මූදේදී කෘෘර හිංසනයට පත් දරුවාට අධ්‍යාපනයට උදව්වක්

පසුගියදා මිරිස්ස ධීවර වරායෙන් ධීවර රැකියාවේ ගිය බාල වයස්කාර දරුවෙකුට ඉතාමත් කෲර අන්දමින් වදහිංසාවට ලක්කර නැවත නිවසට ගෙනැවිත් දමා ඇති අතර මේ සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් විසින් මාතර මහ රෝහලට ඇතුළත් කළ ප්‍රතිකාර සදහා යොමු කොට ඇත.
මාධ්‍ය විසින් අදාළ දරුවා පිළිබද රටට හෙළිදරව් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් අදාළ දරුවා සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කළ අතර අද දින මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද දින මාතර මහ රෝහලට පැමිණි අතර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා ද එම දරුවා බැලීමට මාතර මහ රෝහලට පැමිණියේය.

එම දරුවාගේ වැඩිදුර සෞඛ්‍ය කටයුතු සහ දරුවාට අවශ්‍ය පහසුකම් රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන බව අමාත්‍යවරයා පැවසූ අතර මෙම දරුවා මුහුදු රැකියාවට ගොස් ඇත්තේ නිවසේ පැවති ආර්ථික අපහසුකම් නිසා වුවද ව්‍යාජ කූඨ කූට ලේඛන සකස් කර මෙම දරුවා මුහුදු රස්සාවට යොදාගෙන ඇති බව හෙළිදරව් විය. මොහුගේ වයස අවුරුදු 16 හා මාසයක් වන අතර වයස 19ක් යන ලේඛන සකස් කර මුහුදු රැකියාවට රැගෙන ගොස් ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. ඔවුන්ගේ නිවාසය සදා ගැනීමට සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට උදව් කරන බව ඇමැතිවරයා පැවසීය ඇමැතිවරයා දෙමව්පියන්ට පැවසුවේ දෙමාපියන් වශයෙන් දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වන ලෙස ය. මෙම අවස්ථාවට මහින්ද යාපා අබේවර්ධන මහතා කාංචන විජේසේකර මහතා ද සහභාගී විය

මාතර පංකජ සංකල්ප 2020.8.16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *