කෙනින්ස් හෙවත් කෙනින්ග්ස් කවි . (KENNINGS in English Literature ) -අශිර්දානි භාග්‍යා

ඉංග්‍රිසි සාහිත්‍යයේ එන කෙනින් කවි-kennings-ඉතා ආකර්ෂණීය කාව්‍ය විශේෂයකි. මෙහි ආරම්භය පුරාණ ඇන්ග්ලෝ සැක්සන් යුගය තෙක් දිව යයි. එහි එන බියුවුල්ෆ් beowulf කවිය අදටත් අතිශය ජනප්‍රිය කවියක්. එය දීර්ඝ වීර කාව්‍යයක් අතර පැරණි කාව්‍යෙය් ජනප්‍රිය ශේෂයකි.කෙනින් කවියක් රචනා වන්නේ ඉතාම කෙටි වදන් වැලක් ලෙසටයි. කොටින්ම කිවහොත් තනි පදයකට සමාන අරුතක් ඇති පද දෙකක වචන පමණක් එය ලිවිය යුතු වේ.

පද දෙක මැද්දට අනිවාර්යෙන් කෙටි ඉර හෙවත් hyphen ලකුණ යොදන අතර තනි පදයේ සම්පූර්ණ අර්ථය මෙදෙපදයෙන් පමණක් එළිදක්වයි. මුලු කවිය ම ගෙතී යන්නේ ඒ අකාරයට නිසා කවියේ සෑම වාක්‍යයක්ම තනි පදයට අර්ථයක් දෙන කෙටි දෙපදවදන් වැලකට සීමාවේ. උදාහරණ- ධීවරයා – මසුන්- මරන්නා.

මෙම වදන අනිවාර්යෙන් උපමා රෑපකයක් ම වේ. (Metaphor) ව්‍යංගාර්ථයෙන් කවියා ගේ අදහස දක්වයි.
පහත කවියෙන් නූතන kennings කාව්‍යයට කදිම උදාහරන සපයන අතරම තනි දෙපදයකින් හදවතට දැනවෙන හැගීම් පබැදුම් කළ හැකි අයුරැ කදිමට පෙන්වයි., කවියකින් දැනවෙන අදහසක අපුර්වත්වය රසවිදින්නට කෙටි පද බාධාවක් නොවී ඇති සැටි බලන්න..
මේ කවියෙන් දක්වන්නේ ව්‍යංගාර්ථයෙන් මවගේ ආදරයයි. ඇයගේ නොනිමෙන කැපවීමයි. දරුවන්වෙනුවෙන් කෙරෙනා වෙහෙස සහ මහන්සිය කැටි වූ කාර්යයන් ගැනයි.

අශිර්දානි භාග්‍යා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *