MCC ගිවිසුම නිසා ඇවිලෙන නේපාලය

නේපාලය සමඟ අමෙරිකාව ඇති කරගත් MCC ගිවිසුම නිසා නේපාලයේ දේශපාලන ප්‍රවාහය තුළ ඛණ්ඩනයක් නිර්මාණය වී තිබේ. එසේම ජනතාව ද MCC හිවිසුමට විරෝධය දක්වන පසුබිමක් එරට නිර්මාණය වී තිබේ. MCC ගිවිසුම බලාත්මක වනුයේ ජුනි 30 වන දා සිටයි. කේසේ නමුත් පවතින දේශපාලන ප්‍රවාහයත් සමඟ පාර්ලිමේන්තුව මෙය ක්‍රියාත්මක කිරීමට එකගත්වය පළ කර නොමැත. මේ නිසා නේපාල අගමැතිවරයා දැඩි අපහසුතාවයකට පත් වී තිබේ.

නේපාලය 2017 වර්ෂයේ සැප්තැම්බර් 14 වන දින MCC ගිවිසුමට අත්සන් තබනු ලැබිණි.එවකට මුදල් අමාත්‍යවරයා හා MCC හි ප්‍රධාන මෙහෙයුම් නිළධාරීයකු වන ජොනතන් නාෂ් සමඟ මෙම ගිවිසුම අත්සන් කරනු ලැබිණි.MCC ගිවිසුමට අනුව එය බැලූ බැල්මට ම නේපාලයෙහි උන්නතිය උදෙසා ම සකස් වූවක් බව හැඟුන ද එය එසේ නොවන බව විරුද්ධවාදීන්ගේ මතයයි. නේපාලයේ බලශක්ති අංශය ශක්තිමත් කිරීම, කලාපීය බලශක්ති සම්බන්ධතා වැඩිදියුණු කිරීම, ප්‍රවාහන වියදම් පාලනය කිරීම,පුද්ගලික ආයෝජන සහ රැකියා උත්පාදනයට දිරි ගැන්වීම යන කරුණු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ගිවිසුමක් සඳහා නේපාලය අත්සන් තබා ඇති ගිවිසුම යි. නේපාලය සමඟ ඇති කර ගත් මෙම ගිවිසුම ඉතිහාස ගත වූවකි. මන්ද මෙය දකුණු ආසියානු රටක් සමඟ MCC ආයතනය ගිවිසුම් ගත වූ පළමු අවස්ථාව මෙය වීම නිසාවෙනි.

කෙසේනමුත් පාලන බල අධිකාරීය සිය කැමැත්තට ගිවිසුම් අත්සන් කළ ද පාර්ලිමේන්තුව මෙය ප්‍රතික්ෂේප කළ යුතු බව නේපාල වැසියන්ගේ මතයයි. පාර්ලිමේන්තුව මෙම ගිවිසුම සම්මත කළ හොත් නේපාලයේ ස්වෛරීභාවයට හා රටේ ජාතික අවශ්‍යතාවන්ට බාධා වන බව ඔවුන් පවසයි. නේපාල වැසියන්ගේ විරෝධතාවය මෙන්ම එරට පාලකයන් අතර ද මේ නිසා බේදීමක් ඇති ව එකගත්වයකට ඒමට නොහැකි පසුබිමක් පවතී. නේපාලයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් අතර මෙලෙස බේදීමක් ඇති වී ඇත. මේ නිසා ම එරට අගමැති කේපී ඔලී දීර් කාලයක් පටන් මෙයට පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමට මහත් වෙහෙසක් දරයි. පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මෙලෙස ගිවිසුම් ගත වීම නිසා නේපාල මුදල් ඇමතිවරයාට දැඩි ලෙස විවේචන එල්ල විය. ඔහු ඊට ප්‍රතිචාර ලෙස පවසා සිටියේ ද්විපාර්ශවීක සම්බන්ධතා මෙන්ම ජාත්‍යන්තර ආධාර ලබා ගැනිම් සඳහා ද මෙම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම නිසා අයහපත් ප්‍රතිඵල ඇති විය හැකි බවයි.පාලක පක්ෂයේ මත ගැටුම් උත්සන්න වීම නිසා ම අභ්‍යන්තර පක්ෂ මණ්ඩලයක් ද පිහිටවනු ලැබිණි.එම අභ්‍යන්තර පක්ෂ මණ්ඩලයේ තීරණයන් අනුව ගිවිසුමේ අනාගතය තීරණය වන බවත් එම වෙනස්කම් හෝ තීරණ සඳහා අගමැතිවරයාට එකඟවීමට සිදුවන බව මණ්ඩලයේ ජේෂ්ඨ සාමාජිකයෙකු වූ ඛනාල් පවසා ඇත.

අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හවුල්කාර රාජ්‍යයකින් නේපාලයට ලැබෙන ඉහළ ම දායකත්වය මෙය වන බව අමෙරිකානු පාර්ශවය පවසයි. විදුලිය ලබා ගැනීමේ හැකියාව තවදුරටත් වර්ධනය කිරීම හා ප්‍රවාහන පිරිවැය අඩු කිරීම තුළින් නේපාල රජයට ජනතාවට සේවය ලබා දීම සඳහා අවස්ථාවක් මෙම ගිවිසුම හරහා ලැබෙන බව ගිවිසුමේ යෝජිත පාර්ශවකරුවන්ගේ මතයයි. ආර්ථිකමය ශක්තිමත් බව,   යටිතල පහසුකම් වර්ධනය,කලාපීය ආරක්ෂාව සහ නේපාල රාජ්‍යයේ දුප්පත්කම අවම කිරීම යන ප්‍රතිලාභ ගිවිසුම හරහා ලැබෙන බව අමෙරිකාව පවසයි. නේපාල පාලක පක්ෂයේ ගිවිසුමට විරෝධය දක්වන පිරිස් පවසන්නේ මෙම ගිවිසුම ඉන්දු – පැසිපික් උපායමාර්ගයක කොටසක් බවයි.නේපාල නිතීය අභිබවමින් ගිවිසුමේ නිතීන් පවතින බව ද ඔවුන් පවසයි. නේපාලයේ පොදු ප්‍රසම්පාදන පනත අනුගමනය නොකරන ලෙස ගිවිසුම ගොඩනැගී ඇති බව ද විරුද්ධවාදීන්ගේ මතයයි.එසේම මෙම කරුණු මත ස්වෛරීභාවයට හා ජාතික අවශ්‍යතාවයන්ට ගැටුම් ඇතිවන බව නේපාල ජනතාව චෝදනා කරයි.

මෙලෙස පාලක පක්ෂයේ එක් කොටසක් MCC හි ගිවිසුමට විරුද්ධවාදීන් ලෙස පෙනී සිටින අතර ම තවත් කොමියුනිස්ට් පක්ෂ 10 ගිවිසුම සඳහා විරුද්ධත්වය පල කරන බව විදෙස් මාධ්‍ය පවසයි.කේසේනමුත් නේපාල අගමැතිවරයා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගැනිමට යුහුසුළුව ක්‍රියා කරයි.අමෙරිකානු MCC ගිවිසුම අනුමත නොකරන ලෙස චීනය අගමැති ඔලි ප්‍රමුඛ රජයේ සමාජිකයන්ට උපදෙස් දී ඇති බව මාධ්‍ය පසුගිය දා වාර්තා කෙරිණි. ඒ රජය දෙකඩ කරමින් අගමැති ඔලිව දුර්වල කිරීමට බව පවසයි. කෙසේනමුත් චීනය ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ගිවිසුම පිළිබඳ තීරණ ගැනීමට සම්පූර්ණයෙන් ම නේපාල රජයට හැකි බවයි.එය ඔවුන්ගේ ස්වෛරීත්වය යන්නයි. ජුනි 30 ට පෙර ගිවිසුමට නේපාලය යහපත් ප්‍රතිචාර දැක් වුවහොත් නියමිත දිනට ව්‍යාපෘතිය ඇරඹෙන අතර ම එලෙස නොහැකි වුවහොත් තවත් කාලයක් දෙපාර්ශවයට නියම කර ගත හැකිය. එසේත් විසදුමක් නොමැතිව අමෙරිකානු රජයේ මූල්‍ය වර්ෂය අවසන් වුවහොත් ඉන් අනතුරුව අමෙරිකානු රජයට එම මුදල් වෙනතකට හැරවිය හැකිය.

 

තවත් රටකට තරණය කරන තෙක් ඉන්න

මම – හසිනි දෙනිපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *