තුන්වැනි ලෝක යුද්ධය අත ලඟද? – ජනක බොරලැස්ස

‍කොරෝනා වසංගතය නිසා ඇතිව තිබෙන මරණ සහ අනතුරුදායක තත්ත්වය පසෙකලා මේ දිනවල දෙස් විදෙස් මාධ්‍යයන්හි වඩාත් කතා බහට ලක්ව ඇත්තේ ඇමෙරිකාවේ සුදු-කළු භේදය මත හටගත් ගැටුම්ය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රකාශ නිසා ඔහුට විරුද්ධ පාර්ශවයන් දේශපාලනිකව ඔහු ඉලක්කකොට කැරළි කෝළහල දියත් කරද්දී, ට්‍රම්ප්ට පක්ෂපාත බහුතරය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඔවුන්ට ජාතිවාදී ලේබලය අලවාගැනීමට වුවමනා නොවන නිසාය.

ඇමෙරිකාව තුල අභ්‍යන්තර ගැටලු එසේ තිබියදී, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ රටවල් සම්බන්ධයෙන් ගන්නා පියවරයන් ගැන ලෝකයේම අවධානය දැන් යොමුවෙමින් පවතී. ට්‍රම්ප්ගේ හිතුවක්කාර විදේශ ප්‍රතිපත්තියේ මූලිකම ඉලක්කය වී ඇත්තේ චීනයයි.

චීනය සහ ඇමෙරිකාව අතර අසූව සහ අනූව දශක වල පැවතියේ සීතල වෙළඳ යුද්ධයකි. ‍‍‍‍‍‍‍ලෝක වෙළඳ සංවිධානය පුළුල් වීමත් සමඟ එය උත්සන්න විය. වර්ෂ 2001 දී චීනය ලෝක වෙළඳ සංවිධානය සමඟ සම්බන්ධ වූයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල විරෝධතා සහ දැඩි කොන්දේසි යටතේයි. ඉන්පසු ඇමෙරිකානු-චීන සීතල යුද්ධය විවෘත වෙළඳ යුද්ධයක් බවට පත්වන්නට විය. නිදසුනක් ලෙස 2005 දී උරුගුවේ බහුකෙඳි ගිවිසුම අහෝසි වීමත් සමඟ කෝටාවකින් තොරව අසීමිතව බටහිර රටවලට ඇඟලුම් අපනයනය සඳහා චීනයට අවස්ථාව ලැබුනි. එහි ප්‍රතිඵලයක් ලෙස බටහිර රටවල ඇඟලුම් කර්මාන්ත බිඳවැටුනි.China furious after Trump signs Hong Kong bills into law | News ...

චීනයට ලැබුන නිදහස් වෙළඳාමේ අවාසිය දැනුනේ දියුණු බටහිර රටවලට පමණක් නොවේ. ශ්‍රී ලංකාව සහ මොරොක්කෝව වැනි කුඩා රටවලට ලැබුන ඇඟලුම් ඇනවුම් නතර වීම නිසා එම රටවල කුඩා ඇඟලුම් කම්හල් සියල්ලක්ම පාහේ බිඳ වැටුනි. 2005 වර්ෂයේ ඇතැම් මාස වල ශ්‍රී ලංකාවේ ඇඟළුම් කම්හල් සිය ගනනක් වසා දැමුන බව වාර්තා විය. චීනය විසින් අනුගමනය කල කෘත්‍රිමව ඉතාමත් අඩු මිල ගනන් වලට භාණ්ඩ අපනයනය කිරීමේ උපක්‍රමය එසේත් නැතහොත් ප්‍රපාතනය (Dumping) නිසා බොහෝ දේශීය කර්මාන්ත බිඳ වැටුනි. චීනය වැනි බලවත් වෙළඳ ආර්ථිකයක් සමඟ හැප්පෙන්නට නොහැකි කුඩා රටවල් චීනාගේ පදයට නටන්නට විය. ඇමෙරිකාව වැනි රටවල් විශාල ගෙවුම් ශේෂ හිඟයන්ට මුහුණදීමත්, දේශීය කර්මාන්ත කඩා වැටීමත් නිසා දැඩි අසීරුතාවයන්ට මුහුණ දුනී. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව ප්‍රමුඛ දියුණු බටහිර රටවල් ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිපත්ති පසෙකලා චීනයට විරුද්ධව නැගී සිටියේය. ඔවුන් චීනයට විරුද්ධව තීරුබදු සහ බදු නොවන වෙළඳ බාධක සහ ප්‍රතිතෝලක නීති (Anti-dumping laws) හඳුන්වාදෙන්නට විය.

කෙසේ වුවද, ඇමෙරිකාව මෙම ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළේ ප්‍රමාදවයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2009 වසරේදී ඇමෙරිකාව ආර්ථික අවපාතයකයට මුහුණ දුන්නේය. එය යුරෝපීය සංගමයේ රටවල් ඇතුළු අනෙකුත් බටහිර රටවලටද පැතිරී ගියේය. ආර්ථික පසුබෑම හමුවේ බටහිර ආර්ථික කඩා වැටෙද්දී, චීනය, ඉන්දියාව ඇතුළු කාර්මික රටවල් බලවත් වන්නට විය.

2009 දී බැරැක් ඔබාමා බාරගත්තේ කඩාවැටුන ආර්ථිකයකි. එය ගොඩ ගැනීම පහසු නොවන බව ඔබාමා තේරුම් ගත්තේය. ඇමෙරිකාව බේරාගැනීමේ එකම මඟ චීනා ලඟ දණ නැමීමය. වෙනත් කළහැකි කිසිවක් නොවූ තැන ඔබාමා චීනය බලා පිටත් විය. එය ජනපති වීමෙන් පසු කළ ඔහුගේ පළමු විදේශ සංචාරයයි. චීන ජනපති හු ජින්තාවෝ හමුවේ ඔහුට බැගෑපත් වන්නට සිදුවිය. “හරි අපි ඇමෙරිකාවට ණය දෙන්නම්. හැබැයි අපේ අපනයන වලට තිබෙන සීමාවන් ඉවත් කරන්න”. ජින්තාවෝ ඔහුගේ බලය පෙන්වීය. ඔබාමාට එය පිළිගන්නවා හැරෙන්නට, කළහැකි වෙනත් කිසිවක් නොවීය. එම වර්ෂයේ ඇමෙරිකාව චීනයෙන් ලබාගත් ණය ප්‍රමානය ආසන්න වශයෙන් ඇ.ඩො. බිලියන 700 කි. එය ආසන්න ලෙස අපේ රටේ ජාතික නිෂ්පාදනය මෙන් දස ගුණයකි.Donald Trump and the US economy in six charts - BBC News

වසර දෙකක් තුලදී ඇමෙරිකානු ආර්ථිකය ආර්ථික අගාධයකට යා නොදී නැවත යතාතත්වයට රැගෙන ඒමට හැකිවීම ඔබාමාගේ රජය ලද ජයග්‍රහණයකි. නමුත් චීනයට දුන් සහන හේතුවෙන් චීනය ලබාගත් ආර්ථික ප්‍රගමනය බොහෝ ඇමෙරිකානුවන්ට රිස්සුවේ නැත. ඔබාමාගෙන් පසු ඔවුන්ට ඕනෑ කළේ ලෝකයේ අනෙක් රටවල් වල් පාගා දැමීමට හැකි නායකයෙකි.

ඔබාමාගෙන් පසු ලිබරල් සහ සහයෝගීතාවය මත පදනම් වූ ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට Democratic පක්ෂයෙන් ඉදිරිපත් වූ හිලරි ක්ලින්ටන් වෙනුවට ඇමෙරිකානුවන් තෝරාගත්තේ Republican පක්ෂයෙන් ඉදිරිපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඔහු දේශපාලනයට පිවිසීමට පෙර සිටම ඇමෙරිකානු ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වලට පක්ෂව කතා කළ පුද්ගලයෙකි. සහයෝගීතාව වෙනුවට බලය පෙන්වීමේ අභිලාෂයෙන් කටයුතු කරන ට්‍රම්ප්, විදේශීය සංක්‍රමණිකයින්ට විරුද්ධව කතා කළේ ඔහුගේ ඡන්ද ව්‍යාපාරය තුලදීමය.

‍ඩොනල්ඩ් ට්‍රම්ප් බලය ලබාගැනීමෙන් පසු චීනය සහ ඇමෙරිකාව අතර වෙළඳ යුද්ධය වඩාත් තීව්‍ර වූයේ ඔබාමාගේ දැඩි වෙළඳ ප්‍රතිපත්ති හේතුවෙනි. එම වෙළඳ යුද්ධයේ ස්වරූපය වෙනස් වී එය ආරක්ෂණ උපාය සම්බන්ධ ගැටුමක් බවට එය වර්ධනය වෙමින් පවතී. ඇමෙරිකාව චෝදනා කරන්නේ චීනය ඇමෙරිකානු බුද්ධිමය දේපල සහ දැනුම සොරාගෙන ඔවුන් මැඩලීමට සැරසෙන බවයි. Huawei සමාගමට එරෙහිව පැනවූ ඇමෙරිකානු තහනම එම ගැටුමේ එක් සන්ධිස්ථානයකි. ඩොනල්ඩ් ට්‍රම්ප් දැනට දින කිහිපයකට කලින් චීනයට රිදෙන තීරණයක් ගත්තේය. එනම් චීන ආරක්ෂක අංශවලට සම්බන්ධ සියලුම චීන සිසුන්ට ඇමරිකාවට පැමිණීම තහනම් කිරීමයි.US looks to step up economic action against China | Financial Times

මේවා චීන ඇමෙරිකානු ගැටුමේ බාහිර ලෝකයට පෙනෙන කරුණුය. නමුත් ආරක්ෂක අංශවල අභ්‍යන්තරයේ ගැටුම මෙයට වඩා බරපතලය. කොරෝනා වයිරසයද මෙම අභ්‍යන්තර ගැටුමේ ප්‍රතිඵලයක් විය හැකි මුත් තවමත් ඒ ගැන නිවැදිව කිව නොහැකිය. ඇමෙරිකාවේ විසූ කොරෝනා වෛරස් සම්බන්ධ පර්යේෂන පැවැත්වූ චීන මහාචාර්යවරයෙකු අභිරහස් ලෙස ඝාතනය වීමත්, ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වයිරසය “චීන වයිරසය” ලෙස හැඳින්වීමත්, වයිරස් හා වසංගත සම්බන්ධ පර්යේෂණ පවත්වන චීනයේ වූහාන් වල පිහිටුවා ඇති පරීක්ෂනාගාර නිරීක්ෂණය කළ යුතු යැයි ඇමෙරිකාව පැවසීමත් මෙය බොහෝදුරට චීන-ඇමෙරිකානු ගැටුමක් ලෙස සැක කළහැකි කරුණුය.

දැනට මෙකී ගැටුමට ලෝකයේ අනෙක් රටවල් සම්බන්ධ නැති මුත් අනෙක් රටවල්ද ඉදිරියේ දී සම්බන්ධවීමට ඇති හැකියාව ඉතා ඉහළය.

තුන්වැනි ලෝක යුද්ධයක් ගැන කතා කරන බොහෝ පිරිස්, එය න්‍යශ්ටික මිසයිල සහ නවීන ප්‍රහාරක යානා වලින් කෙරෙන යුද්ධයක් ලෙස අනුමාන කළද, එම යුද්ධය බොහෝ විට ජීවවිද්‍යාත්මක අවි, සයිබර් ප්‍රහාර හෝ වෙනත් එවැනි දැනුම පදනම් වූ ගැටුමක් විය හැකිය. එසේම අප දැන් සිටිනුයේ එහි මුල් අවධියේ විය හැකිය.

 

ජනක බොරලැස්ස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *