පෙම් ලෝවේ දි දුටු ඔහුමද මේ ඔහුටද මා අන්ධ වුනේ…? – වසන්තිකා ස්වර්ණමාලි

අද බොහොදෙනකුට තියෙන සිතුවිල්ලක්.ආදරය කල කාලේ සිටියා පුද්ගලයන් කාලයත් සමගම වෙනස් විම හෝ වෙනසක් පෙනිම.ඇයි මෙහෙම වෙන්නෙ . ඇත්තටම ගැටළුවක් එක. ආදරය කියන වචනය පෙමිවතුන්ට පමණක් සිමා වු දෙයක් නොව එය අපි කාටත් අතවශ්‍ය දෙයක් .දෙමාපිය සමිබන්ධතාවයේදි වගේම දුදරු සමිබන්ධතාවයදි..මිතුරුමිතුරියන් අතර වගේම ජිවිත කාලයේදි අපි පවත්වන සමිබන්ධතාවලදි ආදරය ඉතා වැදගත් දෙයක්.

ආදරණිය පවුල් සමිබන්ධතා මැද හැදි වැඩෙන දරුවන් යහපත් පෙෘරුෂ ඇතිවෙනවා. මානසික වර්ධනය ඔවුන්ගේ උසස් මනෝවිද්‍යාඥයන්ගේ මතයට අනුව ආදරය මානව අවශ්‍යතාවයකි. එනිසාම ආදරය වෙනුවෙන් මිනිසා ඉමහත් කැපකිරිමි කරනවා අප දැක තිබේනවා.ළමයෙකුගේ මුළු ජිවිත කාලයම තිරණය කරන ප්‍රධාන සාධකයකි.ආචාර්‍ය R. කැමිප්බෙල් පවසන්නේ දරුවන් හැගුම් ගුලියක් බවත් ඔවුන් නිතරම අනෙකාගේ ආදරය බලාපොරොත්තු වෙන බවත්ය.ආදරය නොලබිමම ඔවුන් අකිකරු විමට බලපාන බවයි. එහෙත් එය ළමයාට පමණක් නොව වැඩිහිටියන්ට එය අදාලය මන්ද අපේ මානසික ස්වභාවය අනුව එය මුලික අවශ්‍යතාවකි. මේ ආදර හැගුම් පිරි තිබේන පුද්ගලයන් යහපතක් පෙෘරුෂයක් ඇතිවේ.ඔවුන් සමාජයෙ කැපි පෙනෙන පුද්ගලයන් බවට පත්වේ. ඔවුන් සමාජයේ ඉහලටම තල්ලු යාමේ අවශ්‍යතාවක් හට ගන්නවා.එහෙත් ආදරය අඩුපාඩු සහිත පුද්ගලයන් ඉහල ගමන් කිරිමට අලසබවක් දක්වනවා වගේම.ජිවිතය විදවන බවක් පෙන්නුම් කරනවා වගේම සැම දෙයක් ගැනම අසුභවාදී බැලිමටද පුරුදු වෙනව⁣.

මේ දන්න මේ සම්බන්ධතා වලදි නිතරම අපිට දැනෙන. ඇසෙන දෙයක් තමා. අමිමා අපිට ආදරේ නැ. පෙමිවතා මහත්තයා , බිරිඳ .පෙමිවතිය ආදරේ නැ. ආදරය දැනෙන්නෙ නැ වගේ දෙවල්. ඇයි මෙහේම කියන්නේ ටිකක් දුරට සිතල බලමු .

අපගේ පුද්ගලික පෙෘරුෂය මත පදනමිව..අපි සමිබන්ධතා පවත්වන දරුවන් . දෙමාපියන්, පෙමිවතුන්, සැමියා බිරිඳ ආදි පුද්ගලයන් ආදරය කියා විදින හා ආදරය කියා පෙන්වන ක්‍රම විවිධ බව අචාර්ය ගැරි ඩි චැප්මන් පවසයි..ඔහු ලියන ලද LOVE LANGURGES හි සංකල්පයට අනුව ආදරය භෂාවකි. එහි ප්‍රාථමික භාෂා 5 තිබේ. එකිනෙකාට ආදරය දැනෙන ක්‍රම චිචිධයි..යමි කෙනකුට ආදරය දැනෙන්න ඔහුට අයත් භාෂාවෙන් කතා කල යුතුයි. අපට අයත් භාෂාවෙන් කතා කලාට එය ඔහුට හෝ ඇයට දැනෙන්නෙ නැත..එ නිසයි බොහෝ විට ආදරය නැ .දැනෙන්නෙ නැ කියන කතා අපට නිතර ඇසෙන්නෙ..සමහර විට දෙමාපියන් කියනවා ⁣කිසිම අඩුපාඩුවක් නැතිව ඉල්ලන හැමදේම අපි දෙනවා එත් මේ ළමයා අපි ආදරේ නැ කියනවා. බිරිදැවරු බොහෝවිට කියනවා අපි රසට කැම හදල දෙනවා. ඇදුම සෝදල දෙනවා. නිවස පිළිවෙලට තියා ගන්නවා. එත් ආදරේ නැ කියනවා. ස්වාමිපුරුෂයන්ද එලෙසමයි අපි ඇදුහපැලදුමි. ආභරණ තැගි. ගෙනත් දෙනවා එත් නැ කියල මුණ ⁣එල්ලන්මයි ඉන්නේ කියා පවසනවා අපි බලමු ඇයි මෙහේම වෙන්නෙ.ඔවුන්ට අයත් ආදර භාෂාව නොදැන වෙන ⁣කුමන භාෂාවකින් කතා කලත් එය ඔවුන්ට දැනෙන්නෙ නැ.. කුමක්ද මේ ආදර භාෂාව.

1.සහතික කිරිමේ වචන
2.තෑගි ලබාදිම
3.සේවා ලබාදිම
4.ඔවුන් වෙනුවෙන් ගත කරන කාලය
5.භෞතික ස්ෂර්ශය…

සහතික කිරිමේ වචන….

සමිබන්ධතාවයකි වචන වලින් ආදරය ප්‍රකාශ කිරිම වාචික පැසසිමි.සංකිර්ණ ගැඹුරු වචන විය යුතු නැත බෙහෙවින් සරළ ප්‍රශංසා කිරිමි වැදගත්ය.”ඔයා හරි ලස්සනයි ” ඔයාගේ කොණ්ඩයට මම හරි ආසයි ” මේවනි වදන කිපයකින් සිතක් පිරවිමට හැකිය.සුභ පැතුම් පතක මම ඔයාට ගොඩක් ආදරේයැයි පැවසිම දියමන්ති මුදුවකට වඩා අගනේය…එය ඔහුට හෝ ඇයගේ සිතට තදින් වදින වචන කිපයකි.එයින් ඔබේ සම්බන්ධතාවයට බොහෝ දුරක් යා හැකිය.ඔබේ සහකරුට මේ ආදර භාෂාව තිබේනමි සමිබන්ධතා සවිමත් විම මේ සිතට කතා කරන්න වචන වලින් පුළුවන්ය. දරුවන්ටද දෙමාපියන්ටද ගෙනත් දෙන තෑගි. රසකැවිලි වලට වඩා ඔවුන් සමග කතා කරන ප්‍රශංසා කරන වචන වලට බොහෝ දේ කල හැකිය

තෑගි ලබා දිම…..

ආදර භාෂාව අනිවාර්යයෙන්ම දව්‍යවාදි නොවේ.එයින් අදහස් වන්නෙ අර්ථවත් හෝ කල්පනාකාරී තෑග්ගකිනි
ඔබේ සමිපතයන්ට ආදරය හා අගයකිරිම දැනෙන බවයි.කාර්‍යබහුල සතියක වැඩ අතර උණුසුම් කොෆි කෝප්පය තොල ගැම .චොක්ලටි , අයිස්ක්‍රීම් රැගෙන දිම.විය හැකියි.එවනි සරළ දෙයකින් විශාල බලපැමක් ඇති කල හැකිය.

සේවා ලබාදිම.

මේ කරුණ සැම අතින්ම වැදගත් වන අතර එය තවත් අකාරයකින් ආදරය ප්‍රකාශ කරයි.මේ ප්‍රථමික ආදර භෂාව ඇති පුද්ගලයන් සිතන්නෙ ක්‍රියාව වචන වලට වඩා හයියෙන් කතා කරයි යන්නයි. මේ භෂාව ප්‍රකාශ වන්නෙ තම සමිපතයින් කැමති දේ කිරිමෙනි.රසවත් ආහාර වේලක් පිලියෙළ කර දිම, කැමති මල් පැලයක් සිටවා දිම, ඇදුමක් සකස් කර දිම, සෙල්ලමි කිරිම. අවශ්‍ය දෙයක් ගෙනවිත් දිම.ගමනක් එක්ක යාම. බෙහෙත් රැගෙන දිම ආදි සියල්ල මේයට අයත් වේ.ඔවුන්ට ආදරය දැනිමට යමි සිතුවිල්ලක් හා උත්සාහයක් අවශ්‍ය අනේකාගේ.මේ සැම දෙයක්ම තම සමිපතයන්ගේ සතුට උදෙසා මනසේ තබාගෙන ආදරය ප්‍රකාශ කිරිමක් ලෙස ඔවුන් සලකයි.

ගුණාත්මක කාලය.

මේම ආදර භාෂාව යනු අවධානයයි..රූපවාහිනි, දුරකතන , පරිගණක වෙත අවධානය යොමු නොකර සමිපුර්ණයෙන් අවධානය ඔවුන් වෙත යොමු කිරිමයි. මේය අපේ සමිපතයන්ගේ ආදර භාෂාව නමි ඔවුන්ට අවශ්‍ය මේ කලෙය තුල ඔබේ අවධානය කේන්ද්‍රස්ථානය විමටයි. සමහර විට ඔවුන් දෙස බලාසිටිම, ළගට වි සිටිමද ප්‍රමාණවත්ය. ආහාර පිසින විට බිරිඳ අසල සිටිමින් කතා කිරිම..සැමියා පරිගණක අසල සිටින විට ⁣කොෆි කොප්පය සමග ළගට විම සිටිම .දරුවන් ළගම සිටිම, ඔවුන් පාඩම් කරන දෙස බලා සිටිම. ඔවුන් සමග කතාබහ කිරිමද ප්‍රමාණවත්ය. මිල අධික සෙල්ලම් බඩු නොව ඔවුන්ට
අවශ්‍ය ඔබේ අවධානයයි.දරුවන්ට සරුංගලයක් තෑගි කලාට ඵලක් නැත එය යැවිමට ඔබ කාලය කැප නොකරන්නෙ නමි.ඔබ එවනි අවස්ථා කල් දමන්නේනමි .අඩුකරන්නෙනමි එය සමිපතයන්ට තදින් දැනේ. ඔවුන්ට තෑගි බෝග වලට වඩා අවශ්‍ය ඔබේ කාලය හා අවධානයයි..එ සදහා ඔවුන් මග බලා සිටියි.කතා කරන්න, ඇහුම්කන් දෙන්න ඔබත් සමග
සිනාසිමට කාලය ගත කිරිමට ඔවුන් බලා සිට්.ඒ මඟ බලාසිටින්නේ ඔබේ මව . පියා, දරුවා, බිරිඳ හෝ සැමියා විය හැකියි.

භෞතික ස්පර්ශය.

මේම ආදර භාෂාව ඇකි පුද්ගලයන්ට ඔවුන්ගේ සමිපතයන්ගේ ශාරිරික ස්පර්ශයට වඩා දෙයක් නැත. ඔවුන් අත් අල්ලාගෙන කතා කිරිමට,නිතර සිප වැළද ගැනිම මගින් සමිබන්ධතාවල ආරක්ෂිත බවක් ඔවුන්ට දැනේ. භොතික ස්පර්ශය ප්‍රාථමික භාෂාව වු පුද්ගලයන්ට ලෝකයේ තිබේන සියලු ම තෑගි හා ආදරණිය වචන වලට එය වෙනස් කල හැකිය. ඔවුන්ට අවශ්‍ය වන්නෙ ඔබව චින්ත වේගාත්මක සිතුවිලි නොව ආදරණිය ස්පර්ශයයි. දරුවන් නිතර සිප වැළද ගන්න..අත් අල්ලන් ඔවුන් සමග ඇවිදින්න .නිතර. හිස අතගාන්න ඔවුන් තෘප්තිමත් සතුට්න් සිටින දරුවන් බවට පත්වේ..දෙමාපියන් වැළද ගන්න .ඔවුන්ගේ හිස සිප ගන්න ඔවුන්ගේ ඇලිමැලි ගතිය පලා ගොස් ඔවුන් සතුට්න් සිටිනු ඇත.

වසන්තිකා ස්වර්ණමාලි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *