රූප ඇදීමේ චිකිත්සාව -05 – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි

මානසික ආබාධ වලට ප්‍රතිකාර කිරිමට සහ මානසික සෙෘඛ්‍ය වැඩි දියුණු කිරිම  සදහා කලාව භාවිතා කිරිම කලා චිකිත්සාව ලෙස හැදින්වේ. කලා චිකිත්සාව යනු නිර්මාණාත්මක ප්‍රකාශයක් මගින් සුවය සහ මානසික යහ පැවැත්ම පෝෂණය කල හැකි දෙයකි..එසේ කල හැකි වන්නෙ .

1)නිර්මාණය කිරිම හෝ අන් අයගේ නිර්මාණ රසවිඳිම.

2)මිනිසුන්ට හැගිම් ගවේෂණ කිරිමට දිම

3)ස්වයං දැනුවත් භාවය වර්ධනය කිරිමට

4)ආතතිය සමග සාර්ථකව කටයුතු කිරිමට

5)ආත්ම අභිමානය ඉහළ නැංවීමට

6)සමාජ කුසලතා. වර්ධනය කිරිමට

මනෝ චිකිත්සාව සමග කලාවට කල හැකිය.

කලා චිකිත්සාව මානසික ⁣ෙසෘඛ්‍ය හා යහපැවැත්ම  වැඩි දියුණු කිරිම සදහා නිර්මාණ ක්‍රියාවලිය සමග
මනෝ චිකිත්සක ක්‍රමවේදයන් එකාබද්ධ කරයි. ඇමරිකානු කලා චිකිත්සක සංගමය කලා චිකිත්සාව මානසික සෙෘඛ්‍යය ප්‍රවේශයක් ලෙස විස්තර කරන අතර එය මානසික ශාරිරික හා චින්තවේගිය සුවතාවය වැඩි දියුණු කිරිම සදහා කලාව නිර්මාණය කිරිමේ ක්‍රියාවලිය උපයෝගී කරගනි. කලා චිකිත්සාවේ පරමාර්ථය වඩාත්. ස්වයං ප්‍රකාශන ගවේෂණය කිරිමට මිනිස්සු උපකාර කිරිම සදහා නිර්මාණය ක්‍රියාවලිය උපයෝගී කර ගැනිම සහ එසේ කිරිමෙන් පුද්ගලයා අවබෝධ ලබා ගැනිමට සහ තමා මුහුණ දුන් කුසලතා වර්ධනය නව ක්‍රම සොයාගත හැකිය.කලා චිකිත්සාව සදහා භාවිතා කරන ශිල්පිය ක්‍රම වෙනස්ය..

චිත්‍ර චිකිත්සාව සදහා භාවිතා කරන ශිල්පිය ක්‍රමවල චිත්‍ර ඇදිම , පින්තාරු කිරිම, වර්ණ භාවිතය මුර්ති   නිර්මාණය , කොලෙජ් නිර්මාණ විය හැකිය..සේවාදායකයා කලාව නිර්මාණය කරන විට එය ඔවුන්ට දැනෙන්නෙ කෙසේද යන්න විශ්ලේෂණය  කල හැකිය..ඔවුන්ට කලාව ගවේෂණය කිරිමෙන් මිනිස්සුන්ට ඔවුන්ගේ සිතුවිලි , හැගිම්. හැසිරීම් වලට බලපාන්නෙ කෙසේද යන්න සොයා බැලිය හැකිය. 

කලා චිකිත්සාව සදහා මිනිස්සුන්ට කලාත්මක හැකියාවක් හෝ විශේෂ කුසලතා අවශ්‍ය නොවන අතර ළමයාගේ සිට වැඩිහිටියා දක්වා සියලුම වයස් වල පුද්ගලයන්ට එයින් ප්‍රයෝජන ගත හැකිය. පර්යේෂණ වලින් පෙනි යන්නෙ කලාව පැවතිම මානසික  සෙෘඛ්‍යය නංවාලීමට දායක වන බවයි.  2017  අධ්‍යානයකින් හෙලි වුයේ රෝහල් පරිසර. තුල ප්‍රදර්ශනය වන කලා නිර්මාණය වලින් රෝගින්ට ආරක්ෂාකාරී හැගුම් සදහා එම පරිසරය දායක වන බවයි.සමාජකරණය වැඩි දියුණු කිරිම සහ රෝහලෙන් පිට අන්‍යනයතාව පවත්වා ගැනිම සදහා
ඉටුකර ගත හැකිය.

මිනිස්සුන් අවුරුදු දහස් ගණනක් තිස්සේ සන්නිවේදනය, අදහස් ප්‍රකාශ කිරිම සහ සුව කිරිම
සදහා කලාව මත විශ්වාසය තබා ඇත. නමුත් කලා චිකිත්සාව 1940 දශකය වන තුරුම විධිමත් වුයේ නැත. මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන් බොහෝ විට චිත්‍ර හා වෙනත් කලා කෘති වල ප්‍රකාශ වන බව වෛද්‍යවරුන් සදහන් කල අතර එ මගින් සුව කිරිමේ උපාය මාර්ග ලෙස භාවිතා කිරිම පිළිබදව ගවේෂණය කිරිමට බොහෝ දෙනාට හැකිවිය.එතැන් පටන් කලාව චිකිත්සක කේෂ්ත්‍රයේ වැදගත් අංගයක් බවට පත්ව
ඇති අතර සමහර ප්‍රතිකාර ක්‍රම වේදයන්ට භාවිතා වේ.

චිත්‍ර චිකිත්සාව පුළුල් පරාසයක මානසික ආබාධ සහ මානසික පිඩාවන්⁣ට ප්‍රතිකාර කිරිම සදහා යොදා
ගත හැකිය .බොහෝ අවස්ථාවන්හිදි එය කණ්ඩායම්  චිකිත්සාව හෝ සංජානන චර්යාත්මක චිකිත්සාව වැනි
වෙනත් මනෝ චිකිත්සක ශිල්පිය ක්‍රම සමග එකාබද්ධ කල හැකි කලා චිකිත්සාව උපයෝගී කරගත හැකි
සමහර අවස්ථා ඇති අතර .දැඩි මානසික ආතතියට ලක්වු වැඩිහිටියන් , පාසැලේ හෝ නිවසේදි චර්යාත්මක හෝ සමාජිය ගැටළු වලින් පෙළෙන දරුවන්ට පිළිතුරු සෙවිම සදහා මේම චිකිත්සාව උපකාරී වේ.

මානසික අබාධ හා මානසික පිඩාවන්ට ප්‍රතිකාර කිරිම සදහා මෙය යොදා ගත හැකිය මොළයේ ආබාධයෙන් පෙළෙන පුද්ගලයන් , මානසික ගැටළු වලට මුහුණ පාන පුද්ගලයන්ගේ ප්‍රතිකාර සදහා කලා චිකිත්සාව භාවිතා කල හැකිය.

වයස්ගත විම හා සමිබන්ධ ගැටළු .කාංසාව, පිළිකා, මානසික අවපිඩනය,ආහාර අක්‍රමිකතා , චින්තවේගි
දුෂ්කරතා, පවුල් සබඳතා ගැටළු සදහා මේම චිකිත්සාව උපකාරී වේ.කලා චිකිත්සාවේ ඵලදායිතාව ය පිළිබඳ සමාලෝචන මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගින්ගේ ජිවන තත්ත්වය වැඩි දියුණු කිරිමට සහ විවිධ මානසික රෝග ලක්ෂණ සමනය කිරිමට කලා චිකිත්සාව ප්‍රජා සේවාවක් විය හැකි බව පර්යෙෂණ වලින් සොයා ගන්නා ලදි.

චිත්‍ර චිකිත්සාව කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා යෙදාගත හැකිය චිත්‍ර ඇඳිම, පින්තාරු කිරිම, මුර්ති කිරිම, සහ කොලෙජ් ආදි විවිධ කලා ක්‍රම යොදා ගත හැකිය. චින්ත වේගිය කමිපනය, ශාරිරික හිංසනය ගෘහස්ථ අපයෝජනය , කාංසාව, මානසික අවපිඩනය සහ වෙනත් මානසික ගැටළු වලට මුහුණ දි ඇති සේවාදායකයන් ගේ නිර්මාණ ප්‍රකාශ කිරිමේදි ඔවුන්ගේ අභ්‍යන්තර අත්දැකීම් කෙරේහි අවධානය  යොමු කිරිමට ඉඩ දෙයි.කලා නිර්මාණය කිරිමේදී මිනිස්සු තමන්ගේ හැගිම්. පරිකල්පනය කෙරේහි අවධානය යොමු කල හැකිය.බාහිර ලෝකයේ  ප්‍රකාශනය වන දෙයට වඩා ඔවුන්ගේ අභ්‍යන්තර ලෝකයේ ප්‍රකාශ කරන නිර්මාණ කිරිමට. සේවාදායකයන් යොමු වේ…

…..වසන්තිකා ස්වර්ණමාලි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *