බටහිර කවියේ ලයාන්විත පද රිද්මයහෙවත් ගීත කාව්‍ය Lyric poems – (හෝමර්ගේ අඩවිය – 05 ) ආශිර්දිනී භාග්‍යා ලියයි

බටහිර කාව්ය කාව්‍ය ලෝකයේ හමුවන පැරණිතම කාව්‍ය කලාව ගීත කාව්‍ය ලෙස හදුනා ගැනීමේ කිසිදු වරදක් නැත. මන්ද එහි ඉතිහාසය 13සියවසේ ග්‍රීක රෝම යුග දක්වාම දිව යයි.
කවිය හඩ නගා කීම, එයට තාලය සහ සංගීතය මුසුවිම, රසවිදීමේදි ශබ්දාලංකාරයෙනුත් රිද්මය සහ තාලය මුසු කොට ගත ධ්වනිතාර්තයෙන් සපිරිගායන ලීලාවෙන් ලිවීම ගීත කාව්‍යවලවේ. එනමුදු ඒවා ගීත ගණයට අයත් නොවේ.

ගීත කාව්‍යාය යට කදිම නිදසුනක් ලෙස රෝමියෝ ජූලියට් ගීතාවලිය ඉදිරිපත් කළ හැකිය. ගීත කාව්‍යයේ පෙරමුණගත් කවින් අතර Pindar, Sapphoකිව්දිය ඉදිරියෙන් සිටි.

ඈත යුගයේ දි ගීත කාව්‍යයට උචිත නාද මාලාවක් එකතු කළ අතර ඒ සදහා තත් වලින් වැයෙන සංගීත භාණ්ඩ පසුබිමින්වාදනය කිරීම සිදුවිය. මේ සදහා බහුලට යොදා ගන්නා ලද්දද් Lyre නම් තත්වලින් වැයෙන් සංගීත යි. වාදනයට අනුරූප පද පේලිවලින් සමන්විත වු අතර මෙවැනි කවි lyric ලෙස හදුන්වන්නට විය. ලිරික් ශෛලියේ කවි වල විශේෂත්වය වන්නේ ඒවා කෙටි වදන් වලින් යුක්ත වීමයි. ඉතාම සංවේදි පද සහිත සංවේදි හැගීම් ඇති කරවන ගතියයි. දැඩි පෙලීම් ස්වභාවයක් ඉන් ජනිත වේ.

කවියේ දෘෂ්ටිය බිහිවන්නේ රචකයාගේ අත්දැකිමක් මතිනි. එසේ වස්තු විෂය වන දෑ හෙවත් තේමාව යට කී රචකයාගේ ස්වකීය අත්දැකීමක් ලෙස තමන් ගේ හැගීම් ප්‍රකාශයක්ලෙස උත්තම පුරුෂයෙන් රචනාවේ. එම නිසා කවියේ අරමුණ ස්වකීය හැගීමක් වීම විශේෂවේ.
ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්ගේ කාව්‍යයක වර්ගකරණයට අනුව විශිෂ්ට කවි වර්ග 3කි. එනම් ගීත කාව්යේ, නාට්‍යමය කාව්‍ය සහ වෘතාන්ත කවි යනුවෙනි. ඒ අනුව ගීත කාව්‍ය කාව්‍යකරණයේ වැදගත් ස්ථානයක රැදේ.

ගීත කාව්‍ය බටහිර ලෝකයේදී ග්‍රීසියෙන් ඇරඹී රෝමය දක්වා ව්‍යාප්ත වූ පසු යුරෝපයෙන් ලොවපුරා විසිරි ගිය බව කියයි. එහිදි එය පර්සියානු සහ චීන බලපෑමට යටත් වූ බව දැක්වේ. ශෙක්ස්පියර් විසින් තම දෑතට හසු කර ගත් ගීත කාව්‍ය 16වන සියවසේදී ජනප්‍රිය තලයකට රැගෙන ආවේය. රෝමියෝ ජූලියට් කාව්‍ය මීට කදිම නිදසුනකි. 16වන සියවසෙන් පසු 17-18 19සියවස් දක්වාම ගීත කාව්‍යෙය් ස්වාධිපත්යටත් පැරණි සම්ප්‍රදායික රචනා ශෛලියත් රැකගෙන ආ නමුදු පසුව එය වෙනස් වෙමින් යයි.

නුතන කවියන් අතර බෙහෙවින් ජනප්‍රිය වු ගීත කාව්‍ය සාමප්‍රදායික ආරෙන් මිදෙන්නට වූ බව පෙනේ. T.S Eliot , John Keats, Robert Frost, Emily Dickinsonසහ ඉන් අනතුරැව ආ සෑම කවියෙක්ම මේ වර්ගයේ කවි රචකයින් වුනි. රොබර්ට ෆ්රොස්ට්ගේ Nothing gold can stay කවිය මෑත යුගයේ චිත්රකපට පටයකට දායක කරගත් අතර බොහෝ කවි එසේ චිත්‍රපට සදහා යොදා ගැනුනේ ඒවායේ ඇති අතිශය හැගීම් දනවන ගතිය නිසාමය. ,Midsummer night Dreams එවැනි තවත්නිදසුනකි.

පද පේලිවල රිද්මය පේලි 5ට එක සමාන වන ලෙස ලිවීම සමාන උච්ඡාරණය ඇති පද යෙදීම නිසා ශබ්දාලංකාරයෙන් අනුන වන මෙම කවි ඇතැමි විට සොනට් ආරෙනුත් ලියන්නට වු බව පෙනේ. කවියේ විරිත, අලංකාර පද යෙදීම උපමා රෑපක යෙදීම, ධ්වනිතාරත , රිද්මය සහ ව්‍යංගාර්තය ඇති පද යෙදීම මැනවින් මෙම කවි වල ආකෘතියයි.. කවියට අවශ්‍ය වන සංවේදි හැගිම් දැනවීම සදහා එසේඋපකාරක අත්යම වශයෙන් යොදා ගැනින.
එඩ්ගාර් ඇලනපෝර් ගේ The Raven කවියත්, ජෝන් කීට්ගේ bright star වැනි ගීත කාව්‍යය මීට කදිම නිදසුන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *