නිතීමය පද්ධතිය එසේ වුව ද නිතීමය ආවරණය කොතෙක් දුරට ප්‍රබල ද යන්න නොදනී.වඳ වූවා යයි සිතූ, ශ්‍රී ලංකාවේ කළු ...

මෙරට තිබෙන ජෛව විවිධත්වය බෝහෝ සෙයින් රටේ ආර්ථිකය පණ ගන්වයි .ශ්‍රී ලංකාවට ආවේණික, දුර්ලභ ගණයේ සත්ත්වයින් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගනියි. එසේම අපේ ජෛව විවිධත්වයට මෙන්ම සමතුලිතතාවයටත් බොහෝ සෙයින් මෙම සත්‍ත්වයින් අවශ්‍ය වේ. සත්ත්වයින් හඳුනා ගැනීම මෙන්ම සත්ත්වයින් ආරක්ෂා කිරීම රැක බලා ගැනීම කළ යුතුව ඇත. මන්ද අප සතුව පමණක් නොව මෙම සම්පත මුළු ලෝකයට ම අයිති සම්පතක් බව තරයේ සිහි තබා ගත යුතුය.

හසිනි දෙනිපිටිය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *