ලොව සුන්දරම හරිත දේශයේ සිට ලියමි  ( අංක 01 ) – ඉරූ කොස්ගොඩ

ලොව සුන්දරම රටවල් අතර තවත් එක් රටක් තමයි අයර්ලන්තය කියන්නේ.. මේ රට ශාන්ත පීතර ගේ අඩවිය කියන්නේ St. Patrick තමයි මේ රට හොයාගත්තු නිසා. The Emerald Isle , Paddy’s Island යන නම් වලින් මෙය හදුන්වන්නේ ඒ තරම්ම වටිනා සුන්දරත්වයක් මේ රට තුළ ගැබ්ව ඇති නිසයි..

ඉතිං සුන්දරත්වය, පාරිසරික සෞන්දර්යය විස්තර කරන්න මගේ ශබ්ද කෝෂයේ අකුරු මදි වුනත් දැනෙන විදින පරිසරය නොවලහා lankatarget.com  හරහා ඔබ වෙත දායාද කරන්න පුංචි උත්සාහයක යෙදෙනවා.. මා නිරන්තරයෙන් පරිසරය විදීමට රුචිකත්වයක් ඇති නිසාම අයර්ලන්තයේ බොහෝ සුන්දර ස්ථාන වෙත ප්‍රවිශ්ට වන්නේ දැඩි ඇල්මකින් හා දයාවකින් යුතුවයි. මේ රටේ වෙසෙන මිනිසුන් ඉතාම සුහදශීලීත්වයකින් යුතු වීම නිසාම සංවර්ධනය මූලික පදනම් සැකසී ඇත්තේ කෘෂි කර්මාන්තය හා සංචාරක ව්‍යාපාරය මත වීම විශේෂත්වයක්..

මා ඇවිද ගිය ස්ථාන වෙත ඔබ කැටුව යන්නට ඉතා ඉක්මන් බැවින් අද සිට ආරම්භ වන්නේ එවැනි තැන් කිහිපයක තොරතුරු ගෙන එන්න .. ඉතිං අපි ඇවිද යමු එන්න මා සමඟ,

Sally Gap- Wicklow
සැලි ගැප්- වික්ලෝ

අයර්ලන්තයේ අගනුවර වන ඩබ්ලින් නගරයේ සිට කිලෝමීටර් එකක් රට මැදට වෙන්න පිහිටි කඳුකර ප්‍රදේශයක් තමයි wicklow කියන්නේ . මොහොතකට මිහිමත ඉතුරුවුනු අවසාන පුද්ගලයා මම වැනි හැඟීමක් මට ඇතිවිය .
ඒ මක්නිසාද යත් , සොබාදහමේ මේ අපූර්වත්වය විඳීමට , නැවුම් වාතයෙන් මාගේ පෙනහළු පුරවාගැනීමට , ගතේ සහ සිතෙහි විඩාවන් නිවීමට මේ මනස්කාන්ත කදු පන්ති සහ පරිසරයට හැකියාව ලැබිණි .

 

Lough Tay -Guinness Lake
ලොක් ටෙයි-

මෙය කුඩා නමුත් දර්ශනීය විලකි . මෙය ගිනස් (Guinness Family Trust )පවුල් භාරයේ සාමාජිකයින්ට අයත් මනස්කාන්ත පෞද්ගලික දේපළක් මත පිහිටි විලකි .
මෙම විල Djouce කඳු පන්තිය සහ Luggala කඳු පන්තිය අතර පිහිටි විලකි .

Military Road- හමුදා මාර්ගය

මෙම මිලිටරි මාර්ගය 1978 අයර්ලන්ත කැරැල්ලෙන් පසුව බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඉදි කරන ලදී .
මෙහි මූලික පරමාර්ථය ලෙස ඔවුන්ට අවශ්‍ය වූයේ කඳුකරයෙන් අර ලන්ත කැරළිකරුවන් පලවා හැරීම සඳහා මේ මාර්ගය භාවිතා කිරීමටය .

මෙ අවට ගෙවල් සිමිත වන අතර මෙහි ජීවිත් වන බොහෝ දෙනා තම දෛනික ජීවනෝපාය ලෙස, අර්තාපල් වගාව, එළවළු වගා කිරිම, බැටළුවන් ඇතිකිරිම, ගවයන් ඇතිකිරිම වැනි රැකියාවන් කරයි.

මම දැකපු සුවිශේෂීම වෙනස්කම අයර්ලන්තයේ මිනිස්සුන්ගෙ තියෙන මිත්‍රශීලි සහ ආචරශීලිගතිය. මෙ මිනිසුන් හරිම සරල ගති පැවතුම් සහිත පිරිසක් .

අදට ඇති අපි තව සතියකින් තවත් සුන්දර ස්ථානයන් වෙත යමු.. එතෙක් ගිමන් හරින්න

මම

ඉරූ කොස්ගොඩ – අයර්ලන්තයේ සිට


Leave a Reply

Your email address will not be published. Required fields are marked *