කුරුල්ලන් එළවන උපකරණ අස්සේ ජනපතිට හිතවත් අය බිඳවීමේ ක්‍රමන්ත්‍රණයක්..

කවුරුත් නැති මොහොතේ ජනාධිපති සමග සිටි පුද්ගලයන් කිහිප දෙනා අතරින් කර්නල් රවින්ද්‍ර මීගමාරච්චි ජනාධිපතිවරයා සමග ඇති හිතවත්කම පළුදු කිරීමට ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ප්‍රධානියකු විසින් ගන්නා ලබන උත්සහයක් හේතුවෙන් සමාජ මාධ්‍ය ඇවිළී තිබේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා නිසි ක්‍රියා පටිපාටිය යටතේ මෙරටට ගෙන්වූ කුරුල්ලන් පලවා හරින උපකරණ ශ්‍රී ලංකා රේගුව මගින් පරික්ෂා කර බලා නිශ්කාශන කිරීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පරිත්‍යාග කරන ලදී.

රවින්ද්‍ර මිගමආරච්චි සමග පෞද්ගලික අමනාපයක් ඇති පුද්ගලයෙකු මෙම ක්‍රියාදාමය විකෘති කර රජයේ පුවත්පත්වලට වැරදි තොරතුරු සපයා ඇති අතර ජනාධිපතිතුමාට ද මේ සම්බන්ධව වැරදි අවබෝධයක් ලබාදී ඔහු විසින් ජනාධිපතිතුමා ද නොමග යවා ඇත.

එසේ කිරීමට හේතුව නම් රවින්ද්‍ර සමග ජනාධිපති තුමාගේ ඇති හිතවත්කම සහ විශ්වාස පලදු කිරීමටය. කෙසේ වෙතත් මේ සම්බන්ධව යුධ හමුදා ප්‍රදානියා විසින් පරීක්ෂණ සිදුකල අතර එහිදී රවින්ද්‍ර මිගමආරච්චිගේ නිරවද්යතාව තහවුරු වී තිබේ.

එසේ සිදු වී සතියක් යාමට මත්තෙන් ඔහුගේ පවුලේ අයට අයත් හෝටලයක් පිළිබඳ සති අග පුවත්පතක වැරදි තොරතුරු පළ කරවන මෙම මඩ ව්‍යාපාරය පිටුපස සිටින පුද්ගලයා එයින් ද උත්සාහ දරනුයේ රවින්ද්‍ර මිගමආරච්චි සහ ජනාධිපතිතුමා අතර විරසක භාවයක් ඇති කිරීමටය.

එපමනක් නොව ජනාධිපති කාර්යාලය වෙත ලැබෙන ලිපිගොණු රහසිගතව ප්‍රධාන පුවත්පත් සහ වෙබ් අඩ්වී වෙත ලබා දීම මෙම බ්‍රිගේඩියර්වරයා විසින් සිදු කරන බවයි පැවසෙන්නේ. නුදුරේදීම ඒ පුද්ගලයා කවුරුන්ද යන්න, ඔහුගේ දූෂිත ක්‍රියා සහ ඔහුගේ කල් ක්‍රියාව පිළිබඳ සාක්ෂි සහිතව අගතියට පත් පාර්ශවය විසින් කරුණු දැක්විමට නියමිත බව වාර්තා වේ.

‍මෙම බ්‍රිගේඩියර් වරයා විසින් අභුත චෝදනා සමාජ ගත කිරීමට උත්සාහ දරනුයේ රවින්ද්‍ර විසින් ජනාධිපති තුමාගේ නාමය අවභාවිතා කරන බවය. ඒ තුලම තිබෙන්නේ රවින්ද්‍ර ජනාධිපතිවරයාට ලංවිම දරාගැනීමට නොහැකි කම බව පැහැදිලිය. බ්‍රිගේඩියර්වරයාගේ පටු අරමුණ ඉෂ්ට කර ගෑනිමට රාජ්‍ය මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි ද අවභාවිතා කරමින් මේ මඩ ගැසීමේ පහත් ක්‍රියාවේ බ්‍රිගේඩියර් වරයා නිරත වෙමින් සිටී.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කවුරුත් නැති සමයේ ඔහු අතහැර නොගොස් ඔහු සමගින්ම දුකේදී සිටී කීප දෙනා අතරින් එකෙකු වන රවින්ද්‍ර යහපාලන සමයේදී නොයෙකුත් පලිගැනීම් වලට ලක්විය.

ජනාධිපතිතුමන් ද මේ අසාධාරණ පළිගැනීම සම්බන්ධව අවධානයෙන් සිටින අතර නුදුරේදීම මේ පළිගැනීම් මාලාව පිටිපස සිටින පුද්ගලයා සම්බන්ධව තීරණයක් ගනු ඇතැයි බොහෝ දෙනා පවසා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *