නුඹලා දන්නේ මොනවද ? – චතුරි මහේෂිකා

ෆේස්බුක් වල ගොඩක් වෙලාවට සංසරණය වෙන පෝස්ට් දැක්කම හරිම කළකිරීමක් වගේම පිළිකුල්සහගත බවක් දැනෙනව , ඉතින් ලියන්නද නොලියන්නද කියල හිතමින් ඉඳල ලියන්න ගත්ත ලිපියක් මේක ..

හැබැයි අර පෝස්ට් වල තියෙන වචන වලට වඩා ඒ දේවල් හැඳින්වීමට සභ්‍ය වචන භාවිතා කරන බව ලියන්න ඕනේ .. ඔයා ඕන තරම් දැකල ඇති සමහරු කෙට්ටු කෙල්ලො කැතයි කියල හුවාදක්වන්න , සමහරු මහත කෙල්ලො කැතයි කියන්නත් විවිධ විදිහෙ පෝස්ට් share කරගන්නව , (ඒ විතරක් නෙවෙයි තව ගොඩක් ඒව තියෙනව ඒව මෙහෙමම හෙමින් කතා කරමු)
ඕවා ඇතුළෙ විවිධ අමුතුකතා දාගෙන පෝස්ට් හදනව , ඕක ඇතුලෙ හැංගිල තියෙන කතාව තමයි අතිශ්‍ය බහුතරයක් ඒවා හදන්නෙ සහ share කරගන්නෙ ඇරියස් කවර් කරගන්න ..

මහත කෙල්ලො ලස්සනයි කියල හිතන සමහර කෙට්ටු කෙල්ලො (තමන්ට එහෙම වෙන්න බැරිවුණ ඉරිසියාවට) මහත කෙල්ලො කැතයි කියන පෝස්ට් share කරගන්නව , කොල්ලෙක් කෙට්ටු කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉඳල බූට් එකක් කෑවනම් කෙට්ටු කෙල්ලො කැතයි කියන ජාතියෙ පෝස්ට් share කරගන්නවා , ඒ වගේ කතා ගොඩක් තියෙනව , ඒවා ඇතුලෙ විහිලු වලට වඩා 99%ක්ම පිරිල තියෙන්නෙ ඉරිසියාව , වෛරය වගේ දේවල් , සමහරු නිරුවත් කියල ඔවුන්ට නොපෙනුනාට ඔවුන්ගෙ නිරුවත වටපිටාවේ බලන් ඉන්න මිනිස්සුන්ට හොඳට පේනවා ..

හැබයි මේ ටික නෙවෙයි හොඳම කතාව , එකිනෙකාගෙ ඇරියස් කවර් කරගන්න ඔවුන් ලියන දේවල් .. අන්න ඒ ගැන තමයි කතා කරන්න ඕනෙ
මේ මෑතකදිම දැක්ක පෝස්ට් එකක් තමයි “පොස්ටිනෝ බීලා බීලා මහත් වෙලා චබී ගානවා” වගේ අර්ථයක් දුන්න පෝස්ට් එකක් (දැන් කවුරුහරි අහගෙන එන්න පුලුවන් ඒකට මට රිදුනද කියල ,

මේක එක උදාහරණයක් විතරයි තව ඕන තරම් ඒ වගේ පෝස්ට් ගැන ලියන්න පුලුවන් , අනිත් එක තමයි තව අවුරුදු කිහිපයකින් මට අවුරුදු 30ක් වෙන්න යනවා , අද වෙනකල් පොස්ටිනෝ පෙත්තක් හැබැහින් දැකල නෑ දන්නෙ කොහොමද අහන්න එපා අවුරුදු මෙච්චර ගානක් වුණ ගෑනු ලමයෙක් ඒ වගේ දේවල් ගැන දැනුවත් නැත්නම් ගලක් බැඳගෙන ලිඳකට පනින එක වාසනාවක් ..

හරි කතාවට එමු , ඉතින් ඒ පෝස්ට් හදන පොඩි පොඩි නංගිල මල්ලිලගෙන් මං අහන්න කැමතියි කෙල්ලො මහත් වෙන්නෙ පොස්ටිනෝ බිව්වම විතරද ? කොල්ලො මහත් වෙන්නෙත් ඒවා බීලද ?

ඊට කලින් ආසන්නම තව කතාවක් මතක් කරන්නම් පහුගිය දවසක රියලිටි තරඟයකට ආපු පොඩි කෙල්ලගෙ අඟපසඟට බහුතරයක් දෙනා කොච්චරනම් කතා හැදුවද ? ඕනම ලමයෙක් නවයොවුන් වියට ආවම ශරීරයෙ විවිධ වෙනස්කම් සිද්ධවෙනවා ,
සමහරවිට ඒ දේවල් අස්වාභාවික වෙන්න පුලුවන් . නවයොවුන් වියට එළඹිලත් අවශ්‍ය ඉන්ඳ්‍රියන් නිසියාකාරව වැඩෙන්නෙ නැති අය ඉන්නව නේද ? එහෙම නැත්නම් වැඩීම පරක්කු අය ඉන්නව නේද ? ඒව හෝමෝන වල ප්‍රශ්නනම් .. අන්න ඒ වගේම තමයි විවිධ ඉන්ඳ්‍රියන් පමණට වඩා වැඩීමත් හෝමෝන ගැටලුම තමයි ..

ලිංගික ක්‍රියාකාරකම් වලදි ශරීරයෙ විවිධ වෙනස්කම් සිද්ධවෙනවා , ශරීරයෙ විවිධ ස්ථානයන්ගේ වැඩීම් එක වෙනස්කමක් , හැබැයි එහෙම අඟපසඟ වෙනස් වුණා කියල ඒකෙ තේරුම ඒ හැම කෙල්ලම කොල්ලෙක් එක්ක මොනාහරි කරල ඇවිත් කියන එක නෙවෙයි , කසාද බැඳලත් අඟපසඟ හැදෙන්නෙ නැති ගැහැණු ඉන්නව නේද , ඒ සිල් අරන් ඉඳලද , නෑ , එක්කො හෝමෝන ප්‍රශ්න , නැත්නම් ව්‍යායාම් මගින් ශරීරය පවත්වා ගැනීම් වගේ දේවල් බලපාන්න පුලුවන් , ඒවා එහෙමනම් වැඩි වර්ධනයක් පෙන්නන ලමයින්ට හෝමෝන ප්‍රශ්න නැතුව වෙන කතාවක් ගෙතුනෙ කොහොමද ?

මට මෙන්න මේකයි කියන්න ඕනෙ , හැමෝටම කියල කතාවක් තියෙනව , කතා ගොතන්න අපිට අයිතියක් නෑ , ඒ වගේම ස්වභාව ධර්මයෙ දේවල් මෙන්න මෙහෙම වුණොත් මේ විදිහටම වෙනව කියල නියමයන් නෑ , ඒක ගෑනුන්ගෙ ශරීර වලටත් එහෙමමයි ..
නිවැරදි වයසකට එන්න කලින් , බඳින්න කලින් දකින දකින අය සමඟ අනවශ්‍ය විදිහට හැසිරීම මං හරි කියන්නෙ නෑ , ඒක ඇත්තටම වැරදියි , හැබැයි එහෙමයි කියල අද සමාජෙ බහුතරයක් එහෙම අනවශ්‍ය විදිහට නොහැසිරී ඉන්නෙ නෑ , එහෙම අය ලමයෙක් හම්බුවෙලා මහපාරේ දාල යනවට වඩා පොස්ටිනෝ හරි මොනාහරි බොන එක ඇත්තටම හොඳයි .. පාරවල් අයිනෙන් , කාණුවලින් , කුණු ගොඩෙවල් වලින් ඇස් ඇරලවත් නැති පොඩි පොඩි දරුවො හම්බුවෙන එක එතකොට අඩුවෙයි .

මෙතන මතුකරන්න ඕන විශේෂම කාරණාව තමයි කොච්චර පෝස්ට් හැදුණත් ඒ විදිහෙ වැරදි කරන අය ඒවා බලල අමුතු දෙයක් හිතන්නෙ නෑ , වැරදිකරන්න පුලුවන්නම් පෝස්ට් ගනන් ගනීද නේද ? හැබැයි කිසිම වරදක් කරන්නෙ නැතුව හෝමෝන ප්‍රශ්න , මානසික ප්‍රශ්න , විවිධ ගැටලු ආදිය නිසා ශරීරයෙ වෙනස්කම් වලට ලක්වුණ දරුවො ඒ පෝස්ට් දැක්කම මානසිකව වැටෙනව , “මිනිස්සු මං ගැනත් මෙහෙම හිතයිද කියල හිතනව” ඒක සමහර අයගෙ මුලු මානසිකත්වයම කඩන් වැටෙන්න බලපානව , ඊට පස්සෙ මුළු ජීවිතේම කඩන් වැටෙන්නත් බලපානව , සමාජෙට එන්න බයවෙනව , මේ දේවල් විහිලු නෙවෙයි අපිට තියෙන මානසික මට්ටම නෙවෙයි හැමෝටම තියෙන්නෙ .. හුළඟක් ඇවිත් ඇඟේ හැපුනත් කඩන් වැටෙන චරිත මේ ලෝකෙ ඉන්නවා , අපි එහෙම අයව ඕන තරම් දකිනව ..

හැබැයි අර විදිහෙ පෝස්ට් හදන අයම සුශාන්ත්ල මැරුනම කවි ලියනව , නිසදැස් ලියනව , ඩීප්‍රෙශන් ඉස් නොට් අ ජෝක් කියල පෝස්ට් හදනව , වචනෙකින්වත් මිනිස්සුන්ගෙ හිත රිද්දන්න එපා කියනව , මොන විහිලුවක්ද ?
මේලෝකේ ගොඩක් මිනිස්සු මානසිකව වැටෙන ප්‍රධාන දේවල් වලින් කිහිපයක් තමයි ලෙඩ රෝග , තමන්ගෙ ශරීරයෙ අඩුපාඩු හෝ වෙනස්කම් , ඉතින් ඒ දේවල් තව දුරටත් විහිලුවකට ගන්න එපා , සියදිවිහානි කරගැනීමකින් කෙලවරවෙන්න ඔබ කියන බෙදාහරින එක වචනයක් වුණත් ඇති ..

ෆෝන් එකට ෆොටෝ එඩිට් කරන්න පුලුවන් ඇප් එකක් දාගෙන , සිංහල ටිකක් ටයිප් කරන්න පුලුවන් වුණා කියල දන්න නොදන්න , හිතට එන හැම සිඟිති දෙයක්ම පෝස්ට් හදල දාන එක ලොකු වීර ක්‍රියාවක් නෙවෙයි , මුලින්ම එහෙම කරන අය තමන් ගැන ලැජ්ජ වෙන්න ඕනේ , සමහරවිට උඩ කතා කරපු විදිහෙ ගැටලු තමන් නොදන්නව වුණාට ඒ අයගෙ අම්මලට , සහෝදරියන්ට පවා තියෙන්න පුලුවන් , අනාගතේ තමන්ගෙ දුවෙක්ට වුණත් ඒ වගේ දේවල් වෙන්න පුලුවන් , ඉතින් ෆෝන් එකට ඇප් එකක් දාගෙන අකුරු ටිකක් ඔබන්න පුලුවන් වුණා කියන්නෙ හැමදෙයක්ම දන්නව ලෝකෙ ජයගත්තා කියන එක නෙවෙයි , හෝමෝන ගැන , ලෙඩ රෝග ගැන ඉන්ටර්නෙට් එකෙන්වත් බලල ඉගෙනගන්න ..

අවසාන වශයෙන් කියන්නම් මේ දේවල් ලියන්න මං වෙනුවෙන් හේතු නෑ , මං ලියන දේවල් ලියන්නෙ මං වෙනුවෙන් නෙවෙයි හඬක් නැගිය නොහැකි සියලුම දෙනා වෙනුවෙන් .. මේ දේවල් කියවන්න බෙදාහදාගන්න , එකම ජීවියෙක්ට හරි යහපතක් වෙනවනම් මගේ අරමුණ ඒක විතරයි ..

 

-W.චතුරි මහේෂිකා-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *