යල් පැන ගිය දේශපාලන ආකෘති කුණු කූඩයට දමන්න කාලය ඇවිත් – රුවන් වික්‍රමාරච්චි

ලංකාවේ දේශපාලනය ජරාවලක් ලෙස හදුන්වද්දී ඇයි ඔබ පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා ඉදිරිපත් වන්නේ ?

ලංකාවේ දේශපාලනය ජරාවලක් ලෙස හදුන්වන පිරිස් නැවත වතාවකින් ඒ අත දිගු කරන්නේ ජනතාව වෙතමයි. ඒ නිසා දේශපාලනඥයන්ට හෝ පුද්ගලයන්ට සාධාරණ හේතුවක් නොමැතිව පොදු භාවිතාවේ ජනතාව ජරාවක් ලෙස හදුන්වන එක සාදාචාරාත්මක නැ .

ඔබ ඇසු ප්‍රශ්නයේ මුලික හරයක් තියෙනවා. එහිදී දේශපාලනය ජරාවක් කියල සාමාන්‍ය අර්ථයේ විග්‍රහ කරන්නේ මේ පවතින පාර්ලිමේන්තු මතිවරණ සිස්ටම් එකේ අවුලක් සම්බන්ධයෙන්. ඇත්තටම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා තමයි . එය විසදිය යුත්තේ සිස්ටම් එකක් වෙනුවට තවත් සිස්ටම් එකක් ආදේශ කිරීමෙන් කියලයි හිතෙන්නේ . මේ මාරුව සිදුවන්නේ නම් ඔබ අර කලින් ප්‍රකාශ කළ දේශපාලනය ජරාවක් කියන එක ගොඩ නැගෙන්නේ නෑ.. මොකද මේ කියන සංස්කෘතික පරාසය වගේම ඒ තුළ දේශපාලනයත් වෙනස් වෙනවා.
ලංකාවේ තිබෙන පවුල්වාදී, පරම්පරාවාදී පක්ෂ දේශපාලන ආකෘති දැන් මුළුමනින්ම වෙනස් විය යුතුයි.ඒවා කුණුකූඩයට දැමිය යුතුයි. මොකද මේ ආකෘතියට තවත් පැවැත්මක් නෑ. ඒ වෙනුවට දේශපාලනය දියුණු ආකෘති නඩත්තු කළ යුතුයි. මම නියෝජනය කරන්නේ එවැනි දේශපාලන වටපිටාවක්.

ඔබ හිතනවද එවැනි දේශපාලන ආකෘතියකට රට සංවර්ධනය කළ හැකියි කියා.?

ඔව් අනිවාර්යෙන්ම . බලන්න මේ ගෙවුනු අවුරුදු හැත්තෑ ගණනට මොකද්ද ලංකාව තුළ ගොඩ නැගුණු සංවර්ධනය. සංවර්ධනය කියන්නේම මේ ධනේෂ්වර ආකෘතියේ තියෙන මිණුම් දඩු මත සංඛ්‍යා රේඛා වර්ධනය කර ගැනීම නෙවෙයි. සැබැවින්ම මහ පොළොවේ ජීවත් වෙන මනුස්සයා. මූලික අවශ්‍යතා සම්පූර්ණ කරමින් නිදහසේ ජීවත්වීම අවමය වන තැනකවත් මේ සංවර්ධනය නෑ. ඉතිං මනුස්සයාගේ අවම පහසුකම් ටික සලකන්න බැරිව කොහොමද රටක් සංවර්ධනයක් ගැන කතා කරන්නේ .. ළදරු මරණ අනුපාතය ගිය වසරට වඩා මේ වසරේ වැඩියි. සංඛ්‍යා දත්ත මත යැපෙනවා නම් ඇත්තටම කුස ගින්නේ සිටින පිරිස් වැඩියි. ඒ සමාජය අපි කවර පන්තියක්ද යන්න සැලකුවොත් දුප්පත්ම කොටසට වඩා බඩගින්නේ ඉන්නේ මධ්‍යම පන්තියේ මිනිසුන්. ඔවුන් වටාපිටාවන් හා ජීවිතෙ ආකෘති ගොඩ නගා ගන්නවා තමයි හැබැයි. කුසට අහරක් නැතිව ජීවත් වෙනවා. මේක මෙවැනි සමාජ පන්තීන්හි සුළබ කරුණක් .. ඇත්ත ජීවිත යට ගිහින් බොරු ජීවිත මවා පෙන්වීම. මේ සදහා අනිවර්යෙන්ම බලපාන්නේ දේශපාලන සංස්කෘතික ප්‍රවාහය. ඉතිං අපි එය වෙනස් කොට සංවර්ධනය සැබෑවක් ලෙස ලංකාව තුළ ස්ථාපිත කළ යුතුයි.

ඔබ වෛද්‍ය වෘත්තියට සම්බන්ධයි. ලංකාවේ පවතින සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙනවා ද?

ඇත්ත වශයෙන්ම බොහෝ විට අප සාකච්ඡා කරන මාතෘකා අතර ප්‍රමුඛතම මාතෘකාවක් වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය. මෙහිලා දැක්විය යුතු කරුණු කිහිපයක් පැවැතියත් එක් කරුණක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. රටක සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් කතා කරද්දී එම රටෙහි ඇදන් ප්‍රමාණයට අදාලව සිටින වෛද්‍යවරුන් ප්‍රමාණය ඇගයීම් කරනවා . මෙය සංවර්ධනයේ මුලික මිනුම් දණ්ඩක්. එයට අනුව ලංකාවේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා. හැබැයි අපි කතා කරනවා නිදහස් සෞඛ්‍ය නිසා මේ තත්වයන් වෙනස් වෙළා කියල. සත්‍ය ගත්තොත් එය එසේ නොවේ. නිදහස් සෞඛ්‍ය ඇත්තක් වීමට නම් රටක සල්ලිවලට බෙහෙත් ගන්නවා වෙනුවට සෞඛ්‍යය යන්න සේවාවක් යන තැනට පත් විය යුතුයි. එහෙත් ඇත්තටම සෞඛ්‍ය ක්ෂේත්‍රය භෞතික මෙන්ම මානව පහසුකම්ද අපේ රටේ නෑ. ඒ නිසාම සෞඛ්‍ය ක්ෂේත්‍රය විසින් අත්පත් කරගත්තා කියන කිසිදු ඵලයක් රටේ එයට ලබාදෙන තැන අනුව වෙනස් වෙනවා. වර්ෂයකට අය වැයෙන් සෞඛ්‍ය සදහා වෙන් කරන මුදල ඇත්ත වශයෙනම් වෙනත් අපට වඩා නොදියුණු රාජ්‍යන් එකක් ගත්තත් අපි පහල මට්ටමක ඉන්නේ. මෙය විසදීම සදහා එකම විසදුම දේශපානයේදී මිනිසුන්ගෙ මූළික අවශ්‍යතා උදෙසා අය වැයේ මුල් පංගුවක් සෞඛ්‍යයට වෙන් කළ යුතුයි. එහෙත් සිදුවන්නේම ලංකාවේ එයමයි මෙතෙක් පැවැති කිසිදු ආණ්ඩුවක් එ් සදහා පියවර ගත්තේ නෑ ..

ජාතික ජන බලවේගය මේ රටේ දේශපාලනයේ වෙනසක් සිදු කරනු ඇයැයි හිතනවාද ?

ජාතික ජන බලවේගය මූලිකවම විවිධ පාර්ශවයේ පුද්ගලයන්ගෙ හා කණ්ඩායම්හි එකතුවක් . මෙහි මූලික දේශපාලන මග පෙන්වීම ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකිරීම විශේෂයක් එහෙත් පක්ෂය වටා එක් වූ පිරිස් වෙනුවට සංවිධානයක් බලවේගයක් වෙත එක් වූ පිරිස් විසින් බොහෝ එකඟ විය නොහැකි හෝ එකග විය හැකි කරුණු සලකා බලා අපි පුලුල් බලවේගයක් විදියට වැඩ කටයුතු සිදුකරමින් යනවා . ජතික ජන බලවේගය මේ ගනු බලන ක්‍රයාමාර්ගයන්හිදී ඇත්ත වශයෙන්ම ලංකාවේ නව දේශපාලන වෙනසක් ඇති කළ හැකි බවට විශ්වාසයි ඒ නිසය කලාකරුවන් විද්වතුන් හා විශාල බලවේගයක් මේ වට එකතුව ජයග්‍රහණයක් වෙනුවෙන් ගොඩ නැගෙමින් පවතින්නේ .

 මාතරින් මැතිවරණයට ඉදිරිපත් වෙද්දී ඔබට ඒ සදහා වන සුදුසුකම් කෙසේද ? මාතර ගැන දැනීම මිනිසුන් ඇසුර වගේ ?

මාතර ඈත කෙළවරේ සීමා වෙන සිංහරාජ වනාන්තරේ සිට එක පැත්තකින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනෙක් පැත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කයටත් සීමා වෙන මේ බිම් කඩ මා ඉතා හොදින් අහදුනන ඒ ඒකගම් නියම්ගම් පිළිබද හොදම අවබෝධයක් සහිත වගේම මේ මාතර ජීවත් වෙන මිනිසුන්ගේ මනුස්කම් දන්න රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපන හදාල වැස්සට පින්නට ගං වතුරට මේ බිම එක්ක එකට සිටි කෙනෙක් මම. ඒ නිසා භූමියක උරුකමට වඩා මේ මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් කැප වුනු මනුස්යෙක් නිසා මම හිතනවා මේ සියල්ලටම වඩා ඒ ඇති මාතර ගොඩ නැගීම සදහා වන මගේ දේශපාලන උනන්දුව වෙනුවෙන්.

 ඉතිං අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ මාතර ජනතාවට

ඔව් අපි වැඩ කරමු. මේ රට මේ දිස්ත්‍රික්කය ගොඩ නගන්න වැඩ කරමු හැබැයි ඒ හරි ප්‍රතිපත්තියක් නිශ්චිත දේශපාලන ධාරවක් සහිතව වැඩ කරන ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙලත් සමග. මා විශ්වාස කරන ලෙස මේ රටේ මිනිසුන් නිවැරදි දිශානතිය තෝරා දෙනු ඇති.. විනාශ වී ගිය රටක් ගොඩ නැගීමට මෙය ඉවහල් කර ගැනීමට ඔබට ආරාධනා කරන්නේ ආදරෙන් හා ගෞරවයෙන්

– සාකච්ඡා කළේ – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *