ප්‍රේමණීය ඩ්‍රැකියුලාගේ කවි  -හෝමර්ගේ අඩවිය – ආශිර්දනි භාග්‍යා

දක්ෂ කවියා වරින් වර තම කලාව වෙනස් කරමින් වැඩ දමා එය නැවුම් කරයි. ඔහු ස්වභාවයෙන්ම හිතෙන දකින දේ ලියයි. කවියෙන් අමතා රසිකයාට කතා කියමින් ඔහුට රස විදින්නට සිතට යමක් විසි කරයි. හද කම්පනය කරයි.අතීතයේ කවියා සහ කවිය මෙතරම් ජනප්‍රිය වුයේ ද හුදෙක් වින්දන මාධ්‍යක් ලෙස සිනමාවක්, ටෙලියක්, හෝ මුද්‍රිත යමක් ඇසට අසු නොවූ මායිමේ තනියම කරක් ගැසු නිසාමයි. එහෙත් පසුකාලීනව කවිය මාධ්‍යයට හසු වුයේ ද මාධ්‍යයයේ වින්දනීය වෘතාන්ත හැදී වැඩුනේ ද ඇතැම්විට ඒ කවි ප්‍රස්තුත ඇසුරේමය. මෙසේ කවියේ ආකෘතිය, හැඩය, තාලය, රිද්මය, රටාව ශෛලිය විවිධාංගිකරණය වන්නේ රසිකයා ඊට ඇද බැඳ ගැනීමටයි. Gothic කවිය එවැන්නකට තවත් නිදසුන් වූවකි.

බොහෝ කවි වර්ග අතරේ “gothic ” කවි පිළිබඳ අසා නැති බොහෝ අය වෙති. ඒ නිසාම මේ ලිපියෙන් “gothic” කවි ගැන ඇසිල්ලක් තබමි.
18 වන ශත වර්ෂය අවසානයේ සිට එංගලන්තය හා යුරෝපාකරයේ ජනයා විසින් “gothic “යැයි නම් පට බැදී කලාවක් හැදී වැඩිණි. ඒ අනුව වැඩී ගිය ජනප්‍රිය ආකෘතිය නිසා රචකයින් ද ලියන්නන් ද මේ ගොතික් කලාව අතට ගෙන සිය කෘති නිර්මාණය කරන්නට පෙළඹිණි.
ප්‍රබන්ධ ලිවීම, නාට්‍ය නිර්මාණය පමණක් නොව කවියන්ද සිය කවි සඳහා “ගොතික්” ආරේ ප්‍රස්තුත ඇතුලත් කළ නිසා කවියට ද “ගොතික් කලාව” එක් විය.

“Gothic” ආරේ දී එහි කතා ප්‍රස්තුතය (plot ) සහමුලින්ම මරණය, ත්‍රාසය, භීතිය , ප්‍රේමය, අැතුලත් අභිරහස් කතාවක්ම විය. එහි සැකය, කුතුහලය මොනවට පිරි තිබේ. කතාවේ පුධාන චරිත සැම විටම යොවුන්වියේ පසුවන්නන්ම වූ අතර අනාථ ළමයින්, තරැණියන් , පිරිමි ළමයින් නිදසුන් ලෙස ගත හැකිය. මොවුන් ඉතා රෞද්‍ර අති භයානක අනතුරැ වලට මුහුණ පාන අතර ඒවා නිර්මාණය කරන්නේ බියකරැ මායාකාරි මහළු මිනිසුන් හා ගැහැණුන් විසිනි.

Gothic කවියේ අවසන තෙක් කුමකින් කුමක් වේවිදැයි රසිකයාට සිතා ගැනීමට ඉඩක් නොමැත. මෙහි වීරයා හෝ වීරවරිය වන්නේ යව්වනයන්ය. ඇතැම් කතා පලි ගැනීම, හොද චරිතව සිට පසුව යක්ෂයින් බවට පත්වීම වැනි අවස්තා වලින් යුක්තය.
මේ චරිතවල ක්‍රියාකාරකම් සඳහා රචකයා උදව්වට ගන්නේ, අධි මානසික බලය( super naturel powers) අතුරැදන් වීම් ( disappearances) මිනි මැරැම් ආදිය ඔස්සේ මවන ත්‍රාසයයි. නපුරැ හා කලු චරිත ජය ගන්නා හැටි දක්වන නිසා මේවායේ කලු චරිත බොහෝමයකි. රසික හදවතට මේ බිය දැනවීමට යොදාගන්නා වදන් සහ රෑප පෙළ අනිවාර්යෙන් බිය උලුප්පා දක්වන දෑ ඇතුලත්ය. අදුරැ මූසල මාළිගා, පෙරලෙන ගල්, නටබුන්, කදු මුදුන් වල හෝ වනාන්තර වල ඇති අති ගරා වැටුනු මන්දිර , අකණු ගසන කලු වලා අහස , ලේ, සහ විලම්බීත රෑප කාය ⁣gothic කලාවේ හමුවෙන සිතුවිලි දනවන සංඛේත හා ප්‍රතිරෑපයන්ය.

The Mysteries of Udolpho, The Castle of Otranto, Dracula එවැනි කතා වස්තුන්ය. ගොතික් කවියා නිතරම ඉහත දැක්වූ දැනීම් රසිකයාට විදින්නට සැලැස්වූයේ පද අනුසාරයෙනි. පහත කවිය ගොතික් කවියට මනා නිදසුනකි රේමන්ඩ් විල්සන් කවියාගේ “In a Far land ” කවියෙන් උපුටා ගැනුන පහත කවිය. එසේම ” The Haunted Palace” by Edgar Allan Poe, The Sick Rose by William Blake, The Cold Earth slept below by Bysshe Shelley ජනප්‍රිය gothi ශෛලියේ කවිය. මෙවැනි බොහෝ කවි අපට හමුවන අතර නුතන මාධ්‍යයේ පැරණි gothic සම්පුදාය සහ එහි ත්‍රාස ජනක මැවුම් වන අධි මානසික ක්‍රියා, අතුරැදන් වීම්, ඉන්ද්‍රජාල ක්‍රියා ආදිය නවීන පරිගණක තාක්ෂණය ඔස්සේ ඉතා සාර්ථක ලෙස නිර්මාණය කර ඇති අපූරැව බොහෝ සිනමා සහ ටෙලි වෘතාන්ත ඇසුරේ අපට හමුවේ.

In A Far Land
by Raymond Wilson

In a far land
Black mountain broods:
Beneath the black mountain
Stretch the green woods.

Among the green woods
A white castle soar:
In the white castle
Are dark corridors.

The corridors lead
To a black ,shut door.
Behind it a Prince
Sprawls dead on the floor…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *