මිනිසුන් කියවා ගන්න – -Yවර්ණ – 05 – නිරොක්ෂි ජෑන්ස් lankatarget.com

ලංකාවේ මිනිස්සු හරි කුහකයි ..කවදාවත් මනුස්සයෙක්ට පාඩුවේ තමන්ගේ ගමන යන්න දෙන්නේ නැ ..පුළුවන් තරම් කකුලෙන් ඇදලා, බිමට දාලා මුණට කෙළත් ගහලා මානසිකවත් වද දීලයි ඒ ගමන නවත්තන්න හදන්නේ. පිරිමින්ට වඩා ගෑනු එතැන ඉස්සරහින්ම ඉන්නවා.  කටකතා හදලා,ඒවා පතුරවලා , කාගේ හරි ජිවිතයක් එකක් ඒ සෙල්ලම කරේ නැත්තම් හරියට වේලක් නොකෑවා වගේ .

අනිත් එක හැම තිස්සෙම දාර්ශනික ටොක් දෙන,ආගම් ගැන කියවන, නිවන ගැන නිතර නිතර දොඩවන මිනිස්සු ගැන උඹ වැඩිය විශ්වාස කරන්න එපා .. ඒ හුඟක් උන්ට තියෙන්නේ දෙබඩි ජිවිත. නිවනට යන්න ඕන නම් , ධාර්මික පෝස්ට් ශෙයාර් කර කර ඉන්නේ නැ. හැම දෙයක්ම තේරුම් අරන්, අධ්‍යාත්මික පරිපුර්ණ වී තමන්ගේ පාඩුවේ ජිවිතේ ගත කරනව‍ෙ. කොහොමත් සුදු වැඩිපුර අදින මිනිස්සුගේ හිත ඇතුල කළුම කළු පාටයි. ජිවිතේ කුණු පිරිලා හින්දා .. ඒ  මිනිස්සු පිට⁣ට පෙන්වන ශ්ද්ධාව උන්ගේ ඇතුලේ නෑ . නැත්තම් කවුරු හරි සතුටින් ඉන්නකොට ඒ මිනිහා මේ ලෝකේ ඉන්න ලොකුම මිනිමරුවා ගානට දාලා මඩ ගහන්නේ නෑ. ඇත්ත ඒකයි..

තමන්ට නොලැබුනු දේවල් තව කෙනෙක්ට ලැබෙද්දි උන්ට ර්රිසියයි . බලාගෙන ඉන්න බෑ .. හැබැයි එක දෙයක් ඔය විවිධාරක මිනිස්සු ඇතුලේ ඉන්නවා හදවතින්ම තමන්ගේ ජිවිතේ විදින උන් . උන්ට කාගෙවත් දෙයක් අදාල නැ . තමන්ගේ වැඩ ටික ලස්සනට කරගෙන පාඩුවේ ඉන්නවා. කාටවත් ර්රිස්යා කරන්නේ නෑ මොකද ඒ සමානවම තමන්ගේ ජිවිතේත් සතුටු වෙන්න කාරණා තියෙනවා . ඒ අතර තවත් පිරිසක් ඉන්නවා,
ලස්සන දේකට ලස්සනයි කියන්න,අගය යුතු දෙයක් අගයන්න කවදාවත් කැමති නෑ . ඒත් කවුරැ හරි වැරැද්දක් කරොත් ඒකට ජාතක කතා ගොතාගෙන ලියන්න බලාගෙන ඉන්නවා . දන්නවද උන්ට ජිවිතේ කොහෙන් වත් සැනසීමක් නම් නෑ ..

මේ කියවන ඔයත් මේ අතර ඇති ..මමත් ඇති ..මේ ලෝකේ හැම හිතකම ඉරිසියාව, කුහකකම තියෙනවා. මොකද අපි හැමෝම මනුෂ්‍යයෝ හින්දා .ඒත් ඒ දේවල් අවම කරගෙන ජිවත් වෙන එක තමන්ගේ වැඩක් .මොකද කවදාවත් ඒ දේවල් එක මනුස්සයෙක්ට ඉස්සරහට යන්න බෑ . ගියත් ඒ ගමනේ වැඩි ආයුෂ නැ ..

ඇත්තටම ලංකාව වගේ මුතු ඇටයක ඉපදුනු එක ගැන මං හදවතින්ම සතුටු වෙනවා ..ඒත් මේ වගේ කුහක ජාතියක එක පුරැකක් වෙච්ච එක ගැන තාමත් දුක් වෙනවා. නමුත් තවත් කෙනෙක්ගේ ජිවිතයක් හැදෙනකම් බලාගෙන ඉන්නවට වඩා තමන්ගේ ජිව්තේ හදාගන්න එක වටින බව මං දන්නවා.

ඉතිං මේ අතර උඹ ඉන්නේ කොතැනද කියලා ,හිතන්න බලන්න
කාලයෙන් දැන් උඹට ඉඩ තියෙනවා ..

එපමණයි …

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *