හිට්ලර් උපන් නිවස පොලිස් භාරයට – තරණය

1889 අප්‍රේල් මස 20 වන දින උපත ලද ඇඩොල්ෆ් සිය පරම්පරාවේ පෙළපත් නාමය නිසාවෙන් ඇඩොල්ෆ් හිට්ලර් ලෙස හදුන්වනු ලැබිණි. පවුලේ තෙවැනි දරුවා වූ ඇඩොල්ෆ් කුඩා කාලයේ පටන් කලාවට ඇලුම් කළ අයෙක් විය. එසේම ඉතා හැගීම්බර පුද්ගලයෙකු ද විය. යෞවනයෙකු වූ පසු ඇඩොල්ෆ් චිත්‍ර ශිල්පියකු හා ලේඛකයකු ලෙස සේවයෙහි යෙදුණි. මේ අතර ඔහු දේශපාලනය පිළිබඳව ද අධ්‍යනය කිරීමට පෙළඹුණි.

කෙසේ හෝ බැවේරියානු හමුදා සෙබළෙකු ලෙස එඩිතර සේවයක් කරමින් කෝප්‍රල් තනතුරේන් ද පිදුම් ලැබිණි. ඔහු දක්ෂ කතා කරුවෙකුගේ භූමිකාව මනාව හඳුනා ගත් කථිකයෙකු විය. ඔහුගේ ජිවිතය හැරවුම් ලක්ෂය වූයේ නව නාසි පක්ෂය ඇඩෝල්ෆ් නිරීක්ෂණය කොට ඔහුව තම පාක්ෂිකයෙකු කරගනිමින් ආණ්ඩු පෙරලීමට පොළඹවා ගෙන අවසානයේ ඔහු වැරදිකරු කොට සිර ගත කරනු ලැබිණි. එතැන් සිටි ඇඩොල්ෆ් කොමියුනිස්ට්වාදීන් හා යුදෙව්වන් විනාශ කළ යුතු බව ඔහුගේ අභිමතය විය. මෙලෙස ගොඩනැගුණු ඇඩොල්ෆ් කවුරුත් දන්නා හඳුනන හිට්ලර් වුයේ මෙලෙසයි. හිට්ලර් විසින් ඉදි කළ එසේම ඔහු රැදී සිටි ස්ථාන සඳහා අද ලෝකය තුළ වෙළඳපලක් හිමි වී ඇත්ද කියාත් සිතෙනා තරමට ඒ ඒ ගොඩනැගිලි පිළිබඳ කා අතරත් සාකච්ඡාවට ලක් වෙන කරුණක් වී තිබෙනවා.

හිට්ලර්ගේ නිවස දේව මන්දිරයක් ලෙස පවත්වාගෙන යන අයුරු

හිට්ලර් නම් දරදඬු පාලකයාගේ උපත බ්‍රොනෝ නම් නගරයේ අංක 15,සැල්ස්බර්ගර් ෆොර්ෂට්හි පිහිටි ගොඩනැගිල්ලක සිදු විය. මෙම ගොඩනැගිල්ල පිහිටියේ ඕස්ට්‍ර්යාව හා ජර්මනිය අතර දේශසීමාව ආසන්නයේමයි. මෙය හුදෙක් නිකම් ම නිකන් වටිනාකමක් නොමැති ගොඩනැගිල්ලක් ලෙස පෙනුණ ද එය දෙස හොඳින් බලන අයකුට එහි ඇති සුවිශේෂිබව ගම්‍යමාන වේ. එම ගොඩනැගිල්ලේ මංතීරුවක තබා ඇති කැටයමින් කෙරුණු ඒ ශෛලමය කොටස දුටු විට ම එය නිකන් ම නිකන් ගොඩනැගිල්ලක් ලෙස පැවසීමට නොහැකිය. එදා හිට්ලර් ක්‍රියාත්මක කළ ෆැසිට්වාදය නිසා මියගිය පිරිසකගේ නම් මෙහි ජර්මානු බසින් දක්වා ඇත. මේ නිසා ම මෙහි යම් ඓතිහාසික වටිනාකම් ඇතැයි පැවසීම වරදක් නොවේ. ෆැසිට්වාදයට හිතමිතුරු පිරිස් මෙහි පැමිණ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජන්ම දිනය සමරනවා. එය සෑම වසරක ම කරනු ලබන්නකි.

හිට්ලර්ගේ නිවස පවත්වාගනෙ ගිය පල්ලිය කඩා පොලිස් ස්ථානයක් බවට පත් වෙමින්

හිට්ලර්ගේ ජන්මය ලද ස්ථානයේ අද නෛතික වශයෙන් අයිතිවාසිකම් ඇත්තේ ඕස්ට්‍ර්යානු රජයටයි. එම ගොඩනැගිල්ල අද වනවිට සුනුවිසුණු කරමින් ඒ බිම මත පොළිස් ස්ථානයක් ඉදි කිරීමට ඕස්ට්‍ර්යානු රජය තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු ද සූදානම් කර අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගොඩනැගිල්ල මීට පෙර ගර්ලින්ඩේ පෝමර් නම් පුද්ගලයකු සතුව පැවතිණි. අමෙරිකානු ඩොලර් 350,000 පමණ මුදලක් වැය කොට ඕස්ට්‍ර්යානු රජය 2016 වර්ෂයේ දී මෙය මිල දී ගනු ලැබිණි. කෙසේනමුත් අද මෙයට අත්ව ඇත්තේ ඛේදවාචකයකි. ඒ ඛේදවාචකය නිසා ම මෙම ගොඩනැගිල්ලේ පැරණි අයිතිකරු වූ ගර්ලින්ඩේ පෝමර් අධිකරණය හමුවට ගොස් නිතීමය සහය පැතූවේ මීට විරුද්ධවයි. නමුත් සිදු වූයේ ගොඩනැගිල්ලේ ඓතිහාසික වටිනාකම සැලකිල්ලට ගෙන ඔහුට නැවත මුදලක් පිරී නැමීම පමණි. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 1.7 ක මුදලක් ඔහුට නැවත පිරිනමනු ලැබිණි.

මෙලෙස ලෝකයේ මත භේදයකට තුඩු දුන් මේ සිද්ධිය අද කුමක් සිදු වී ඇත් ද ?

හිට්ලර්ගේ උපන් නිවස සහිත මේ ගොඩනැගිල්ල “උදාසීන කරවීමේ ” අරමුණින් ඕස්ට්‍ර්යාව මෙම ගොඩනැගිල්ල පොලිස් ස්ථානයක් බවට පත් කරන බව එරට රජය පවසයි. එසේම වන්දනීය පූජනීය ස්ථානයක් ලෙස මෙම ගොඩනැගිල්ල පවත්වා ගෙන යන නාසි හිතවාදීන්ගේ ආකර්ෂණය මින් ඉවත් කර ගැනීම ද රජයේ තවත් අරමුණකි. ඉදිරි අනාගතයේ දී අතීතයේ අඳුරු සෙවනැලි හොල්මන් කිරීම වළක්වාලමින් මෙවැනි තීරණයක් ගැනීම වරදක් නැති වූවත් ඓතිහාසික වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් මෙලෙස කඩාබිඳ දැමීම හරි ද යන්න දෙවරක් සිතිය යුතුය. එනමුත් දැන් සිතීමට ඇත්තේ ඉදිරියේ දී ගොඩනැගෙන නව පොලිස් ස්ථානය පිළිබඳවයි. එහි සැලැස්ම අද වනවිට ඕස්ට්‍ර්යාව ලොවට හෙළි කර ඇත. මේ සඳහා ඩොලර් මිලියන පහකට වැඩි මුදලක් ඇත්තමේන්තු ගත කර ඇති බව වාර්තා වෙනවා. මෙම ගොඩනැගිල්ලේ පිටත පෙනුම වෙනස් කරමින් ආයතන දොළහක් ඉදි කිරීමට සැලසුම් කර ඇත්තේ ගෘහ නිර්මාණ ශීල්පීය ආයතනයක් විසිනි. ඒ ඕස්ට්‍ර්යානු රජයේ උපදෙස් පරිදියි. දැනටමත් මෙහි කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 පමණ වනවිට මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු ඕස්ට්‍ර්යානු රජය බලාපොරොත්තු වෙනවා. හිට්ලර්ගේ තිඹිරිගෙය එදිනට පොලිස් ස්ථානයක් සේ දිස්වනු ඇත.

තවත් රට තවත් විශේෂ සිදුවීමක් සමග හමුවෙමු 

තරණය 

ලියන්නේ හසිනි දෙනිපිිය 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *