ලෝක කුසලානය පාවා දීමේ ප්‍රෝඪාව, බුකි කාරයෙකුට සර් පට්ටම ගන්න ගහපු ගේමක් – ආචාර්ය සේනක ද සිල්වා

මැතිවරණ සමයත් සමග සමාජ දේශපාලනයේ අමුතු පන්නයේ වැඩ සිදු වෙමින් පවතිනවා. මොනවද මේ සිදුවෙමින් පවතින දේ සම්බන්ධයෙන් පැවසීමට ඇත්තේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ලංකාවේ ජනතාව නව ජනාධිපතිවරයෙක් පත් කර ගනු ලැබූවා. බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි වෙනස්කම් සහ හිතලු මහ පොළොවේ ස්ථාපිත කරන්නයි ඔවුන් උත්සුක වුනේ. එහෙත් බොහෝ ස්ථානයන්හි අපට දක්නට ලැබෙන්නේ නිසි කළමණාකරණයක් නොමැති අදේශපාලනික වැඩකටයුතු සිදුවෙමින් පවතින බවයි. මැතිවරණය ආසන්නයේ දී පවා ඔවුන්ගේ මේ අකාර්යක්ෂමතාවය පෙන්නුම් කරනවා. මෙහි ආසන්නම තම සිදුවීම තමයි එක්තරා ඇමතිවරයෙකුගේ ප්‍රකාශයකට ශ්‍රී ලංකා පොලීසියේ ක්‍රියාත්මක වීම. සිදුවීමක් සිදුව පැවැතියත් එය කාලය සමග සංසන්දනය කිරිමට පවා නොගොස් ඇමතිවරයෙකුගේ ජනමාධ්‍ය සාකච්ඡාවක් අරඹයා. පරීක්ෂණ කමිටුවක් ගොඩ නගා ගෙන ඒ සදහා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන්වා ගෙන ප්‍රශ්න කරන තැනට පත්වීම. මේ නිසාම නීතිය සහ රාජකාරිමය පරිපාලන කටයුතු පවා තනි මතයකට හිතළුවකට ක්‍රියාත්මක වීමක් පෙන්නුම් කරනවා.. මෙය සමාජයක් ලෙස අප අත් විදින ඛේදවාචකයක් බව පැවසිය යුතුමයි.

ක්‍රීඩකයන් ගෙනත් ප්‍රශ්න කිරීම ගැන ඔබගේ අදහස

ඇත්තටම අපේ රටේ තිබෙන පසුගාමීකම පෙන්නුම් කරන කාරණවක් මෙය. ක්‍රිකට් කියන්නේ අපේ රටට කීර්තියක් අත්පත් කර දුන් ක්‍රීඩාවක් එය ඉදිරියටත් එසේමයි. රටක විය යුත්තේ එවැනි ක්‍රීඩාවක් කළ ක්‍රීඩකයන් ජාතික වස්තූන් ලෙස ආරක්ෂා කිරීම. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන එක. එහෙත් අපේ රටේ අවාසනාවට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. සංගක්කාර කියන්නේ ලෝකය පිළිගත් මහත්මයෙක්. ඔහු රටට කීර්තියක් අත්පත් කරදුන් ක්‍රීඩකයෙක්. ජාත්‍යන්තරයේ නම කියවෙද්දී සුද්දන් පවා ඔහුට ආචාර කරන්නේ ඒ මහත්මා ගුණයට. එහෙත් අපේ රටේ එවැනි ක්‍රීඩකයන්ට කරන දේ දැක්කම ඉතාමත් සෝචනීයයි. කොහේ හරි ඉන්න දේශපාලනඥයෙක් ඇවිත් කියන කරුණක් අල්ලගෙන ක්‍රීඩකයන් දඬු කදේ ගසනවා නම් රටේ පාලකයන් එයට වග කිව යුතුයි. ඔවුන් අදාළ ප්‍රශ්න කිරීම් කරන්න පෙර ඒ කියූ තැනැත්තාගෙන් ප්‍රශ්න කොට හේතු සාධක පැහැදිලිද යන්න පූර්වයෙන් විනිශ්චය කළ යුතුයි.

ඔබ සදහන් කරන්නේ අදාළ ඇමතිවරයා විසින් අභූත චෝදනා ඉදිරිපත් කළ බවද ?

ඔව්, එය මා පමණක් නොවෙයි මේ වන විට එහි අදාළ පරීක්ෂණය මෙහෙය වූ එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා පවා කියා සිටිනවා. මේවා අභූත චෝදනා බව ඔහු කියා සිටිනවා එම ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ චෝදනා 14 ම කාලයට හෝ අදාල ක්‍රීඩකයන්ට වග කිව යුතු නොවන චෝදනාවන් බව. මෙය හුදු සෙල්ලමක් විතරයි. මේක පහත් ක්‍රියාවක්. එහෙම කියන්නේ තමන්ගේ දේශපාලන බල පොරය දෙස ජනතා අවධානය යොමු කර ගැනීමට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එහි වන චෝදනා අදාළ තරගයේ තරග වැදුනු ක්‍රීඩකයන් මත පටවන්න හැදිමක් මෙය. එය එසේ නම් ඔහු කළ යුතු වන්නේ අදාළ ක්‍රීඩා ඇමතිවරයා කැදවීම. ඔහුයි මූලිකවම මෙයට වගකිව යුතු. තමන් කප්පරක් අසුචි වළදා අධෝ මුඛයෙන් නික්මෙන ගඳ මහා කප්පරක් සේ දකින මෙවැනි පාලකයින් නැවත බලයට ගෙන එනවාද කියන එක මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි. නැවත ඔවුන් පැමිණියත් සිදුකරන්නේ මෙවැනි ජාතියට අවමානවන ක්‍රියා මිස අන් යමක් නොවන බව නම් විශ්වාසයි.

 ඇයි මේ ඇමති මෙවැනි කතාවක් පතුරන්නේ.

ඔබ දන්නවා මේ වන විට ලෝක ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය සදහා සංගක්කාරගේ නම නිර්දේශවී පවතිනවා. මෙවැනි පාවා දිම් වැනි මාතෘකාවක් අභූත ලෙස පැමිණියත්  එය විසින් ඔහුට ප්‍රදානය කිරීමට සිටින තනතුරට එය කැළලක් බැවින් ඔවුන් නැවත සිතීමක් කරනවා. මේ වන විට ලැබී ඇති වාර්තාවන්හි සදහන් වන්නේ ලංකාවේ පවතින මෙම ගැටළුව හේතුවෙන් ඔවුන් ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන සර්වාන් ගංගුලි වෙත අදාළ පත්වීම සදහා දෙවන නිර්දේශය ලෙස තෝරාගැනීමට යන බව. එසේ නම් මේ දේශපාලනඥයන් සිදුකලේ කුමන පහත් ක්‍රියාවක්ද? ලෝකයටම ක්‍රිකට් පාලනය කරන පුටුවකට යාමට නියමිතව සිටි ජාතික සලකුණක් වන සංගක්කාර ඒ තනතුරු අහිමි කිරීමට මේ ඇමති වග කිව යුතු නොවේද? මෙය සුළුපටු වැරද්දක් නොවේ. මේ නිසා සැකයට තුඩු දෙන කරුණ වන්නේ එවැනි ජාත්‍යන්තර තනතුරක් රටට සම්පතක් වෙද්දී එය දැන දැනම මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම කිසියම් යටි අරමුණක් හෝ ආර්ථික ලාබයක් ඇතිව සිදුකරන්නට ඇද්ද යන්නයි. එසේ නම් පගාව ගත්තේ ක්‍රීඩකයන් ද නැතිනම් මේ දේශපාලඥයාද යන්න විමර්ශනය කළ යුතුයි. කොහොම වුනත් මෙය බරපතල ගණයේ වරදක් වගේම අපරාදයක්. පොලිසිය නිසි පරිදි රාජකාරි කරනවා නම් මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි මුලින්ම.

ඔබ මෙහිදී පොලීසියට චෝදනාවක් ඉරිදිපත් කරනවාද ?

ඔව් , කවුරු හෝ දේශපාලන අන්ධයෙක් ඇවිත් මාධ්‍ය සාකච්ඡාවක් තබා බොරුවක් හෝ ප්‍රලාපයක් මැතිරූ විර ඒ ගැන පරීක්ෂණ කණ්ඩයම් යොදවා යුහුසුළුව නරි නාටක රඟ දක්වන්න තරම් පොලීසිය රූකඩ වුනේ කෙසේද යන්න ගැටළුවක් . පොලිස් ඉතිහාසය ඉතා දිගු එකක් ලංකාවේ. මේ ඉතිහාසයේ කීර්තිධර පොලීසියක් තිබුනා. ඒ මත තිබෙන වටිනාකම් එක්තරා පවුලක් අභියස දණ ගැස්වීම සිදුකරන බවක් වර්තමානයේ පෙන්නුම් කරනවා. අපට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මුහුණ දුටු විට මතක් වන්නේ ප්‍රගීත් එක්නැගිලිගොඩගේ මුහුණ, තාජුඩීන්ගේ මුහුණ, ලසන්තගේ මුහුණ, ඇයි මේ තරම් බියසුළු කමක්, මේ තනිකරම රාජපක්ෂවාදී වූ පොලිසියක ඉතා බිය සුළු භායන්.. ඇත්තෙන්ම පොලීසිය මීට වඩා ඉතා වැදගත් විය යුතුයි. ඔවුන් මේ තරම් වටිනා ලෝක පූජිත ක්‍රීඩකයන් ඇදගෙන ඇවිත් ප්‍රශ්න කරනවා වෙනුවට මුලින් කළ යුතු වන්නේ දවස් දෙක තුනක් අදාළ ඇමතිවරයා ගෙන්වා ප්‍රශ්න කර උඩ සිට යටට මේ කරුණු පිළිබද විමර්ශනය කිරිම. එහෙත් ඒ සදහා මේ පොලීසියේ කොන්ද පන මදි. ඒ තරම් නිවට නියාලුවෙලා. ඔබට කියන්න තවමත් ඇත්තටම මේ තරම් දියුනු තත්වයක පැවතියත් ආයුධ පෙන්වන්න ගෙන යන පුද්ගලයා රදවා ගැනීමට හෝ මිය නොයා රැක ගැනීමට සමත් කමක් පොලීසිය සතුව නෑ.. මේ නීතියේ බිද වැටිමක් ඒ අස්සේ තිබෙනවා ඉතා සාහසික ක්‍රියාදාමයන්. ඉතිං ජාතික මට්ටමේ හා මේ පරිපාලනමය තත්වයේ බිද වැටීම හොල්මන් කාරී මානසික වාතරවරණයක් පොලිසිය තුළ ගොඩ නැගීම රාජපක්ෂ පවුලේ අරමුණක්. ඒ මත සමාජය නැවත බීතියට කැන්දන් යාමට මොවුන්ට හැකි වේවි.

ඔබ සදහන් කරන්නේ කුමාර් සංගක්කාර අදාළ තනතුර සදහා සුදුසුකම් ලැබීම වැළැක්වීමද මේ පිරිසගේ චෝදනාවේ යටි අරමුණ වී ඇත්තේ..?

යම් ගැටළුවක් නිර්මාණය වීම හෝ නිර්මාණය කිරීම පිටු පස කිසියම් අරමුණක් නොතිබෙන්නට බෑ. සංගක්කාර ලොව අංක එකේ ක්‍රීඩකයෙක් වගේම ඔහු එන්ගලන්තයේ ලෝඩ්ස් ක්‍රිඩා සමාජයේ සභාපතිත්වය දරණවා. මෙය ඔවුන් නිකම්ම ප්‍රදානය කරන්නේ නෑ. අනෙක් අතට සංගක්කාර ලෝක ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිත්වයට නම් කිරීම සිදු කරන්නේ ලංකාවේ ක්‍රිකට් ආයතනයේ නිළයක් හෝ හොබවන්නේ නැති වටපිටාවක. ක්‍රම වේදය නම් අදාළ රටේ ක්‍රිඩා ආයතනයෙහි විධායක තනතුරක් දැරීම විය යුතුයි. එහෙත් ඔහු මේ වන විට ලෝඩ්ස් ක්‍රීඩා සමාජයේ සභාපතිත්වය පදනම් කොට ගෙන මෙසේ නිර්දේශවීමට හේතු විය හැකියි.
කොහොම නමුත් අදාළ තනතුරට පහර දීමට උවමාව ඇත්තේ කාටද කියන එක මෙතන මූලික ප්‍රශ්නයක්. කොළඹ පොහොට්ටුවෙන් තරඟ වදින ලංකාවේ බුකි සමාජයක් බවට ක්‍රිකට් පත් කළ තනතුරු දැරූවෙකු මේ තනතුරු සදහා කෑදරකමින් පසුවෙනවා. ඔහු හීන දකිමින් ඉන්නේ මෙම සභාපති පුටුවට පත්වී ලෝක කුසලාන තරගයකදී එන්ගලන්තයේදී රැජිනගේ දකුණු පස අසුනේ වාඩි වීම සදහා සුුදුසුකම්ලැබීමටයි. ඒ එක්කම පිරිනැමෙන ” සර් ” පට්ටම ලබාගැනීමට.. බුකී කාරයෙකු සර් පට්ටමකින් පිදුම් ලැබීම එම තනතුරෙහි ගරුත්වයට හානියක් වෙනවා. වගේම ලංකාවේ ඒ සදහා සුදුසු මහත්මයෙකු ඉවත් කිරීමට ප්‍රයත්න දැරීමක් .. ඉතිං මේ ප්‍රශ්නය පැන නැගීමේ තැන් තැන්වල මේ කියන අරමුණු තිබෙන්නටත් පුළුවන්.

2011 ලෝක කුසලානය ජයග්‍රහණය කලේ ඉන්දියාව, මෙවැනි චෝදනාවක් හේතුවෙන් ඉන්දියාවේ ස්ථාවර කුමක් වේවිද ?

ඇත්තටම රටක තරගයක් පාවාදිමට තරම් අපේ රටේ ශික්ෂණය වූ ක්‍රීඩකයන් පෙළඹෙන්නේ නෑ ඒක ඇත්ත කරුණ. කොහොම නමුත් මේ චෝදනාවෙන් එක් කොටස් කරුවෙකු බවට නිතැතින් පත් වෙනවා ඉන්දියාව. මොකද ඔවුන්ගේ දක්ෂතාවය මෙහිදී හෑල්ලුවට ලක් කරනවා පමණක් නොවෙයි. ඔවුන්ගේ තරඟයද වඩා ප්‍රශ්නකාරී තත්වයකට පත් කරනු ලබනවා. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවට අයත් රටවල් අතර ප්‍රමුඛත්වයක් ගන්නේ ඉන්දියාව. එම රටේ ජනගහණයෙන් සාතිශය බහුතරය ක්‍රිකට් එක්ක ඓන්ද්‍රීය සම්බන්ධයක් ගොඩ නගා ගත් පිරිස් ඒ නිසාම මේ ප්‍රශ්නය අප රටට රාජ තාන්ත්‍රික මට්ටමින් අවාසි ගෙන දෙන අතරම බොහෝ හානි පමුණවන්නට පුළුවන් .. ඇත්තටම මේ අඥාන දේශපලඥයන් කට මැත දොඩවා විනාශ කරන්නේ අපේ රටේ අභිමානයයි.. මෙය ඉතාම පිළිකුල් සහතයි.

සාකච්ඡා කලේ  – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *