කොවිඩ් අස්සේ ලෝකය පුරා පැවැති මැතිවරණ – තරණය – හසිනි දෙනිපිටිය

කෝවිඩ්-19 වසංගතයත් සමඟ ලෝකයේ රටවල දේශපාලන ව්‍යුහයට මේ වනවිට විශාල බලපෑමක් සිදු වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකාංගය වන මැතිවරණත් මේ නිසා ම කල් දැමුණි. බ්‍රිතාන්‍යය ඇතුළු බොහෝ රටවල් එලෙස මැතිවරණ කල් දැමුණි. නමුත් ඒ අතර කෝවිඩ්-19 වසංගතයත් සමඟ ලෝකයේ රටවල් ත්‍රිත්වයක් සාර්ථකව සිය මැතිවරණ පැවැත්වීමට මේ වනවිට සමත් වී තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ දී දකුණු කොරියාව සිය මහ මැතිවරණය පැවැත් විය. මෙම මහ මැතිවරණයේ දී වෙනත් මහ මැතිවරණවලට සාපේක්ෂව ඡන්දදායකයින් විශාල පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක් විය. දකුණු කොරියාව කෝවිඩ්-19 අතරතුර මැතිවරණ පැවැත් වූ ලෝකයේ පළමු රට වනවිට දෙවැනි රට වූයේ සර්බියාවයි.ඒ ඉකුත් ජුනි මස 21 වනදා යි. ඡන්දය පවත්වා දින ගණනාවක් ඉක්මව යනවිට නැවත කෝවිඩ්-19 රැල්ලක් සර්බියාවෙන් වාර්තා වුණි. එසේම ජනතාව ද කලහකාරී ලෙස හැසිරුණි.ඔවුන් අවසානයේ එරට පාර්ලිමේන්තුවට ද ප්‍රහාරයක් එල්ල කෙරුණේ මහ මැතිවරණය පැවැත්වීමට එරහිවයි. කෝවිඩ්-19 හමුවේ මැතිවරණ පැවැත් වූ රටවල් ලැයිස්තුවේ තෙවැනි තැනට පත් වුයේ සිංගප්පූරුවයි. ඉකුත් 10 වනදා එරට මහ මැතිවරණය පැවැත් වුණි.සිංගප්පූරුව ආසියා -පැසිෆික් කලාපයේ දරුණු ලෙස කෝවිඩ්-19 වසංගතය නිසා පීඩාවට පත් වූ රටකි. කෝවිඩ්-19 ආසාදිතයින් 45,000කට වැඩි පිරිසක් එරටින් වාර්තා වූ පසුබිමක මහ මැතිවරණය මෙවර පැවැත් වුණි.
මෙම මහ මැතිවරණ ත්‍රිත්වය ම සාර්ථකව නිමා වුයේ එක් විශේෂත්වයක් සමඟ යි. දකුණු කොරියාව,සර්බියාව,සිංගප්පූරුව යන රටවල් ත්‍රිත්වයේ ම මැතිවරණයේ ජය ලැබුවේ පාලක පක්ෂය වීම විශේෂත්වයකි. එසේම වැඩි ඡන්දදායකයකයින් පිරිසක් මැතිවරණයට සහභාගි විම ද මෙම රටවල පැවති තවත් විශේෂත්වයකි. එසේම පක්ෂයන් මැතිවරණ ඉතිහාසයේ ලබා ගත් ප්‍රතිඵල උඩුයටිකුරු කළ ඓතිහාසිකගත මැතිවරණයන් ලෙස මෙම මැතිවරණ ත්‍රිත්වය ම හඳුන්වා දිය හැකිය.දකුණු කොරියානු මැතිවරණය තුළ නවීන ක්‍රිමෝපායන් අනුගමනය කරමින් සිය මැතිවරණය සිදු කෙරිණි.නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඔන්ලයින් ක්‍රමය හරහා සිය ඡන්දය භාවිත කිරීමට ඡන්දදායකයින්ට මෙවර නිදහසේ අවස්ථාව උදා විය. මේ නිසාම සැලකිය යුතු ප්‍රමාණයකින් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ඉහළ යාමක් සිදු විය.

මෙම මැතිවරණයන් තුළ දැඩි සෞඛ්‍ය නිතීන් අනුගමනය කෙරිණි. මුව ආවරණ පැළදීම,අත් ආවරණ පැළදීම, සමාජ දුරස්ථකරණය පවත්වාගෙන යාම වැනි නිතීන් මෙහි දී දැඩි ලෙස අනුගමනය කෙරිණි. ඡන්ද මධ්‍යස්ථාන විෂබීජ හරණය කිරීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම භාවිතයට ගැනීමට සිදු විය.මේ නිසා ම සාමාන්‍ය කාලයක දී සිදු කරන මැතිවරණයකට වඩා විශාල මුදලක් මෙම මැතිවරණයන් සඳහා වැය කිරීමට රටවල් ත්‍රිත්වයට ම සිදු විය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් ජනතාවගේ සෞඛ්‍ය රක්ෂණය පවත්වා ගනිමින් මැතිවරණ පැවැත් වීම කෝවිඩ්-19 අභිමුඛ මැතිවරණ පැවැත් වූ රටවල අභියෝගය විය.

කෝවිඩ්-19 වසංගතයත් සමඟ ඒ ඒ රටවල ආණ්ඩුවල කාර්යශූරත්වය පෙන්නුම් කිරීමට අවස්ථාව ලැබී තිබේ. මෙම අවධිය තුළ පවත්වන මැතිවරණයන් හුදෙක් කෝවිඩ්-19 අර්බූදය සඳහා ආණ්ඩුකරණයේ ඇති ජනතා හිතකරභාවය පෙන්නුම් කරන ජනමත විචාරනයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. දකුණු කොරියාව, සර්බියාව මැතිවරණයෙන් අනතුරව නැවතත් කෝවිඩ්-19 රැල්ලට යම් ප්‍රමාණයකින් ගොදුරු වීමට සිදු විය.තවමත් සිංගප්පූරුවේ තත්ත්වය යහපත් වුවද ඉදිරි දිනවල යම් වෙනසක් වුවද සිදුවිය හැකිය.

කෙසේනමුත් බලයට පත්වන කුමන රජයක් වුවත් සිය පාලනය තුළ දූරදර්ශිබවක් පැවතිය යුතුය. මුදල් පාලනය, භාණ්ඩ හා සේවා පවත්වා ගෙන යාම, සෞඛ්‍යය වැනි කරුණු පිළිබඳව දැඩි ලෙස අවධානය ලබා දිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *