ලොව සුන්දරම හරිත දේශයේ සිට ලියමි ( අංක 02 ) – ඉරූ කොස්ගොඩ

ඔන්න අද ඉතිං නගරයෙන් පිට යන්න හිතුනේ නෑ. එකම ආකාරයේ තැන්වල යනවාට වඩා මට හිතුනා අද ටිකක් නගරය පැත්තට යන්න ඕන කියල. ඒත් නගරය මැද්දේත් ඇත්තේම කදුකරයෙන් ගෙනෙන සීතල සහිත කාලගුණයක් වගේම ජලයක්.. ලීෆි ගංගාව ඇය මනමාලියක් වගේ .. අයර්ලන්තයේ ප්‍රධාන නගර වන ඩබ්ලින් මැදින් හැඩට ගලනා ඇය ගැන වගේම තවත් ස්ථාන කීපයක් ගැන අද ඔයාල එකක් විස්තර බෙදාගන්නයි මේ සූදානම් .. ඉතිං එන්න මම එක්ක යමු අපි ඩබ්ලින් නගර පුරාම …

River liffey – ලීෆි ගංගාව

මෙම ලීෆි ගංගාව (River Liffey ) ඩබ්ලින් නගරය මැදින් මුහුද දෙසට ගලන ඉතා සුන්දර ගංගාවකි . එය දිගින් 125km ද ද්‍රෝනියේ ප්‍රමාණය (basin size) 1256km (485 sq mi) සමන්විත වේ .

එහි ප්‍රධාන අතු ගංගා ලෙස
Dodder ගඟ , Poddle ගඟ සහ Camac ගඟ ඇතුළු ගංගා සහ ඇළ මාර්ග 12 ක් අයත් වේ .
ඒවා නම් Athdown Brook, Shankill River, Ballylow Brook, Brittas River, Woodend Brook සහ Lemonstown Stream, Kilcullen Stream සහ Pinkeen Stream යන ඇළ මාර්ගයන්ය .
තවද Ballymore Eustace, Athgarvan, Kilcullen , Newbridge, Carragh, Clane, Ceelbridge, Lexip සහ Lucan යන නගර පසු කරමින් මෙම ගංගාව ඩබ්ලින් නගරය වෙත ළඟා වෙයි .

මෙම ගංගාව සියවස් ගණනාවක් තිස්සේ වෙළඳාම සඳහා වයිකිං (viking )ආරම්භයේ සිටම මෑත කාලය දක්වා භාවිතා කරන ලදී .

එය ග්‍රෑන්ඩ් ඇළ ( Grand canal) සහ රාජකීය ඇළ(Royal canal) හරහා ෂැනන් ගංගාව (River Shannon )හා සම්බන්ධ වේ . ඉන්පසුව ඩබ්ලින් බොක්ක හරහා අයිරිෂ් මුහුදට එකතු වේ .

River Liffey – ලීෆි ගඟ

දෙවනුව ඩබ්ලින් නගරයේ බොහොම ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් වන Trinity college Dublin ත්‍රිත්ව විශ්වවිද්‍යාලය ගැන කෙටි සඳහන් කිරීමක් කරන්න කැමතියි .

Trinity College Dublin-
ත්‍රිත්ව විශ්වවිද්‍යාලය

මෙය 1592 දී එලිසබත් රැජින විසින් මෙම විද්‍යාලය ආරම්භ කරන ලදී .  මෙය එලිසබෙත් රැජිනගේ ශුද්ධවූ හා නොබෙදුනු ත්‍රිත්වයේ විද්යාලය ලෙස හැඳින්වෙනවා. ඩබ්ලින් නගරයේ මැද කොළෙජ් ග්‍රීන් ( college green ) අතර පිහිටා තිබෙන අතර ඊට ඉදිරි පසින් ඓතිහාසික පාර්ලිමේන්තු නිවාසය පිහිටා ඇත (Irish Houses of Parliament ) වර්තමානයේ එය අයිරිෂ් බැංකුව ලෙස හඳුන්වනු ලැබේ .

ශාස්ත්‍රීය වශයෙන් මෙහි ඩිප්ලෝමා , උපාධි හා පශ්චාත් උපාධි (Diploma , Degree under graduate and post graduate ) අධ්‍යාපනයක් ලබා දෙන විශ්ව විද්‍යාල පීඨයන් 3න් සමන්විත වේ . ලොව නන් දෙසින් පැමිණෙන සිසුන් මෙහි අධ්‍යාපනය ලබනු ලැබේ .

ශ්‍රී ලාංකිකයන් වශයෙන්  සතුටට සහ නිහතමානි  ආඩම්බරයට කරුන නම් , බොහෝ ශ්‍රී ලාංකික සිසුන් මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සහ කථිකාචාර්යවරැ ලෙස තම දක්ෂතා දැක්වීමයි .
උදාහරණයක් ලෙස
Dr. Ranadewa Jayasekara
Dr. Jude Lal Fernando

Trinity college Dublin

ඉන්පසුව තවත් බොහෝම සංචාරක ආකර්ශනයට ලක් වුන 2002 වසරේදී සාදනු ලැබූ ස්මාරකයක් වන ස්පයර් ( The Spire of Dublin) ගැන කෙටි සටහනක් තියන්නම් .

The Spire of Dublin- ස්පයර්

මෙය ආලෝකයෙහි ස්මාරකය (monument of Light) ලෙස හඳුන්වනු ලබනවා . උඩුගුවනේ ඉඳන් බලන විට එය තුඩක් ලෙස දිස් වෙනවා . මෙම ස්මාරකය මළ නොබැඳෙන වානේ (stainless steel ) වලින් නිපදවා තිබෙන අතර එය මීටර 120(අඩි 390)උස වේ.
මෙය නගරයේ හරි මැදට වෙන්නට O’Connell Street (ඔකොනල් street ) හි පිහිටා ඇත . මෙය Ian Ritchie Architects නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලදී .

The Spire Dublin

ඊළඟට මම අයර්ලන්තයේ පාර්ලිමේන්තු නිවස ලෙස භාවිතා කරන ලද වර්තමානයේ අයර්ලන්ත බැංකුව (Bank of Ireland ) ලෙස හඳුන්වන මන්දිරය හඳුන්වාදෙන්න කැමතියි .

Bank of Ireland

(College green) කොලෙජ් ග්‍රීන් හි උතුරු පැත්තේ ඩබ්ලින් නගර මධ්‍යයේ පිහිටි මෙම අපූරු මන්දිරය මින් පෙර අයර්ලන්ත පාර්ලිමේන්තු නිවෙස වු අතර එය trinity college dublin ඉදිරි පසින් පිහිටා ඇත . මෙය අයර්ලන්ත ඉතිහාසයේ වඩා වැදගත් සංගම් (Noblest associations in Irish History ) කිහිපයක් සිහිපත් කරයි .

මේ ලෝකයේ පළමුව ඉදිකරන ලද ද්විපාර්ශ්වික පාර්ලිමේන්තු නිවසයි . තවද සෑම රටකම වගේ මේ ගොඩනැගිලි බිත්ති අතරත් ව්‍යවස්ථා , අන්තර් භාෂා සටන් , දේශප්‍රේමයේ හා අසතුටුදායක ක්‍රියාවන් ගැන විවිධ අතීත කතා තිබෙනවා .

මෙම ගොඩනැගිල්ල අර්ධ වෘත්තාකාර (semi-circular )හැඩයකින් යුක්ත වේ . මෙහි සුවිශේෂී ලක්ෂණය වන්නේ මන්දිරයෙහි කිසිදු කවුළුවක් ,ජනේල නොමැතිවීමත් ,ඒ වෙනුවට විශාල සිමෙන්ති කවුළු සහ ආරුක්කු වලින් මුළු මන්දිරය ම වට කර තිබීමයි .

එයට හේතුව ලෙස බ්‍රිතාන්‍ය පාලන සමයේදී පනවන ලද බදු ක්‍රම වලට යටත්ව ජනේල බදු නැමැති බද්දක් හේතුවෙන් මෙම ගොඩනැගිල්ල ජනෙල් කවුළු නොමැතිව නිර්මාණය කරන ලදැයි පැරණි මතවාදයක් මට දැනගන්නට ලැබිණි .

Bank of Ireland parliament House of Ireland )

ඉන්පසුව වඩාත් සිත්ගන්නා සුළු අලංකාර පාදික පාලමක් වන Ha’penny bridge ගැන කෙටි සටහනක් තබන්නම් .

Ha’penny Bridge ( හා පෙනි පදික පාලම )

එය ලීෆි (Liffey bridge) පාලම සහ වෙලින්ටන් පාලම (wellington bridge) ලෙසද හැඳින්වේ .
මෙය ලීෆි ගඟ හරහා ගමන් කිරීමට සාදන ලද පදික පාලමකි .(pedestrian bridge ). එය 1816දී සාදන ලද අතර John Windsor නම් ශිල්පියා විසින් නිර්මාණය කරන ලදී .
මෙහි ආරුක්කු (Arch) වාත්තු යකඩ (cast Iron) වලින් සාදා ඇති අතර සිමෙන්ති සහ ලී වලින් තට්ටුව සාදා ඇත . ( wood- deck, cement – deck)

Ha’penny bridge

අවසාන වශයෙන් ජෝර්ජ් බර්නාඩ් ෂෝ නම් නාට්‍ය හා කාව්‍ය රචනා කතුවරයෙකුගේ උපන් නිවස පිළිබඳව කෙටි සටහනක් තබන්නම් .

George Bernard Show Birth Place Museum –
ජෝර්ජ් බර්නාඩ් ෂෝ උපන් නිවස

බොහෝ නාට්‍ය කාව්‍ය රචනා කතුවරයෙකු වූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ මහතා 1856 ජූලි මස 26 දින පොටබෙලෝ(portebello, Dublin ) හිදී උපත ලබන ලදී .

ඔහු විසින් 60 කට අධික නාට්‍යය රචනා කරන ලදී . දැනට මේ නිවස කෞතුකාගාරයක් ලෙස හා ජන ප්‍රදර්ශනය සඳහා තබා තිබේ . මොහු 1950 නොවැම්බර් මස 2 දින ජීවිතක්ෂයට පත්විය .

සතුටට කාරණාව නම් මගෙ නිවස මෙවන් ලෝකප්‍රකට සාහිත්‍යධරයකු උපන් ස්ථානයට ඉතා ආසන්නව පිහිටා තිබිමයි.

George Bernard Show Birth place Museum

තවත් මෙවැනි සුන්දර ස්ථාන සහ සුවිශේෂී තොරතුරු සමග හමුවන තෙක් අදට සමුගන්නම් .

මම 

ඉරූ කොස්ගොඩ – අයර්ලන්තයේ සිට

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *