ගිනි ගත් නැවේ තෙල් මුහුදට මුසු වුනොත් ලොකු විනාශයක්

අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. “MT නිව් ඩයමන්ඩ්” නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ.

මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා යමින් සිට ඇත.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්රදේශය වෙත යවා ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
පීඩාවට පත් තෙල් ටැංකිය නිරීක්ෂණය කිරීම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාව විශේෂ ගුවන් යානයක් ද යොදවා තිබේ.

ගින්න හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා ඇති බව ශ්රී ලංකා නාවික හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *