බටහිර කවියේ ආඛ්‍යාන රීතිය – ආශිර්දනී භාග්‍යා

කවියෙන් වෘතාන්තයක් කීමේ ප්‍රධාන කාව්‍ය රීතිය narative poetry මෙය වන අතර ඒ යටතේ ගැනෙන උප ප්‍රධාන රීතීන් රැසක් මීට ඉහත දී ගෙන හැර දැක්වු අතර Epic, Idylls, Ballard , lays ආදි කාව්‍ය සම්ප්‍රදායන් අනුව කවි ගෙතීම ඒවා ය. සිදුවන්නේ කුමක් හෝ කතාවක් කවියකින් ඉදිරිපත් කිරීමක් වූවද ආඛ්‍යාන රීතියේදි මේ සියලු වෘතාන්ත කවි ඉදිරිපත් වන්නේ හඞ නලුවෙන් හෙවත් කතා නායකයකු හෝ විවිධ චරිත සේ යොදා ගනිමිනි. ඒ නිසා කවි කියවා රස විදීමෙන් එහාට ගමන් කර අසමින් රස විදීමක් බවට පත්වේ. එය නිකම්ම ශබ්ද නගා කියවන විට අසා සිටීමක් නොවන අතර කවියේම අන්තර්ගත චරිතයක් ලෙසින් ඉදිරියට එමින් කටහඩ භාවිතයෙන් එම වෘතාන්තය ඉදිරිපත් කරයි.උදාහරණ ලෙස කතා නායකයකු යොදා ගනීම ගත හැකියි.Narrative Art In Poetry

මෙම පැරණි වෘතාන්ත කවි නාට්‍යමය කවි ආර හෙවත් dramatic poems වර්ගයේ ඒවා ද නොවේ. මන්ද ඒවාට නාට්‍යයමය ස්වරෑපයක් මත ගොඩ නැගු රග දැක්වීමක් නොවීමයි. එහෙත් පසුව ඒවා නාට්‍යමය වෘතාන්ත කාව්‍ය (dramatic narrative poems) ලෙසත් බිහිවී ගියේය.

යුරෝපයේ මුල් ම මධ්‍යකාලීන ඉතිහාසයේ මෙම කාව්‍ය ආර හමු වූවද පසු කාලිනව එය විවිධ හැඩතල ඔස්සේ වෙනස් වූ බව පෙනේ.
වෘතාන්ත කවියේ මූලික ලක්ෂණය ඒවා ඉතාම දිගු ඇතැම්විට කවි පද පේලි දහස් ගණනින් හෙබි දීර්ඝ පද්‍යාවලියක් ( නව කතා වැනි ) හෝ කෙටි කතා වැනි කෙටි පද්‍ය්‍යාවලි කීපයකින් යුත් කවි වීමයි. ඒ නිසා ඒවාට නිශ්චිත ශෛලිය.., ප්‍රස්තුතය ( Plot), කවියා දකින අරමුණක් , නිමිත්තක් (objective,) කවියේ රදවා ගත් විවිධත්වය (diverse), කවි ආකෘතියේ මූලික රිද්මය-(meter) ආදිය අන්තර්ගතව ලියවේ .
Robert browning ගේ The ring and the book මීට නිදසුනකි.Lyric poem, dramatic monologue & ode types of poetry part i

මුඛ පරම්පරා ගතව අවුරැදු දහස් ගණනක් ඔස්සේ සමාජ ගතව ඉදිරියට රැගෙන ආ ඉතිහාස කතා මතකයේ රැදෙන්නට සුදුස වන ලෙස කවියෙ දක්වා ජනගත කල වෘතාන්තයේ රසවත් බවට ඔබින හඞ චරිත ඇසුරෙන් කවි කීම ආක්‍යාන රීතියේ ලියූ කවියේ දි දැකිය හැකියි.
පුරාණ වෘතාන්ත කවි ගණයේ ලා සැලකෙන රාමායන , මහා භාරතය , අපේ මහා වංශය ආදියත් මේ ගණයේම කව්‍යා වලින් වේ.
නුතන වෘතාන්ත කවි රචකයින් අතරින් රොබර්ට් ෆ්රොස්ට් ඉදිරියෙන් සිටින අතර ඔහුගේ ” Mountain Interval ‘ ජනප්‍රිය වෘතාන්ත කාව්‍යයක් වේ. එසේම චාර්ල්ස් රයිට් ගේ “The Italian days “පද්‍යකරණයත් ජනප්‍රිය කතා කවියක්ම වේ. වෘතාන්ත කවි ගීත කවියෙන් වෙනස් වන්නේ එහි ඇති සංකීර්ණ බව නිසාමයි.

කතානායකයාගේ අත්දැකීම් විශ්ලේෂණය සහ කතාව ඉදිරිපත් කිරීම එකවර එහිදි සිදුවේ. පසු කාලිනව ගීත බවට පත්වන පද රචනය, ගීතයෙන් කතා කීමක් බවට පෙරලෙන අතර එවැනි සුපුසිද්ද ගී අතර the beatles ගායක කණ්ඩායමේ days in a life ගීතය ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *