බටහිර කාව්‍යයේ සෞන්දර්යාත්මක ඉසව්ව හෙවත් රොමාන්තික රීතියේ කවි කලාව – Romantism (හෝමර්ගේ අඩවිය – 04 ) ආශිර්දිනී භාග්‍යා ලියයිpoetry

Romantic poem නැතිනම් රොමාන්තික කාව්‍යයේ ⁣පෙරටුගාමියාගේ මෙම කවිය නොදන්නා නොහදුනන කෙනෙකු අද ලොව නැත. කවියකට සරල සුන්දර තේමා ගොනු කළ රෝමාන්තිකවාදය (Romantism) යුරෝපය පුරා නැගී ආවේ කාර්මික විප්ලව යුගයේ අවසන් භාගයෙදීයි. ඒ ඔස්සේ⁣18-19 සියවස අග කොටස වනවිට පෙර වූ විද්‍යාත්මක, න්‍යායාත්මක සහ සංකල්පාත්මකවුත් ,විචාර ස්වරෑපි කලා විෂයවන්ගෙන් එපිටට පැන යමින් කලාකරැවන් සහ නිර්මාණකරැවන් නැවතත් පෙර වූ මධ්‍යකාලීන යුගයේ කලාව අනුකරණය කරමින් සිය නිර්මාණ තුළින් සමාජය අලුත් කරවනු ලැබිනි.

රැඩිකල්වාදී , නිදහස්වාදි චින්තනයෙන් එයට පිටිවහලක් ද වුයේ සම්පුදායික චින්තනයට ඉන් වෙනස් මගක් දුන් බැවිනි. සිය නිර්මාණකරනය අලුතින් ඇරඹිම පටන් ගත් රෝමාන්තිකවාදින් විචාරවාදි ගැඹුරැ චින්තනය ඉවත දා සිය නිර්මාන ඉතා සරල සුගම නිර්මාන බවට පෙරලන ලදි.

සෞන්දර්යාත්මක රීතියෙන් අනූන, ඉතාමත් ම සෞන්දර්යවාදි සියුම් සහ පෙු්මාන්විත කලා ශෛලියන් සෑම කලා ක්ෂේත්‍රයක් පුරාම එකළ හැදි වැඩි ගියේය.

ලලිත කලා විෂයන් හා ඉන් ඔබ්බට යමින් ගෘහනිර්මාණ ශිල්පය දක්වා ත් එය පෙු්රණය විය.

ගීතය, සංගිතය, නර්තනය, නාට්‍ය, මුර්ති , කැටයම් කලාව සිතුවම් කලාව මෙන්න ගද්‍ය හා පද්‍යකරණයද මේ ඔස්සේ දළු ලා නැගී නැගී ආවේය.  නවකතා කෙට් කතා හා කවිය ද රෝමාන්තික ⁣ශෙලියයේ පරිකල්පනයෙන් සුමට විය.

William wordswerth රෝමාන්තික කාව්‍යයේ අග්‍ර ගන්‍ය පුරා්ගාමි කවියෙක්. එසේම Edgar Allen Poe, Wiilam Blake, Victor Hugo , Alexsander Dumas, සැමුවෙල් ටේලර් , රොබට් ෆ්රොස්ට්, Maya Anjeleu , ඇතුළු ⁣බොහෝ නුතන කවීන් ප්‍රංශය, ඉතාලිය ඇමරිකාව ආදි අනෙක් රටවලින් නැගී ආ රෝමානතික කවිහු වෙති. පෙර යුගයේ වු බිය ත්‍රාසය වීරත්වය වඅැනි වස්තු බීජයන් වෙනුවට මොවුන් තෝරා ගන්නේ ⁣සෞන්දර්යාත්මක සිතුවිලිවලින් යුත් තේමාවන්ය. ආදරය, ප්‍රේමය, විරහව,  රමණීය පරිසර වැනුම්, ගම්බද සිරියාව, කාන්තා ලාලිත්‍ය, ආදරය, කුඩා දරැවන් සහ ඔවුන්ගේ ප්‍රේමය, සහෝදර සම්බන්ධතා පමනක් නෙිවේ ජාතිකත්තවයද ඉදිරයට ගෙන එන ලදි.

ඇතැම් විට දේව කතාවල ඇති චරිත , නිවුනු ගතිය ඇදා ගන්න ගන්නා ලදි. සුරංගනා කතා ආදිය ද වස්තු බීජ කරගත් බව පෙනේ. මෙසේ විකසිත වු රෝමාන්තික කවි ග්‍රන්ථාරෑඞ වීම නාට්‍ය, හා සිනමාවට දායක කරගැනීම අඛණ්ඩ ව සිදුවිය රසවිදින්නන් අතර ගලා ගිය ජනප්‍රිය බව නිසායි.  දෘශ්‍යකලාවක් බවට පත්වූ අතරම මේ කව්‍යයන් ද සමාජයේ ජනප්‍රිය රැල්ලක් බවට පත්වීය.

ඔවුන් අනුකරණයට බට පිරිසක් බිහිවිය. සුරගන සාහිත්‍ය, පෙු්මයෙන් ආලම්බිත මධුර සංකල්පනා යුරෝපය ගිල ගත් බව පෙනේ. රෝමාන්තික රීතියෙන් අනුව කවි රචනයේදි පද වල ඇදෙන ස්වරෑපයෙන් නොලියයි. සුපහන් හැගීම්, ලයාන්විත බව මොනවට ගැබ්වී ඇත. කවියාගේ අත්දැකීම් උපමාලංකාර ඇසුරේ නිර්මානය වන හැටි “London ” සහ “The wander” කවි වලින් හෙලිවේ. අතිශය ප්‍රේමාන්විත අන්තවල සැරි සැරූ කවිය වරෙක හෘංගාර ඉසව්වේත් වරෙක උත්තරිතර සෙනෙහසක් කැටිවත්, ස්වභාව ධර්මයේ අලංකාරය පදයෙන් පරිකල්පනයට ඉඩහසර ලබා දුනි.

Victor Hugo ගේ DEMAIN DE’S L’AUBE (Tommoraw at Dawn) තුලින් සිය දියනියගේ වියෝ දුක වදන් බවට පෙරලා ඇති සැටි ඉතා සංවේදිය.

“And when i move i will
Place on your grave
A bouquet of green
Holly and heatherin bloom”See the source image

රෝමැන්තික කවියට නිදසුන් ඕනැ තරමටත් වඩා තිබේ. කවිය ගීතමය ස්වරෑපයෙන් ජනගත වන අතරම සිනමා දශ්‍ය කලාවේදි එය බුරබුරා නැගී සෞන්දර්යවාදි රීතියෙන් ඔද වැඩුනු වර්තමානයක් බිහිකොට තිබේ.

බලන්න.. ඇසිය දැකිය හැකි රෝමාන්තික කාව්‍යයටත් කලාවටත් ⁣හොදම නිදසුනTitanic සිනමා කාව්‍යයේ My heart will go ගීතය.

සංස්කෘත සාහිත්‍ය මුල් කොට (මේ ලිපියෙන් කතාබහ කෙරෙන්නේ බටහිර කාව්‍යයේ රෝමාන්තික කවිය පිළිබදවය) ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල මෙවැනි කවි මුල් කාලයේ සිටම බිහි වු අතර අප රටේ විශේෂයෙන් කෝට්ටේ සහ කොළඹ යුගයේ කවීන් ගෙන් පසු අප රටේ බිහිවූ රෝමාන්තික කවීන් කවුදැයි ලියා දැක්වීමත් අවැසි නොවේ. ඒ තරමට ඔවුන් ජනප්‍රිය වන අතරම මේ කවි රීිතිය ලොව සෑම රටකම මෙන් අප රට තුල ද බුර බුරා නගින රැල්ලක්ම වේ. ඒ එහි අැති අතිශය සුන්දර පද සහ තේමාවන්ගෙන් ලැබෙන සුපහන් වින්දනය නිසාමයි.

-ආශිර්දනි භාග්‍යා-

One thought on “බටහිර කාව්‍යයේ සෞන්දර්යාත්මක ඉසව්ව හෙවත් රොමාන්තික රීතියේ කවි කලාව – Romantism (හෝමර්ගේ අඩවිය – 04 ) ආශිර්දිනී භාග්‍යා ලියයිpoetry

  • July 8, 2020 at 4:30 am
    Permalink

    ලෝකයේ කාව්‍ය සම්ප්‍රදායන් ගැන අපිට අහන්න ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ අතර මේ ලිපි පෙල ගොඩාක් වටිනවා… මගේ සුභපැතුම්!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *