ලෙබනන් පාලනය උඩු යටි කුරු කළ බේරූට් වරායේ පිපිරීමේ ඇත්ත කතාව – තරණය -හසිනි දෙනිපිටිය

ජෝර්ජියාවේ සිට මොසැම්බික් දක්වා යාත්‍රා කරමින් සිටි නෞකාවේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා යාත්‍රාව බේරූට් වරාය වෙත පැමිණියේ ය. ඉන් අනතුරුව එහි දී කළ පරීක්ෂණවල දී තවදුරටත් මෙම නැව යාත්‍රා කිරීමට නුසුදුසු බව අනාවරණය විය. නෞකාවේ අයිතිකරුවන් නැව අත්හැර දැමූ පසුව බේරූට් වරාය තුළ නැව නැංගුරම් ලා තිබුණු අතර මෙහි තිබූ ඇමෝනියම් නෛට්‍රේට් තොගය වරාය තුළ ගබඩා කෙරිණි. අධිකරණ නියෝගයත් සමඟ නෛතික පදනම යටතේ වසර 6 පමණ කාලයක් මෙම ඇමෝනියම් නෛට්‍රේට් තොගය වරාය තුළ ගබඩා කර තැබිණි.

කීහිප වරක් ම මෙම අනතුරුදායක ඇමෝනියම් නෛට්‍රේට් තොගය වරායෙන් ඉවත් කරන ලෙසත් එයට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් වරාය අධිකාරිය කිහිපවිටක දී ලිඛිතව අදාළ බලධාරීන් දැනුවත් කළ බව වරාය අධිකාරිය පවසයි. මේ සියල්ලගේ ම අවසනයේ අවසන් වරදකරුවා වුයේ කවුද ?
ඒ එරට පාලන බල අධිකාරිය යි. ඔවුන්ගේ නොසැලකිලිමත්බව නිසා මෙලෙස විශාල සංහාරයක් සිදු වූ බව දේශිය මෙන්ම විදේශීය වශයෙන් ඔවුන්ට ඇති චෝදනාවයි. ලෙබනනය තුළ මේ වනවිට ආණ්ඩු වීරෝධී මහජන රැල්ලක් ඇති වෙමින් පවතියි. මහජන විරෝධතා අතරතුර එරට ආරක්ෂක අංශ සමඟත් යම් යම් ගැටුම් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.ලෙබනන් පාර්ලිමේන්තුව ඉදිරිපිට ජනතාව රැස් වීමත් සමඟ ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට මාධ්‍ය පවසයි.මහජනතාව පවසනුයේ පාලකයන්ගේ නොසැලකිලිමත් බව නිසා මෙම පිපිරීම සිදු වූ බවයි.විරෝධතාකරුවන් මේ හේතුවෙන් බලවත් කෝපයට පත්ව ඇත.වර්ෂ 2013 වසරේ පටන් පසුගිය 4 වනදා දක්වා කිසිදු ආරක්ෂක විධිවිධානයකින් තොරව ඇමෝනියම් නෛට්‍රේට් 2,750 t ක් අසුරා තැබිණි. අනාරක්ෂිත ගබඩාකරණය නිසා ඇති වූ මෙම පිපිරීම නිසා මිනිස් ජිවිත,ජීවනෝපායන්, උන්හිටිතැන් අහිමි වීම්, ව්‍යාපාර වැනි බොහෝ දේ අහිමි විය.තවමත් ඇස්තමේන්තු ගත අගයක් හෝ ඉදිරිපත් කිරීමට නොහැකි වන ලෙස මානව හා භෞතික සම්පත් විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇත.

මේ වනවිට මෙම සිදුවීමත් සමඟ එරට පාලක පක්ෂය දේශපාලනික වශයෙන් යම් අස්ථාවරභාවයකට ඇදවැටී තිබේ. ජෝර්දානයේ සිටි ලෙබනන් තානාපති ට්‍රේසි චමෝන් සිය ධූරයෙන් ඉවත් වුයේ ලෙබනන් නායකත්වයේ වෙනසක් අවශ්‍ය බව පවසමිනි. එසේම මෙම සිද්ධියත් සමඟ ලෙබනන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මර්වන් හම්ඩේහ් පසුගියදා සිය ධූරයෙන් ඉවත් විය. ලෙබනන් විපක්ෂ සාමාජික බහා හරීරි චෝදනා කරනුයේ වරායේ සියලු පාලන කටයුතු සිදුවනුයේ හිස්බුල්ලා සංවිධානයට අවශ්‍ය පරිදි බවයි. ලෙබනනය තුළ හිස්බුල්ලා සංවිධානය දේශපාලනික හා සන්නද්ධ වශයෙන් දෙයාකාර වේ. කෙසේ නමුත් මේ වනවිට ජනතාවගේ දැඩි විරෝධී මතයත් සමඟ ආණ්ඩු වීරෝධතා රැල්ලක් දැන් දැන් ලෙබනනය තුළ ඇතිවෙමින් පවතියි. ජෝර්දානයේ සිටි ලෙබනන් තානාපති ට්‍රේසි චමෝන් සිය ධූරයෙන් ඉවත් වුයේ ලෙබනන් නායකත්වයේ වෙනසක් අවශ්‍ය බව පවසමිනි.

පිපිරීමෙන් අනතුරුව ලෙබනන් සංචාරයක නිරත වූ ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්රොන් හා දුරකතන සාකච්ඡාවක නිරත වූ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොරල් මිලියන 5 ආධාර ලෙබනනය වෙත ලබා දී ඇති බව ධවල මන්දිරය නිවේදනය කරයි.පිපිරුම ඇති වීමෙන් අනතුරුව මෙහි පළමු සැකය එල්ල වුයේ අසල්වැසි රාජ්‍ය වූ ඊශ්‍රායලයට යි. අනතුරුව ඇමෝනියම් නෛට්‍රේට් පුපුරා යාමක් බව සැල වුණු පසුව සියලු අමනාපකම් බිඳ දමා ලෙබනනයට හැකි පමණ උපකාර කිරීමට ඊශ්‍රායලය අනෙකුත් රටවල් සමඟ එක් වී ඇතිබව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

බේරූට් වරාය හා ඒ අවට නගරය ලෙබනනයේ කේන්ද්‍රිය ස්ථානයක් ලෙස නම් කළ හැකිය. ආහාරපාන මෙන්ම එදිනෙදා අවශ්‍යතාවයන් සපයන ප්‍රමුඛ කේන්ද්‍රස්ථානය මෙය වේ.මේ නිසා ම ලෙබනනය දැඩි ආහාරපාන හා අනෙකුත් අවශ්‍යතාවයන්ගේ හිගයක් ඇති වෙමින් තිබේ.කෙසේනමුත් සියලු විදේශීය රටවල් මෙන්ම ජාත්‍යන්තර සංවිධානයන් නැවත නැගිටීමට ලෙබනනයට අත හිත දෙමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *