ආදරේ කියන්නේ බම්බුවක් ,හෙම්බත් වුනු හැගීම් ළඟ සෙල්ලම් කරන -Yවර්ණ – 04 – නිරොක්ෂි ජෑන්ස්

ඔයාව මීට කලින් මං කොහෙදී හරි දැකලා තියනවා වගේ .ඔයා කතා කරද්දි හිතට දැනෙන හැගීම වෙන කවුරැත් කතා කරද්දී මට දැනේන්නේ නැ . ඔයා තරම් කාටවත් මට ආදරේ හිතිලා නැ .මැරුනත් ඔයාව මට අතඅරින්න බෑ . දන්නවද මේ තමයි මගේ අන්තිම පේමය .

ජිවිතේ අනන්තවත් මේ වචන උඹ වගේම මමත් අහලා ඇතී . ආද⁣රේ කරන්න කලින් හරි ආදරේ කරන කාලේදී හරි ..ආදරේ කියන හැගීම හදවතේ මෝරන්න කාලේදී හරි ..ඒක හරියට පුංචි ළමයෙක්ට කියන සුරංගනා කතාවක් වගේ ..එතැනින් එහාට ලෝකයක් අපි දකින්නේ නැ..ඒත් ඇත්තටම එහෙම ලෝකයක් ඇත්තේත් නැ . බුද්ධියෙන් හිතුවොත් එතැන තියෙන්නේ හිතට ඒ මොහොතේ දැනුන එකම එක හැගීමක් විතරයි ..ඒත් අපි තොත්ත බබ්බු වගේ ඒක මුළු ජිවිතේම කරගන්නවා.

වචනවලට මුල්වෙලා ආදරේ මවාගෙන මුළු ජිවිතේම එකම එක ශනිකයකින් ඒ ජිවිතේ මත ගොඩනන්ගන්නවා..මේ තරම් ආදරයක් ආයේ කවදාවත් මුණ නොගැහේවී කියලා පණ බයේ, ඒ ආදරේ මගේ වෙන්න කියලා හතර වටේටම බාරත් වෙනවා .

සංසාරේ ආදරේ අහම්බෙන් මුණ ගැහෙනවා .කාලයක් ගිහින් තමයි ගැලපෙනම ආදරේ අපිට ලැබෙන්නේ. ජිවිතේ කියන්නේ කවියක් නම් ඒ ආදරේ තමයි හුස්ම පද ටික. එයාටත් මං තරම් කවුරැත්ම දැනිලා නැ. මටත් ඒ රූපේ දැක්කාම හරි අමුතු හැගීමක් හිතට ආවා. කිය කිය හිත හිත ඒ මත්තේම මැරෙන්න හදනවා.අනේ බං ඉතිං අපි වගේ මෝඩයෝ ආදරේ ගින්දරයි කිය කිය ඒකටම පිච්චිලා මැරෙන්න හදන රෝමියෝලා වගේ දඟලනවා. මේ අහපන් ඇත්තටම මේ ලෝකේ අවංක ආද⁣රේ කියලා බම්බුවක් නැ. මිනිස්සු කැමති නැ තනියම ඉන්න. මිනිස්සු කැමති නැ තනි වෙන්න. මිනිස්සුට ඕන හැගීම් බෙදාගන්න .ගොඩක් මිනිස්සු හරි ආත්මාර්ථකාමි .අන්න ඒ හින්දයි අපි අපි වෙනුවෙන්ම කැප වුනු අපිටම විතරක් ආදරේ කරන ,මැරෙනකම්ම අපි ළග ඉන්න තව එකම එක හිතක් හොයන්නේ.
උඹ මම හිතන ආදරේ ඇත්තටම අවංක වුනානම්,පුළුවන් ද කියපන් අවුරැදු ගානක් එකෙක්ට ආදරේ කරලා තව එකෙක්ව කසාද බදින්න ..ආදරේ කරලා කසාදත් බැදලා මාස ගානකින් දික්කසාද වෙන්න. එහෙමත් නැත්තම් ඔයා තමයි මගේ පණ ජිවිතේ කියලා,ඒ වචන ටිකම තව එකෙක්ගේ ඇස් දිහා බලං මුමුණන්න.
ආ⁣දරේ කියන හැගීම මේ ලෝකේ අවංක නැ ..ඒත් කලාතුරකින් මිනිස්සු ඉන්නවා ..ජිවිතේ එක පාරක් ආදරේ කරලා ඒ ආදරේ නොලැබුන දුකට ඒ මතකයත් එක්කම ජිවත් වෙන..ඒත් මේ සමාජේ එහෙම උන් හරි අඩුයි ..ඒකයි ඇත්ත..
සමහරක් විට උඹත් නොලැබුන ආදරේ මත්තේ මැරෙන්න යනවා ඇතී .තාමත් සංසාර ආද⁣රේ හිමිවෙනකම් ඇගිලි ගනිනවා ඇතී .ජිවිතේ හැම අරමුණක්ම පැත්තකට විසි කරලා ආදරේන් සුව විදිනවා ඇතී .සරල,පුංචි දේකවත් ලස්සන නොදකින්න තරම් ආදරේන් ඇස් අන්ධකරගෙන ඇතී. ඒත් හිතපං ටිකක් .ඇත්තටම ආදරේ කියන හැගීම ජිවිතේ තරම් වුනාට ඒක උඩ ජිවිතේ සතපවලා සුරංගනා ලෝකයක් මවාගෙන අත්තටු නැතුව පියාඹන්න හදන්න එපා ..
ඒකනේ වෙන්නේ ජිවිතේ හීන පැත්තකට විසික් වෙලා,බලාපොරොත්තු සුන් විසුනු වෙලා උඹවත් උඩුයටිකුරු වෙන එක විතරයි ..එච්චරම තමයි ..
මේ ලෝකේ මිනිස්සු තරම් විස,කපටි සත්වකොට්ඨාසයක් වෙන කොහෙවත්ම නැ .දිව හැරෙන හැරෙන පැත්තට බොරැ කියන්න,ලස්සනට වචන දාලා ආදරේ මවලා පෙන්නන්න,උඹ වෙනුවෙන් මේ තරම් කැපකීරීම් කරා කියන්න ..සංසාරේ කෙළවර වෙනකම් උඹත් එක්ක ඉන්නම් කියන්න ..හරි ලේසී ..
උඹ මම නොදන්නවා වුනාට සමහරක් උන් ඉන්නවා .. ඒ ආදරේ උඹටම විතරක් කියලා හිතුවට ඒ මවාපෑම් ආදරේ තව උන් ළඟ බෙදාගත්ත ..එක හිතක් නැතිව ජිවිතත් එකක් සෙල්ලම් කරන ..ආතල් එක⁣ට ආදරේ කරලා ,කිසිම හැගිමක් නැති ගානට පැත්තකට අයින් වෙලා ගිය…
ඒක නිසා උඹ කවදාවත් කාවවත් ඕනාවට වඩා විශ්වාස කරන්න එපා ..සමහරක් විට දැන් උඹ ආදරේ කරනවා ඇතී,ආදරේ කරන්න බලාපොරොත්තුවෙන් ඇති ..ආදරේ කරලා විදවනවත් ඇතී ..ඒ මොන දේ වුනත් කමක් නැ ..ආදරේ කියන හැගීමට වඩා ජිවිතේ කියන හැගීමට ලැදි වෙයන් ..ඒ වෙනුවෙන් කැප වෙයන් ..
කවුරැහරි උඹට සංසාර ආදර කතාවක් මවාගෙන ඒකේ රඟපාන්න කතා කරොත් මෙහෙම කරපන් ..මුලින්ම ඒ පිටපත කියවලා අකමැති වගේ ගනන්නොගෙන ඉදපන් ..සති ගානකට පස්සේ ඒ සංසාරේ ආද⁣රේ වෙන කෙනෙක් එක්ක හරි අපුරැවට ලියාගන්න හැටි ..උඹට මුමුණපු සුරංගනා කතා ටිකම නම වෙනස් කරලා කියන හැටි …එදාට උඹට හරි අපුරැවට බලාගන්න පුළුවන් . ඉතිං උඹ හිතනවද.. ඉවසීමක් නැති තැන කවදාවත් ආදරයක් උපදින්න පුළුවන් කියලා …ඉපදුනත් සදාකාලිකව ඒ ආදරේ පවතී කියලා ?
ඇත්තටම ආදරේ කියන්නේ ඉපදී මියැදෙන හැගීමක් නෙමෙයි ..හදවතේ සදාකාලිකව පිපී තියෙන්න ඕන හැගීමක් ..ඒත් ඒ මීට හුඟක් ඉස්සර..එහෙමත් නැත්තම් නවකතාවක,අපි ආසාවෙන අඬ අඬ බලමු ෆිල්ම් එකක..නමුත් දැන් යන තත්වේ වෙනස් ..ඒකයි ආදරේට කලින් ජිවිතේ ගැන හිතන්න කියලා උඹ උඹේ හිතටම රීතියක් දාගනින් කිව්වේ ..එදාට ආදරේ බම්බුවක් වුනත් මොකද. ජිවිතේ හෙම්බත් නොවී සැනසීමේ හුස්ම ගන්න.

ඉතිං උඹේ ජිවිතේ ගැන,උඹ ගැන හැමදේම දන්නේ උඹ ..උඹ ම විතරයි ..පුළුවන් නම් එ්ක සුරංගනා ආදර කතාවක් නොකරගෙන ජිවිතේ ද දින්න තවත් එක් ලස්සනම කතාවක් කරගනින් ..හිතුවොත් උඹට ඒකත් කරන්න බැරි නැ ..අනිවාර්යයෙන්ම පුළුවන් .. එච්චරයි …!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *