ඉංග්‍රීසි කවියේ වෙනස මැවූ “දෙබස් කවි ” ආර හෙවත් Conversational Poems. – ආශිර්දනී භාග්‍යා

කලීල් ජිබ්රාන්ගේ කවි කියවූවන්ට “Body and Soul ” “සිරුර සහ ආත්මය ” කවිය අමතක නොවන්නකි. එය දෙබස් ආරෙන් රචිත ඉංග්‍රීිසි සාහිත්‍යයේ එන දෙබස් කවියේ නැවුම් බව මොනවට එළි දක්වන නිදසුනකි.
බටහිර කාව්‍යකරණයේ එක්තරා අවදියක මෙවැනි දෙබස් කවි නම් කාව්‍යය ප්‍රභේදයක් නිර්මාණය වු අතර, මේ සම්ප්‍රදායේදි දැකිය හැකි විශේෂත්වය නම් පුද්ගලයන් දෙදෙනකු අතර යම් සිද්දාන්තයක් අරබයා හුවමාරු වන අදහස් , දෙබස් ලෙස කවියට උචිත අයුරින් වාග් මාලාවක් ලෙස කවිය රචනා කිරීමයි. එය ⁣monologue එනම් ස්වයංකතනයේ කවි වලින් විරුද්ධ වුවකි. Monologue වර්ගයේ කවියෙන් සැමවිටම කවියා තමා කතා කරන්නා සේ කවිය ලියන අතර diologue කවි වලදී පුද්ගලයන් දෙදෙනෙකුගේ පුද්ගලාන්තර සන්නිවේදනයක් දැකිය හැකියි.I love you body and soul: and I suppose body means that I want to ...

මෙහි කතා නායකයෙක් (narator) බොහෝවිට දකින්නට නැති මුත් ඇතැම් විට කවිය අවසානයේ පෙනී සිටියි.  කවියට වස්තු බීජය වන්නේ දෙදෙනාගේ කතාවට අදාල යම් සංසිද්ධියකි. උදාහරණ ලෙස Old England New England කවිය ගතහොත් එහි ඇත්තේ පැරණි එංගලන්තයේ සහ නව වෙනස්කම් සහිත එංගලන්තයේත් ස්වභාවය ගැන අදහස් හුවමාරැවකි.
මෙසේ මෙවැනි කවියක තේමාවන් සංස්කෘතිකමය, සමාජමය වශයෙන් වැදගත් සහ කතා බහට ලක් වූ දේවල් ලෙස නිර්මාණය වේ. උදාහරණ ලෙස වර්ණහේදය , සමාජ අයිතිවාසිකමි , විවිධ මතවාද, ආදිය තේමා කොට ගනී.

දෙබස් කාව්‍යය රචනයේදී කවියට අලංකාර , උපමා , විශේෂණ පද , වර්ණනා භාවිතය ඉතාම අල්ප වන අතර හුදෙක් අදහස් හුවමාරැවට අදාල පද වැල් පමණක් එම සිද්දිය මුල් කරගෙන ගෙතී යයි .
ඒවා සමාජයේ මතභේදාත්මක ( controversial ) සංසිද්ධින් මුල් කර ගෙන විවාදාත්මක අදහස් හුවමාරැවක් ලෙස රචනා කිරීම ඊට හේතුවකි .
යමක් දිහා දෙදෙනකු විසින් දෘශ්ටිකෝණ ⁣දෙකකින් බලමින් සිය අදහස් කියා පාන ආකාරය මෙහි ගැබ්වේ. (ඇතැම්විට තර්ක කිරීමක් වැනි)
මේවා නාට්‍යයම ස්වරැපයෙන් බිහි වුයේ මධ්‍යකාලීන සමාජයෙනි. දෙබස් අනුකණ්ඩ වලින් යුත් ගී කාව්‍ය ලෙස ප්‍රබන්ධ වූ අවස්තා ද ඇත.

වික්ටර් හියුගෝ කවියාගේ ” The Marbal Faun” කවිය ඊට නිදසුන් වේ.

ඇතැම් විට කවියට විවිධ විෂයික සංසිද්ධි හේතු පාදක කරගනී. එවැනි ප්‍රචලිත කවියකි, මුහුද යට නගරයක් ගැන ලියවුන පුරා විද්‍යා සාධකයක් ගැන දෙබසින් අදහස් හුවමාරැ වන “The Heraklion” කවිය.
මෙසේ මෙම දෙබස් ආරේ කවි වලින් දෙදෙනාගේ මත ඉදිරිපත් කරයි.
කවි පද ලියවෙන්නේ එකෙකුගේ මතයත් අනෙකාගේ මතයත් මාරැවෙන් මාරැවට කියවෙන (alternative verses.) ආකාරයෙනි. ඇතැම්විට වාද ස්වරෑපයන් ඈදා ගනී.
නුතනයේ ද මෙවැනි කවි බෙහෙවින් ජනප්‍රිය වන අතර කවි පිළිබද හදාරන්නවුන්ට පුහුණුවට කදිම ආකෘතියක් ලෙස ද භාවිතයට ගැනේ.
පසු කාලීනව ගී පද සදහා ද මේවා යොදා ගත් අතර වැඩිපුරම රැප් ආරේ Rap ගීත වල මෙවැනි ගී පද ආකාරයෙන් දෙබස් හා මත හුවමැරැ වන හැටි ඔබට මතක ඇති. ඒවායේ කදිම වින්දනයක් ඇති සැටි conversation with A Black Cop ගීතයට සවන් දුනහොත් වැටහේ.
කලු ජාතිකයින් දෙදෙනෙකු අතර තම ජාතිකත්වය අරබයා වු තාර්කික මත ගැටුමක් ලෙස එය ලියවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *