මැතිවරණ අස්සේ ඌවේ ඉඩම් සුද්ද කරයි

පහළ ඌවෙි අලි-මිනිස් ගැටුම නිර්මානය කලේ පැල්වත්ත සිනි සමාගම බව අප හොදින් දනිමු. දැන් එම සමාගම උක්වවන්නට වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් තවත් ඉඩමි අක්කර 5000ක් ඉල්ලති. මෙි ඉඩමි සමාගම ඉල්ලා ඇත්තේ යාල හා ලුනුගමිවෙහෙර වනෝද්‍යානයන්ට මායිමිව ඇති ප්‍රදේශ වලිනි. මෙම ඉඩමි ලබාදිම සමිබන්ධයෙන් තවත් ඇත්තේ සාකචිජා මටිටමෙිය. මෙම ඉඩමි උක් වැවිම සදහා නිදහස් කරන බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ප්‍රකාශකර නැත. නමුත් සමාගම මෙි වනවිටත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු කැලැඉඩමි අල්ලාගෙන වගාකටයුතු කරන පිරිසක් සමග එක්ව එම ඉඩමි ඩොසර් කරමින් උක්වගා කිරිමට සුදානමිවෙති. පහත ජායාරැප හා විඩියෝ දර්ශණ මගින් පෙන්වා ඇත්තේ බුත්තල වැලිආර බුදුගල්ලෙන රක්ෂිතයට මායිමිව ඇති කැලැ ඉඩමි වල උක්වගා කිරිමට පැල්වත්ත සමාගම සුදානමි වෙන ආකාරයයි.

ඉකුත් දිනක පැල්වත්ත සමාගම මගින් බුදුගල්ලෙන රක්ෂිතය හරහා මාර්ගයක් ඉදිකිරිමට කටයුතුකරමින් සිටියදි වන නිළධාරින් එම මාර්ගය ඉදිකිරිම සදහා යොදාගත් ජේ.සි.බි යන්තුුය හා එහි රියදුරැ අත්අඩංගුවට ගත් අතර එහිදි ගිනිඅවි රැගත් ආරක්ෂකයින් පිරිසක් සමග එම ස්ථානයට පැමිනි සමාගමෙි කළමනාකරැවන් කිපදෙනෙකු වන නිළධාරින් බියවද්දා එම ජේ.සි.බි යන්තුුය හා රියදුරා රැගෙයාමට තැත්කලේ අප ඉදිරියේමය. සමාගම මෙම මාර්ගය ඉදිකලේ ගමිවැසියන්ගේ ඉල්ලිමට බව පැවසුවත් අපකල සොයා බැලිමෙිදි අනාවරනය වුයේ,ඔවුන් ඉදිරියේදි දේශපාලන බලය යොදාගෙන හෝ නිදහස් කර ගැනිමට උත්සහකරන ඔක්කමිපිටිය හැබැස්ස ප්‍රදේශයේ උක් අස්වැන්න පැල්වත්තට ගේන්නට කෙටි මාර්ගයක් සකසා ගැනිමට
බව තහවුරු විය.

https://www.facebook.com/nayana.sanjeewa/videos/3172912772757996/?t=2

කෙසේ නමුත් මෙතෙක් මෙම ඉඩමි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් නොකර තිබියදි කැලැ ඉඩමි අල්ලාගෙන අනවසර වගාවන් කරන ගොවින් හරහා වනඅලි බහුලව ගැවසෙන කලාපයේ උක්වගා කිරිමට සමාගම සැරසෙන්නේ කාගේ බලයක් යොදාගෙනද යන්න සොයාබැලිය යුතුය.එමෙන්ම මෙි ඉඩමි නිදහස් කිරිමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නමි පැල්වත්ත සමාගම මෙම මහා පරිමාන ව්‍යාපෘතිය හේතුවෙන් ඇතිවිය හැකි පාරිසරික හා සමාජිය හානිය තක්සේරැකිරිමට පරිසර බලපැමි තක්සේරැවක් (Environmental Impact Assessment) කලයුතුව ඇත.Image may contain: sky, tree, mountain, cloud, plant, grass, outdoor and nature

Image may contain: tree and outdoor

Image may contain: plant, tree, outdoor and nature

Image may contain: sky, tree, outdoor and nature

Leave a Reply

Your email address will not be published. Required fields are marked *