ජනාධිපති තරගයෙන් ට්‍රම්ප් විසි වෙන ලකුණු – තරණය – හසිනි දෙනිපිටිය

මේ දිනවල අමෙරිකානු මුල් පුටුවේ සටන ආරම්භ වී තිබේ. මෙවර ඩිමොක්‍රටීස් පක්ෂය වෙනුවෙන් දෙවන වරටත් ජනපති සටනට පැමිනෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස මෙවර ඉදිරිපත් වනුයේ ජෝ බයිඩන් වේ. අමෙරිකානු ජනාධිපති සටන මෙවර ආකාර කිහිපයකින් විශේෂ වේ.ඒ එහි අපේක්ෂකත්වයන් අතර පවතින සුවිශේෂි බව නිසා මයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ආන්දෝලනාත්මක තීන්දු තීරණ ගනිමින් සිය පාලන කාලය පවත්වා ගෙන යමින් සිටින චරිතයක් ලෙස හදුන්වා දිය හැකියි. ලෝක ප්‍රකට චරිතයක් වුව ද බොහෝ අමෙරිකානු පුරවැසියන්ගේ ප්‍රයතාවයෙන් ගිලිහි ගියේ ඔහුගේ දැඩි ප්‍රතිපත්ති හා තීරණ නිසාමයි.මේ නිසා ම මෙවර ජනාධිපතිවරණය අභියෝගකාරී මෙන්ම තරගකාරී ජනාධිපතිවරණයකි.  මෙවර රිපබ්ලිකන් පක්ෂය සිය දේශපාලන ගමනේ සුවිශේෂ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් තරග බිමට පැමිණී සිටියි. අමෙරිකානු ජනපතින් දෙපළකගේ ආශීර්වාදයත් සමඟ ජෝ බයිඩන් ඉකුත්දා ඩිමොක්‍රටීස් පක්ෂය සමුළුවේ දී ජනපති අපේක්ෂක ලෙස නම් කෙරුණි. ඒ ඩිමොක්‍රටික් නියෝජිතයන් 50 දෙනෙකුගේ හා එක්සත් ජනපදයේ ප්‍රදේශ හතක සාමාන්‍ය පුරවැසියන්ගේ වැඩි කැමැත්ත අනුවයි.

ජෝ බයිඩන් උප ජනාධිපති ධූරය සඳහා කැලිෆෝනියා ප්‍රාන්තයේ සෙනෙට් සභික කමලා හැරිසන් නම් කිරීමත් සමඟ දෙස් විදෙස් කා අතරත් ජෝ බයිඩන් විශේෂ අවධානය දිනා ගත්තා. ඒ කමලා හැරිසන් ආසියානු – අමෙරිකානු සම්භවයක් ඇති එසේම උප ජනාධිපති තනතුරක් සදහා කලු ජාතික කාන්තාවක් නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වන නිසයි. කෙසේනමුත් විචාරක මතය වන්නේ ජෝ බයිඩන්ට ඇය ජනාධිපතිවරණය තුළ ආභරණයක් වන බවයි. එය එසේ බව අදටත් සාක්ෂි දරනුයේ ඇයගේ නාමය ප්‍රකාශයට පත් වීමත් සමඟ අමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳ දෙස් විදෙස් අවධානය යොමුව ඇති නිසාමයි.

ඉන්දීය මෙන්ම ජැමෙයිකානු සම්භවයකට උරුමකම් කියන කමලා හැරිසන් මෙවර ජනාධිපති අපේක්ෂකත්වය සදහා ද තරග වැදීමට නියමිතව තිබුණ ද පසුව සිය සහය ජෝ බයිඩන්හට පල කරන බව ප්‍රකාශ කරමින් ඉන් ඉවත් විය. මීට පෙර උප ජනාධිපති ධූරය සදහා අවස්ථාවන් දෙකක දී කාන්තාවන් ඉදිරිපත් වුවත් එම තනතුර ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් නොවිනි. නමුත් ජන මතයේ හැසිරීම අනුව එරට විචාරක මතය වන්නේ මෙවර එය ජය ගැනීමට කමලා හැරිසන්ට හැකියාවක් ඇති බවයි. එසේම පසුගිය කාලය තුළ අමෙරිකාවේ ඇති වූ වර්ගවාදී
ගැටුම්වලදී කමලා හැරිසන්ගේ හඬ නොමදව ලැබිණි.අත්දැකීමෙන් පරිපූර්ණ වූ ප්‍රබල රිපබ්ලිකන් පක්ෂ විවේචකයකු වන කමලා හැරිසන් මෙවර උප ජනාධිපති ලෙස නම් කිරීම ම ජයග්‍රහණයට හේතුවන කරුණක් බව එරට දේශපාලන විචාරක මතයයි.

කෝවිඩ්-19 වසංගතය පාලනයට මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇති කල ගැටලුකාරී තත්ත්වයෙන් අමෙරිකාව මුදවා ගැනීමට ඇති හැකියාව හා අත්දැකීම් ජෝ බයිඩන් සතු වන බව බිල් ක්ලින්ටන් හා ජිමී කාටර් පවසයි.එසේම ඔවුන් දෙදෙනාගේ සහය ද හිමිව ඇත්තේ ජෝ බයිඩන් හටයි.මේ වනවිට අමෙරිකානු දේශපාලනයේ දිශානතියේ තීරකයා වන ජනතාවගේ මනාපය දෙස බැලුවහොත් ඉන් වැඩි වාසිය ජෝ බයිඩන්හට හිමිව ඇත.ජෝ බයිඩන් සිය ටූව්ටර් ගිණුමේ සදහන් කර තිබුණේ ජනාධිපතිවරණය සදහා ඩිමොක්‍රටීස් පක්ෂයෙන් ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලැබීම සිය ජිවිතයේ හිමි වු ගෞරවයක් බවයි.

එළඹෙන ජනාධිපතිවරණයේ දී අමෙරිකානු මුල් පුටුව කා හට හිමි වේද ? කා හට හිමි වුවද එහි උණුසුම මුළු ලෝකය පුරා ම පැතිර යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *