නොසිඳුන පිය සෙනෙහසක මහිමයයි… “පුත් පෙමෙන්” – නිදුක් මල්ලව ආරච්චි

අජන්ත සෙනෙවිරත්නයන්ගේ ග්‍රන්ථ නාමාවලියේ දොලොස් වෙනි දිග හැරුම “පුත් පෙමෙන්” නවකතාවයි. මගේ දැනුම නිවැරදි නම් සුද්ධෝදන රජුගේ චරිතාපදානය ගැන ලියවු ලොව ප්‍රථම නවකතාව ද මෙය වේ. මෙවැනි නවකතාවක් රචනා කිරීම සදහා තම පරිකල්පන ශක්තිය මෙහෙය වීමද කතුවරයෙකුට ඇත්තෙන්ම අභියෝගයකි. මන්ද බෞද්ධ ඉතිහාසය තුල බොහෝ දෙනාගේ නොමද ගෞරවයට පාත්‍ර වු මෙවැනි ශ්‍රෙෂ්ඨ චරිතයක් ගැන ලියන්නට ඉදිරිපත් වීමමද අභියෝගයකි. වසර 2500කට වඩා ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන බෞද්ධයන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වන ශාසනික ඉතිහාසයේ මොන යම් හෝ දෙයක් ගැන අපට වුවමනා විදිහට ලිවිය නොහැක. වෙනස්කම් ද කල නොහැක. අජන්ත සෙනෙවිරත්නයන් මේ අභියෝගය සාර්ථක ලෙස ජය ගනිමින් ”පුත් පෙමෙන් ”නවකතාව ලාංකීය පාඨකයා අතට පත්කොට තිබේ.

මෙවැනි පොතක් රචනා කිරීමේදී ඊට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාගැනීමට ඊට අදාල නිවැරදි මූලාශ්‍ර කතුවරයෙකු විසින් සොයා ගත යුතුය. අජන්ත සෙනෙවිරත්නයන් විසින් මීට පෙර රචනා කරන ලද ”රාහුලෙක් උපන්නා” නවකතාව ලිවීමේදී පවා ඔහු ලත් අත්දැකීම් ද ”පුත් පෙමෙන්” නව කතාව ලිවීමේදී ඔහුට මහගු පිටුබලයක් සපයයි.

මා කතුවරයා හදුනාගන්නේ ඉජිනේරුවරයෙකු ලෙස හා අලෙවිකරණයේ දැවැන්ත නියමුවකු ලෙසය. මේ වෘත්තීය ජීවිතය අතික්‍රමණය කරමින් සාහිත්‍යධරයෙකු ලේඛකයකු ලෙස සහ කවියෙකු ලෙස ඔහු පැමිණි ගමන් මගේ වැදගත්ම සංධිස්ථානයක් ලෙසින් ඔහු අතින් ”පුත් පෙමින් “නවකතාව බිහිවීම හදුන්වා දිය හැක. දිගු කලක පටන් ලේඛන කලාවේ නියැලීමෙන් ලද පරිචයත් ඉතාම ගැඹුරින් ත්‍රිපිටකය ආශ්‍රය කරගැන්මෙන් ලද බෞද්ධ දර්ශනය සහ ශාසනික ඉතිහාසය පිළිබදව ඔහු තුල ඇති මහා දැනුමත්, ඔහුගේ නිවැරදි අධ්‍යනයත් මෙම පොත ලිවීම සදහා මහගු පිටුබලයක් සපයයි.

මෙම නවකතාවේ පළවෙනි පරිච්ඡේදය ආරම්භවීමට ප්‍රථම, සර්වඥවහන්සේ හමුවේ සුදොවුන් රජු කළ ප්‍රකාශයක් කතුවරයා විසින් පාඨකයා හමුවට ගෙනහැර දක්වයි.
“ස්වාමීනී, පුත්‍ර ප්‍රේමය මා සිරුරෙහි සිවිය සිඳියි…සිවිය සිඳ සම සිදීඳිි… සම සිඳ මස් සිඳියි… මස් සිඳ නහර සිඳියි..නහර සිඳ ඇට සිඳියි ..ඇට සිඳ ඇටමිදුලු වල හැපී පැතිර සිටියි..”

ඵ් මහා නොසිඳෙන පිය සෙනෙහසක මහිමය ලොවට කියන්නට මීට වඩා නිදසුනක් තවත් ලොව තිබේද? සුද්ධෝදන රජු තම පුතු ගැන පවසන මේ වාක්‍ය කාණ්ඩය කියවන පාඨකයා තුල පවා ඇති කරන්නේ අතීශයින්ම සංවේදී අත්දැකීමක්ය .
මෙම නවකතාව ආරම්භ යේ සිට අවසානය දක්වාම කියවන පාඨකයා ඵක ලෙස බැඳ තබා ගැනීමට කතුවරයා සමත් වේ. වයස් භේදයකින් තොරව කාහට වුවද ඉතාම පැහැදිලි ලෙස කියවා රස විදිය හැකි ලෙස මෙම පොත රචනා වී ඇත. මා මෙතෙක් කිය වු කිසිදු ග්‍රන්ථයක නොමැති තරමින්, මෙම නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම කියවන පාඨකයා තුල සංකල්ප රූප මැවීමට කතුවරයා සමත් වේ. ”පුත් පෙමෙන් ” කියවන මොහොතක් පාසා ඵ් තුල පාඨකයාට මවන සංකල්ප රූප විටක සිනමා පටයක ස්වරූපයෙන් ද, තවත් විටක විහාරස්ථානයන් තුල සිතුවම් කර ඇති සිතුවම් ස්වරූපයෙන්ද පාඨක මනස ආක්‍රමණය කරයි.

පාඨක මනස මේ නවකතාව තුල තව දුරටත් ඉදිරියට රැගෙන යන්නට කතුවරයා සමත් වන්නේ ඔහු මේ සදහා යොදාගන්නා භාෂාවයි. කෙටි කතාව, නව කතාව, කවිය සහ ගීතය යන සාහිත්‍ය නිර්මාණ තුල ඇත්තේ භාෂා හරබයකි.

“පුත් පෙමෙන් ” ආරම්භ වන්නේ සිදුහත් කුමරාගේ අභිනිෂ්ක්‍රමණයත් සමගය. මෙයින් අතීශයින්ම කැළබීමට පත්වන සුද්ධෝදන රජුගේ මානසික වියවුල කතුවරයා මනාවට විවරණය කරයි. සුද්ධෝදන චරිතාපදානයත්, සිදුහත් බෝසතාණන්ගේ චරිතාපදානයත් අතර ප්‍රධාන වශයෙන් දෝලනය වන මෙම කතා පුවත අවසානය දක්වා රැගෙන යන්නේ අනෙකුත් සියලු චරිතයන්ටද සාධාරණ ය ඉටුකරමිනි. මෙහි සියලුම චරිත පිළිබදව මානසික විවරණයක යෙදෙන කතුවරයා ඵ් සියලුම චරිත වලට සාධාරණයක් ඉටු කරයි.

මෙතෙක් බිහි වු කිසිදු බෞද්ධ ග්‍රන්ථයක සදහන් නොවු තොරතුරු ”පුත් පෙමෙන්” නවකතාව හරහා පාඨකයා අතරට ගෙන ඵ්මට කතුවරයා සමත් වේ. පිංවත් කුමරෙකු තම කුස තුල පිළිසිද ගැනීමත් සමගම මහමායා දේවියගේ දෛනික චර්යා රටාව වෙනස් වන්නට පටන් ගනී. විරාගික ජීවිතයකට සහ ධාර්මික ජීවිතයකට යොමුවන ඇගේ හැගීම් පිළිබදව ඈ සුද්ධෝදන රජුන් සමග මානසික විවරණයක යෙදෙයි. මායා දේවිය තම සිත තුල උපන් නොකිළිටි හැගීම් පිළිබදව ඉතා සංවේදීව සුද්ධෝදන රජුන් සමග පවසයි. තම අග මෙහෙසියගේ හැගීම් ප්‍රකාශනයත් සමගම නොසන්සුන් වන තම සිතුවිලි සුද්ධෝදන රජු මයා දේවියගෙන් වසන් කර ගනී. කතුවරයා ඉතාම සියුම් ලෙස මේ සංවාද පාඨකයා අතරට රැගෙන ඵයි. සුද්ධෝදන රජුගේ මේ නොසන්සුන් මානසික අරගලය අවබෝධ කර ගන්නේ මහා ප්‍රජාපතීන්ය. ඵ් පිළිබදව ඔවුන් අතර සිදුවන සංවාදයන් සහ සුද්ධෝදන රජුගේ මානසික නොසන්සුන් තාවය කතුවරයා අප හමුවේ තබන්නේ මනෝ චිකිත්සකයෙකු ලෙසය. මෙතරම් සියුම් අවස්ථාවන් ගැන පවා විවරණයක යෙදුණු තැන් අපට බෞද්ධ සාහිත්‍ය තුල පවා හමු නොවන තරම් ය.

පරිච්ඡේද 25 ක් පුරා දිවෙන සුදොවුන් රජුගේ ව්රිතාප්‍රදානය ගැන කතුවරයා විවරණයක යෙදෙන්නේ ඵ් හරහා ඵන තවත් අතුරු කතා රාශියක් සමගය. සර්වඥයන්වහසේ තම පැවිදි පිරිවර සමග දැඩි සේ රෝගාතුරව සිටින තම පියාණන් බැහදැකීම සදහා කපිළවස්තු රජමාළිගය වෙත සැපත් වන සේක. සුදොවුන් රජුගේ අනෙක් පුත්‍රයා වන නන්ද රහතන් වහන්සේත් මුණුපුරා වු රාහුල සාමණේරයන්ද ,සුදොවුන් රජුගේ ගිහිකල බෑනාවරුන් වු ආනන්ද, අනුරුද්ධ, භද්දිය යන තෙරණුන් වහන්සේලාද මේ ගමනට ඵකතු වන්නාහ. මේ සියලු දෙනාගේම වැඩමවීත් සමගම මරණාසන්ව ගිලන්ව සිටි සුදොවුන් රජුට දැනුනා වු සතුට මෙතෙකැයි කිව නොහැකි තරම් ය.
සිදුහත් කුමරුන් ම්ව් කුස පිළිසිද ගත් දා පටන්, කවදා හෝ ගිහි ගෙය හැර යන බව දැන දැනම පුරා වසර 29ක් පුරා තම පුතු සක්විති රජෙක් කරන්නට පිය රජු නොගත් උත්සහායක් නොමැත. සුදොවුන් රජුගේ මේ ව්‍යර්ථක උත්සහය ගැන ඵ මොහොතේ ඔහුගේම මතකයට නැගෙන්නේ නිරායාසයෙනි. ඵහෙත් ඵ් නැගි සිතුවිලි ගැන කතුවරයා අපට ඵකම වාක්‍ය කණ්ඩයකින් මෙසේ ප්‍රකාශ කරයි. “තම සිත අදුරේ ගිල්වා තැබූ අසීමිත පුත්‍ර ප්‍රේමය ඔහු අවඥා සහගතව මතකයෙන් බැහැර කළේය. සුදොවුන් රජු තම හද තුල නැගි සතුට සර්වඥයන්වහන්සේට ප්‍රකාශ කරන්නේ මෙලෙසිනි.

”මේ ලෝකේ සිටින ප්‍රීතිමත්ම මිනිසා මා වෙන්න ඇති.මගේ ඵක් පුතෙක් ලොව්තුරා බුද්ධත්වය ලබලා.. අනෙක් පුතා ඵම ශාසනයේ රහතුන් කෙනෙක්… මගේ මුණුපුරා නිවන් අවබෝධය සදහා හොදින් සූදානම්.. ඔබලා තිදෙනා ගැනම මට ඉතා ආඩම්බයි.. ආනන්ද, අනුරුද්ධ හා භද්දිය බෑණාවරුන් ගැනත් මට සිතෙන්නේ ඵලෙසමයි… සර්වඥයන්වහන්ස ඔබවහන්සේ නිසා ශාක්‍ය කෝලීය දෙනුවර අතර ඇවිලෙන්න ගිය භයානක යුද්ධක් නැවතුණා. ඵසේ නොවුණා නම් මගේ රාජධානියත් වර්ගයත් විනාශ වීමට තිබුණා”

“පුත් පෙමෙන්” නවකතාවේ පසු කවරය සැරසෙන්නේ තම මරණය දැක දැක සුද්ධෝදන රජු විසින් කරන්නා වු පාපොච්චාරණයකිනි. මේ උපුටා ගැනීම තුල සුද්ධෝදන මහ රජුන් ප්‍රඥාව තුලින් තමා අවබෝධ කොටත් සත්‍යය බුදුන් හමුවේ තබයි.
“ඇත්ත, ඔබව සක්විති රජෙක් කිරීමේ උවමනාවක් මට මුලදී තිබුණා. ඵය මගේ මමත්වය නිසාම ඇතිවු හැගීමක්..ඵ් වගේම රාජවංශය ගැන සිතීමෙන්ම ඇතිවු හැගීමක්. මට කමා කරන්න.. අද ඔබ ඊට වඩා උතුම් කෙනෙක්.. ඔබගේ ධර්මයෙන් සැපවත් වන මිනිස්සුන් ගණන මෙතකැයි කිව නොහැකියි… කුඩා කාලයේදී ඔබවහන්සේගෙන් වසන් කර තැබීමට මා උත්සහා කල මහලු වීමටත්, ලෙඩ වීමටත් මා දැන් ගොදුරු වෙලා.. ඉක්මනටම මා මිය යාවී.. මේ සත්‍යයෙන් මිනිසුන්ට ගැලවීමක් නැතිබව ඔබ වහන්සේ ගිහි කලදිත් මා සමග පැවසුවා.. ඵ් දවස්වල මා ඵ්වා පිළිගත්තේ නෑ….”

බෞද්ධ ඉතිහාසය තුල අපට හමුවන අතිශේෂ්ඨ නරපතියෙකු වු සුදොවුන් රජු කිසිදා මිදිය නොහැකියැයි සිතු ඇට මස් ලේ නහර පාවා පසාරු කරමින් තම ආත්මයම ගිල්ලවා දැමු පුත්‍ර ප්‍රේමයෙන් අග තැන්පත් වු උතුම් පියෙකි. ඵහෙත් ඵ සියල්ල තුල යතාර්ථය දකිමින් ලොව මිනිසෙකුට ලැබිය හැකි අති උත්තම වූ අරහත් ඵල ලාබී රහතුන්වහන්සේ නමක් ලෙසින් පිරිනිවන් පෑවේය.

මේ අති උතුම් නරපතියා පිළිබදව ”පුත් පෙමෙන්” නව කතාව හරහා අජන්ත සෙනෙවිරත්නයන් සමජගත කරන්නේ එෛතිහාසික කතා පුවතක් පමණක්ම නොවේ. කවදත් ඵකිනෙකට වෙනස් වන අනුභූතීන් ගැන ග්‍රන්ථ කරණයේ නියැලෙන කතුවරයා ඔහුගේ දොලොස් වෙනි දිග හැරුම ලෙසින් ”පුත් පෙමෙන්” අපට තිළිණ කරන්නේ බොහෝ සේ කියවා රසවිදිය හැකි චරිතාපදානයක් ලෙසය.

දහම් අධ්‍යාපනය ලබන දරුවන් විසින් කියවිය යුතුම පොතක් ලෙස “පුත් පෙමෙන්” නව කතාව හදුන්වා දිය හැක. මන්ද මේ නව කතාව තුල අඩංගු කරුණු ගැන සලකා බැලීමේදී පෙනී යන්නේ පොත් කීහිපයක් කියවාවත් ඵකතු කර ගත නොහැකි තරම් තොරතුරු ගැබ්ව පවතින බවයි. අජන්ත සෙනෙවිරත්නයන් ලාංකීය පාඨකයාට සාහිත්‍යධරයකු ලෙස තිළිණ කල දෑ බොහෝය. ඔහුගේ ඵ් සියලු කෘතීන් ඵකිනෙකට වෙනස් වු අත්දැකීම් සහිතව ලාංකීය පාඨකයාව ආමන්ත්‍රණය කරයි. ඔහු කවදත් තමා විසින් ලියන ලද ඵකදු පොතක් වෙනුවෙන් උත්සවයක් නොපැවත්තු ලේඛකයෙකි. තමා විසින් ලියන ලද ඵකදු පොතක් වෙනුවෙන් පුරසාරන් නොදෙඩු අයෙකි ඵ් ඔහුගේ නිහතමානීත්වයය. සොදුරු ආඥාදායකයෙකු ලෙස ලාංකීය පාඨකයා ගේ නොමද ආදරයට ගෞරවයට පාත්‍ර වන අජන්ත සෙනෙවිරත්නයන් ගේ මීලග කෘතීය කුමක් වේදැයි අපි බලා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *