චිත්‍ර ශිල්පීන්ට ඇති ලොකුම ගැටළුව වන්නේ වෙළද පොළක් නැති වීමයි – දුලාන් රාමනායක

 ඔබ ගැන කිව්වොත් ?

මම දුලාන් රාමනායක. අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විදුහලේ. උපන් ගම වැලිගම..දැනට පදිංචි වෙලා ඉන්නේ මහරගම…මාර්ග සංවර්ධන අධිකාරියේ දැනට සේවය කරනවා.

 ඔබ චිත්‍ර ඇඳීම සඳහා අවතීර්ණ උනේ කොහොමද ? ඒ ගැන හැදෑරීමක් කලාද?

මම පොඩි කාලේ ඉදලම චිත්‍ර අදින්න හරි කැමතියි. පාසලේ උනත් කැමතිම විශය උනේ චිත්‍ර…පාසල් කාලයේ පාසලේ චිත්‍ර ප්‍රදර්ශන වලට සහභාගි වෙලා තියනවා. ඒවගෙන් ජයග්‍රහන ලබාගෙන තියනවා…මම චිත්‍ර විශය හැදෑරුවේ සා.පෙල දක්වා විතරයි..උසස් පෙලට කරේ වාණිජ විශයන්. සාමාන්‍ය පෙලින් පස්සේ චිත්‍ර ගැන ලොකුවට හැදෑරීමක් කරේ නෑ. පාසලෙන් ඉවත් උනාට පස්සේ ඒ කාලේ කර රැකියා එක්ක උන කාර්‍යබහුලත්වය නිසා අවුරුදු 6ක් වගේ කාලයක් කිසිම දෙයක් අදින්න බැරි උනා…කාලෙකින් පැන්සල අතට ගත්තේ 2014දී…එදා ඉදන් අද වෙනකන් ඉතින් ඉඩ ලැබෙන හැම වෙලේම අදිනවා…

 ඔබ මේ කලාව තෝරගත්තේ විනෝදාංශයක් විදියටද? රැකියාවක් විදියටද?

මම කිව්වා වගේ 2014දි පටන් ගත්තේ නන් විනෝදාංශයක් විදියට..ඒ අදින චිත්‍ර ෆේස්බුක් වගේ සමාජ ජාල වලින් එලියට දැම්මට පස්සේ මගෙ චිත්‍ර වලට කැමති ඒවා රස විදින පිරිසක් එකතු උනා…එයාලටත් අවශ්‍ය උනා ඒ වගේ චිත්‍ර මගෙන් ඇද ගන්න…මම ඉතින් මගෙ මහන්සියේ හැටියට ඒ කාලේ යම් මුදලක් අරන් කරලා දුන්නා…දවසින් දවස හැකියාව වගේම ලැබෙන ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි උනා. ඉතින් එදා ඉදන් අද වෙනකන්ම ලැබන ඉල්ලුම් වලට චිත්‍ර අදිනවා…ඇත්තටම විනෝදාංශයක් විදියට පටන් ගත්තට අද මේක රැකියාවක් වගෙත් වෙලා. ඉතින් රැකියාවෙන් ලැබෙන විවෙක වලදී ලැබෙන ඉල්ලුම් ටික කලමණාකරනය කර ගන්නවා…ඒ අතරෙම මගේම නිර්මාණ එකතුවක් හදා ගනිමින් ඉන්නවා…

 වර්තමානයේ දක්ශ චිත්‍ර ශිල්පීන් අඩුයි.ඔබ ඉන් එක්කෙනෙක්. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?

මම නම් එහෙම හිතන්නෙ නෑ. මම තාම ටික ටික ඉගෙන ගන්නවා..අපිට මැරෙනකන්ම ඉගෙන ගන්න දේවල් තියනවනේ.. ඒ අතරේ මගෙන් නොදන්න දේවල් අහන හැම කෙනෙක්ටම මම දන්න දේවල් උනත් කියලා දෙනවා. ඇත්තටම මම නෙවෙයි මට වඩා දක්ශ චිත්‍ර ශිල්පීන් බොහෝ ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා වයස් භෙදයකින් තොරව… ඒ හැම කෙනාටම තියනවා ලොකු ගැටලුවක්..ඒ තමා අද අපේ රටේ චිත්‍ර වලට හොද වෙලදපලක් නැතිවීම.. මේ හේතුව නිසාම ගොඩක් අය රට අතෑරලා යනවා…සමහරු අධෛර්යමත් වෙලා චිත්‍ර අදින එක නවත්තනවා…ඒ නිසා ඒ දේට විසදුමක් ලැබුනොත් ඉදිරියේදි අන්තර්ජාතික චිත්‍ර ශිල්පීනට අභියෝගයක් වෙන්න පුළුවන් තවත් චිත්‍ර ශිල්පීන් ඕන තරන් අපේ රටේ ඉදිරියේදිත් බිහි වෙයි..

ඔබට ඔබේ ක්ශේත්‍රයේම අයගෙන් කැපිලි කෙටිලි එල්ල වෙනවද?

එහෙම කැපිලි කෙටිලි කියලා ලොකුවට මට නන් නෑ. කිසිම ක්ශේත්‍රයක කැපිලි කෙටිලි නැත්තේ නෑනේ. මේකෙත් ඒ වගේම තමා…ඒත් මතක් කරන්න ඕන අපේ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පීන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා…එයාලා හැම වෙලේම අපේ අඩුපාඩුවක් දැක්කොත් කියලා දෙනවා…නොදන්න දෙයක් ඇහුවොත් කිසිම ගුරු මුශ්ටියක් නැතුව ඕනම දෙයක් ඕනම වෙලාවක කියලා දෙනවා…ඉතින් කැපිලි කෙටිලි වලට වඩා ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන උදව් වැඩියි කිව්වොත් හරි…

 ඔබේ නිර්මාණ වලට අන් අය අතරේ තිබෙන ඉල්ලුම මොන වගේද?

ඇත්තටම හොද ඉල්ලුමක් තියනවා…සමහර වෙලාවට ලැබෙන විවේකයත් එක්ක සමහර ඉල්ලුම් අතාරින්න වෙන අවස්තා වැඩියි….මේ අවුරුදු හය ඇතුලත ලැබුන ඉල්ලුම් වලට කල නිර්මාණ 350කට වැඩි මිසක් අඩු නන් නැතිව ඇති…ගොඩක් වෙලාවට එක පාරක් සේවය ගත්ත කෙනෙක් නැවත නැවත සේවය ලබා ගැනීමේ වැඩි ප්‍රවණතාවක් තියනවා….මම හිතන්නේ අපි ගන්න මුදලට සාධාරණයක් වෙන ආකාරයෙන්,ඉහලම ගුණාත්වයෙන් යුත් නිර්මාණ සේවාදායකයාට ලබා දුන්නොත් අපිට අමුතුවෙන් කිසි දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ..ඉල්ලුම් ඕන තරම් එනවා…මම හැමවෙලේම උත්සාහා කරන්නෙත් ඒකමයි…සමහර අවස්තාවලදී නිර්මාණ සදහා ලැබෙන අපැහැදිලි ඡායාරූප මම භාර ගන්නත් අකමැති ඒ නිසාමයි…

 ඔබට අභියෝගයක් වන චිත්‍ර ශිල්පියෙක් ඉන්නවද?

අභියෝගයක් කියන්නේ මෙහෙමයි…මම අදින ශෛලිය එකක්..තවත් කෙනෙක් අදින ශෛලිය තව එකක්…ඉතින් මම අදින චිත්‍ර වලට කැමති රසික පිරිසක් ඉන්නවා වගේම අනිත් චිත්‍ර ශිල්පීන්ගේ ශෛලියන්ට කැමති රසිකයන් ඒ අයට ඉන්නවා…ඉතින් මට එහෙම අභියෝගයක් නෑ…ඒ වගේම අනිත් චිත්‍ර ශිල්පීන්ටත් මාව අභියෝගයක් නෙවෙයි…මොකද අපි හැමෝම අපිට අනන්‍යතාවයක් හදා ගෙන තියන නිසා….

මේ ක්ශේත්‍රය තුල ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද?

බලාපොරොත්තු ගැන කිව්වොත් මම ගොඩක් කැමතියි චිත්‍ර ව්ශයෙදි මම නොදන්න දේවල් ගැන ඉගෙන ගන්න ඉගෙන ගෙන ඒවගෙන් ඉදිරියට හොද නිර්මාණ කරන්න…ඒ වගේම චිත්‍ර වලින් යම් දවසක අපේ රටට ආඩම්බරක් ගෙන්න පුළුවන් නන් ඒ දේ කරන්න ආසාවෙන් ඉන්නවා…ඒ වෙනුවෙන් වැඩ කරනවා..

 චිත්‍ර ශිල්පියෙක් හැටියට මෙතෙක් දුර ආ ගමන ගැන ඔබට මොකද හිතෙන්නෙ?

මෙතෙක් ආව දුර ගැන නැවත් හැරිලා බැලුවොත් ඇත්තටම සතුටු වෙනවා. මොකද මගෙ හැකියාව දිනෙන් දින වැඩි වෙලා තියනවා කියලා හිතනවා.ඒ වගේම අදටත් නොදන්න දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා..මගේ නිර්මාණ රස විදින විශාල ප්‍රමාණයක් දැන් ඉන්නවා..ඒ අයගේ ආදරය නිතරම ලැබෙනවා….ඒ වගේම චිත්‍ර විශය නිසාම අදුන ගත්ත මිත්‍රයින් විශාල ප්‍රමාණයක් දැන් ඉන්නවා…චිත්‍ර විශය නිසාම අවස්තා විශාල ප්‍රමාණයක් ලැබිලා තියනවා …ආර්ථිකය පැත්තෙන් උනත් කලින් හිටියට වඩා හොද තත්වයක දැන් ඉන්නවා කියලා හිතනවා…ඉතින් ඒ හැමදේම ලැබුනේ චිත්‍රකලාව නිසා….මම ඇත්තටම සතුටු වෙනවා මෙතෙක් ආව දුර ගැන…

 ඔබේ ගමනට සහය දුන් අය මතක් කලොත්?

මම මුලින්ම මතක් කරන්න ඕන මගේ අම්මා,අයියා මල්ලී හැමවෙලේම එයාලට පුළුවන් හැම විදියෙන්ම හැමවෙලේම උදව් කරනවා….මගේ තාත්තා දැනට ජීවතුන් අතර නැහැ…අද හිටියනන් තාත්තත් ගොඩක් ආඩම්බර වෙයි කියලා හිතනවා…ඒ වගේම මට චිත්‍ර විෂය කියලා දුන්න සියලුම ගුරුවරුන්ට ස්තූති කරන්න මේක අවස්තාවක් කරගන්නවා…ඒ වගේම මට නිතරම උදව් කරන මිත්‍රයින්ටත් එන හැම ප්‍රශ්නයකදිම මාත් එක්කම ඉන්න රසිකයින් සියලු දෙනාටත් ගොඩක්ම ස්තූතියි .

සාකච්ඡා කළේ – හර්ෂි සේනාධීර 

හර්ෂි සේනාධීර 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *