සමඟි ජන බලවේගයත් ආර්යා සිහිනයට යටවේ, – ජනනි, ලකී, ඉනෝකා හවුල වැඩ දමයි

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයට තරඟ වැදීමට පෙර ජනනි ප්‍රේමදාස විසින් තමා ජනාධිපති ආර්යාව ලෙස හදුන්වාදීමත් සමඟ මුළු මනින්ම සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති සටන දියාරු වන්නට විය. ඒ සදහා ඔහුට පක්ෂපාතී පිරිස් විවිධ විවේචන එල්ල කොට සිටි අතර ජනාධිපතිවරයා වීමට පෙර ආර්යාව තම බලය තහවුරු කර ගැනීම විසින් ජනාධිපති සටන ආර්යා සිහිනයට නතුව පරාජයට පත්විය.
කෙසේ නමුත් ජනාධිපතිවරණ සටන පරාජය වීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස සමග සිටි පිරිස නැවත බලමුළු ගැන්වෙන්නේ සමගි ජන බලවේගය නැමැති සංධානය ගොඩ නගා ගැනීමෙන් අනතුරුවය. ඒ සදහා මුල් වූ පිරිස් උද්යෝගයෙක් අදාළ කටයුතු සිදුකරමින් වෙනම කාර්යාලයක්ද පිහිටුවාගෙන මහ මැතිවරණයේදි අගමැතිධූරය සදහා උනන්දුව කටයුතු කරමින් පවතින වටපිටාවක නැවතත් ආර්යාව සමඟි ජන බලවේගයේ බලයද තමන් යටතට පත් කර ගැනීමට කටයුතු යොදා ඇති බවට තොරුතුරු වාර්තාවේ. තමාට හිතවත් පිරිස් එකතු කොට ඔවුන්ට තනතුරු හා වරප්‍රසාද පවරමින් සමගි ජන බලවේගයේ න්‍යාය පත්‍රය මෙහෙයවීම තමන් යටතටපත් කොට ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

ජනනි ප්‍රේමදාසගේ ලගම හිතවතා වන ලකී ෆොන්සේකා සමග නිරන්තරයෙන් පක්ෂ මූලස්ථානයෙහි සජිත් ප්‍රේමදාස නායකවරයාට අයත් කාර්යාල කාමරයට වැදී අනගි රැගුම් රඟ දක්වමින් පක්ෂයේ කටයුතු පසෙක ලා නිවසේ කාමරයක් තුළ සිදුවන ක්‍රියාවලිය සිදුකරමින් පක්ෂයේ කටයුතු දෙවැනි තැනට දමමින් කටයුතු කිරිම හේතුවෙන් ඉහල නිලයන් දරණ පිරිස් දැඩි කළකිරීමට පත්ව ඇති බවද වාර්තාවේ.

මේ අතරම පත් කිරීම් සිදුකිරීමේ බලයද ආර්යාව හා මිතුරාගේ කැමැත්තට සිදුවන අතර සමගි ජන බලවේගය කාන්තා සංවිධානයේ සභාපතිවරිය ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලංව සිටි හා රූපවාහිනී සභාපති පුටුව පක්ෂ ප්‍රතිපත්තියෙන් පිට කෑදර කමින් තබාගෙන සිටි  ඉනෝකා සතයංගනී  හට ලබා දී ඇත්තේ කිසිදු පොදු පක්ෂ තීරණයකින් නොවන බවට හෙළි දරව් වේ .

මේ අතර පසුගිය 10 වන දින වෝටර්ස් එජ් හි පැවැති පක්ෂ නියෝජිතයන්ගේ පිළිගැනීමේ රැස්වීමේ පිළිගැනීමේ කතාව සිදුකිරීමට සත්‍යංගනීට පැවරීම හිත මෙම තුන් කට්ටුවේ බලපෑමෙන් ගත් තිණයක් බවට හෙළිවේ.

කෙසේ නමුත් කිසිදු කර කියා ගැනීමකට නොහැකිව සිටින සජිත් ප්‍රේමදාසයන් හා සමගි ජන බලවේගයේ බලධාරීන් .. පක්ෂයෙන් පිටත සිදුවන ගැටුම් හා එක්සත් ජාතික පක්ෂය සමග පවතින මතභේදාත්මක දේ විසදීමටත් වඩා පක්ෂ අභ්‍යන්තරයේ ආර්යා  ආධිපත්‍යය සමග සටන් වැදීමට සිදුවීම දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව වැඩිදුරත් වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *